Last Update  :  2024-04-24 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පවෙල් - පූරන් කොදෙව්වෝ දිනවති
එංගලන්ත - කොදෙව් තෙවැනි වි20 තරගය

පවෙල් - පූරන් කොදෙව්වෝ දිනවති

editorial - 2022 ජන මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රොව්මන් පවෙල්ගේ (107) සහ නිකලස් පූරන්ගේ (70) විශිෂ්ට පිතිහරඹය හමුවේ එංගලන්තයට එරෙහිව බාර්බඩෝස්හිදී ඊයේ (26 වැනිදා) පැවැති තෙවැනි විස්සයි20 තරගය ලකුණු 20 කින් ජයගැනීමට බටහිර ඉන්දීය කොදෙව් පිල සමත්විය. ඒ අනුව තරග 5 කින් සමන්විත විස්සයි20 තරගාවලිය 2-1 ක් ලෙස පෙරමුණ ගැනීමටද කොදෙව් පිලට හැකිවිය.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 225 ක ඉලක්කයක් හඹාගිය එංගලන්ත පිලට ඕවර 20 අවසානයේ කඩුලූ 9 ක් දැවී රැස්කිරිමට හැකිවූයේ ලකුණු 204 ක් පමණි.

ටොම් බැන්ටන් සහ ෆිල් සෝල්ට් වේගවත් පිතිහරඹවල නිරත වෙමින් එංගලන්ත කණ්ඩායම ජයග‍්‍රහණය කරා රැගෙන ගත් උත්සහය කැපී පෙනුණි.

ටොම් බැන්ටන් පන්දු 39 කදී හයේ පහර 6 ක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 73 ක් ලබාගත්තේය. ෆිල් සෝල්ට් පන්දු 24 කදි හයේ පහර 5 ක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 57 ක් ලබාගත්තේය.

රොමාරියෝ ශෙෆර්ඞ් කඩුලූ 3 ක් ද, කරන් පොලාඞ් කඩුලූ 2 ක් ද, ශෙල්ඩන් කොට්ට‍්‍රල්, ජේසන් හෝල්ඩර් සහ අකීල් හුසේන් කඩුල්ල බැගින්ද දවාගනිමින් කොදෙව් පිලේ ජය තහවුරු කිරීමට සමත්වූහ.

කාසියේ වාසිය දිනූ එංගලන්ත නායකයා පළමුව පන්දුවට පහරදීම සදහා බටහිර ඉන්දීය කොදෙව් පිලට ආරාධනා කළ අතර  ඕවර 20 අවසානයේ කඩුලූ 5 ක් දැවි ලකුණු 224 ක් රැස්කිරීමට ඔව්හු සමත්වූහ.

විශිෂ්ට පිතිහරඹයක නිරත වෙමින් පන්දු 53 කදී හයේ පහර 10 ක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 107 ක් රැස්කළ රොව්මන් පවෙල් සිය මංගල විස්සයි20 ශතකය ලබාගැනීමට සමත්විය. පවෙල්ට අනගි සහයක් ලබාදුන් නිකලස් පූරන්ද වේගවත් පිතිහරඹයක නිරත වෙමින් පන්දු 43 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 70 ක් ලබාගත්තේය.

රොව්මන් පවෙල් සහ නිකලස් පූරන් එක්ව තෙවැනි කඩුල්ල සදහා පන්දු 66 කදි ලකුණු 122 ක සම්බන්ධතාවක් ගොඩනගමින් කොදෙව් ඉනිම ශක්තිමත් කළහ.

රොව්මන් පවෙල් තරගයේ වීරයාට හිමි සම්මානය දිනාගත්තේය.

බටහිර ඉන්දීය කොදෙව් -  ඕවර 20 කදි කඩුලූ 5 ක් දැවී 224
(නිකලස් පූරන් 70, රොව්මන් පවෙල් 107)

එංගලන්තය -  ඕවර 20 කදී කඩුලූ 9 ක් දැවී 204
(ටොම් බැන්ටන් 73, ෆිල් සෝල්ට් 57, රොමාරියෝ ශෙෆර්ඞ් 59/3, කරන් පොලාඞ් 31/2)


අදහස් (0)

පවෙල් - පූරන් කොදෙව්වෝ දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.