Last Update  :  2024-04-27 10:51:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පන්දු යවන්නෝ ගාල්ලට ජය ගෙනෙති
ජාතික සුපිරි ලීගය - 2024

පන්දු යවන්නෝ ගාල්ලට ජය ගෙනෙති

editorial - 2024 මාර් මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ජාතික සුපිරි ලීග එක්දින තරගාවලියේ කොළඹ කණ්ඩායම සහ ගාල්ල කණ්ඩායම අතර ඊයේ (6 වැනිදා) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් ලකුණු 14 ක ජයක් වාර්තා කිරීමට ගාල්ල කණ්ඩායම සමත් විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 189 ක ඉලක්කයක් හඹාගිය කොළඹ කණ්ඩායම ඕවර 18.4 ක් අවසානයේ ලකුණු 174 කට සීමා කිරීමට ගාල්ල පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී දක්ෂ පන්දු යැවීම්හි නිරත වූ දුනිත් වෙල්ලාලගේ සහ කවිෂ්ක අංජුල කඩුලු 3 බැගින් දවාගත් අතර නිමේෂ් විමුක්ති ලකුණු 33 කට කඩුලු 2 ක් බිඳහෙළුවේය.  

කොළඹ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ නුවනිඳු ප්‍රනාන්දු පන්දු 17 කින් වේගවත් ලකුණු 34 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමගිනි. ආරම්භක පිතිකරු ෂෙවෝන් ඩැනියෙල් පන්දු 25 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 32 ක්ද, නිසල තාරක පන්දු 21 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 32 ක්ද රැස්කළහ.  

පළමුවෙන් පන්දුවට පහරදුන් ගාල්ල කණ්ඩායම ඕවර 38.3 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 188 ක් ලබාගත් අතර ෂෙහාන් ප්‍රනාන්දු (71) සහ ධනංජය ලක්ෂාන් (60) අර්ධ ශතක ලබාගනිමින් ගාල්ල ඉනිම සවිමත් කළහ. පන්දු 95 කට මුහුණදුන් ෂෙහාන් හතරේ පහර 11 කින් සිය ඉනිම සැරසූ අතර පන්දු 61 කදී වාර්තා වූ ධනංජයගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ 4 කින් සමන්විත විය. 

විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ ප්‍රභාත් ජයසූරිය ඕවර 6.3 ක් යවමින් ලකුණු 18 කට කඩුලු 5 ක් දවාගත් අතර ගාල්ල පිතිකරුවන් පීඩනයට පත්කිරීම සඳහා ඔහුට අනගි සහායක් දුන් තරිඳු රත්නායක ලකුණු 52 කට කඩුලු 3 ක් බිඳහෙළීය. 

ගාල්ල පිල - ඕවර 38.3 කදී සියලු දෙනා දැවී 188 
(මොහොමඩ් ශමාස් 16, ෂෙහාන් ප්‍රනාන්දු 71, ධනංජය ලක්ෂාන් 60, ප්‍රභාත් ජයසූරිය 18/5, තරිඳු රත්නායක 52/3) 

කොළඹ පිල - ඕවර 18.4 කදී සියලු දෙනා දැවී 174 
(චමිඳු වික්‍රමසිංහ 18, ෂෙවෝන් ඩැනියෙල් 32, නුවනිඳු ප්‍රනාන්දු 34, නිසල තාරක නොදැවී 32, දුනිත් වෙල්ලාලගේ 40/3, කවිෂ්ක අංජුල 44/3, නිමේෂ් විමුක්ති 33/2) 

 


අදහස් (0)

පන්දු යවන්නෝ ගාල්ලට ජය ගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.