Last Update  :  2025-07-28 15:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පන්දු යවන්නෝ ඉන්දියාවට ජය ගෙනෙති
සෙන්චූරියන් ටෙස්ට් තරගය

පන්දු යවන්නෝ ඉන්දියාවට ජය ගෙනෙති

editorial - 2021 දෙසැ මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වේගපන්දු යවන්නන්ගේ දස්කම් හමුවේ දකුණු අප්‍රිකාවට එරෙහිව සෙන්චූරියන්හිදි පැවැති පළමු ටෙස්ට් තරගය ලකුණු 113 කින් ජයග්‍රහණය කිරීමට ඉන්දීය කණ්ඩායම අද (30 වැනිදා) සමත්විය. ඒ අනුව තරග 3 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමටද ඉන්දිය කණ්ඩායමට හැකිවිය.

ජයග්‍රහණය සඳහා ලකුණු 305 ක ඉලක්කයක් හඹාගිය දකුණු අප්‍රිකානු කණ්ඩායමට සිය දෙවැනි ඉනිම සඳහා සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 191 ක් පමණි.

නායකයා මෙන්ම ආරම්භක පිතිකරුවා වූ ඩීන් එල්ගා හුදකලා සටනක නිරත වෙමින් ලකුණු 77 ක් ලබාගැනීමට සමත්වුවද සෙසු පිතිකරුවන්ගේ සහය නොලැබීමෙන් තරගයේ පරාජය වැළඳ ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායමට සිදුවිය.

එක් අන්තයක් ආරක්ෂා කරගනිමින් කඩුල්ලේ රැඳී සිටීමට පසුපෙළ පිතිකරුවන්ට නොහැකි වීම හේතුවෙන් ලකුණු 35 ක් ලබාගත් ටෙම්බා බවුමාට ඉනිම අවසන් වනතෙක් නොදැවී කඩුල්ලේ රැඳී සිටිමට සිදුවිය.

ජස්ප්‍රීට් බුම්රා සහ මොහොමඩ් ශාමී කඩුලු 3 බැගින්ද, රවිචන්ද්‍රන් අශ්වින් සහ මොහොමඩ් සිරාජ් කඩුලු 2 බැගින්ද දවාගනිමින් ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්වූහ.

සිව්වැනි දිනය වූ ඊයේ (29 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 4 කට ලකුණු 94 ක් රැස්කරගෙන සිටි දකුණු අප්‍රිකානුවන්ට අද දිනයේදී ඉතිරිකඩුලු 6 අහිමිකර ගනිමින් රැස්කිරිමට හැකිවූයේ තවත් ලකුණු 97 ක් පමණි.

තරගයේ වීරයාට හිමි සම්මානය ලෝකේෂ් රාහුල් දිනා ගැනීමට සමත්විය.

ඉන්දිය පළමු ඉනිම - සියලුදෙනා දැවී 327

දකුණු අප්‍රිකා පළමු ඉනිම - සියලුදෙනා දැවී 197

ඉන්දිය දෙවැනි ඉනිම - සියලුදෙනා දැවී 174

(ලෝකේෂ් රාහුල් 23, අජින්ක්‍යා රහනේ 20, රිෂාබ් පාන්ට් 34, කගිසෝ රබාඩා 42/4, මාර්කෝ ජැන්සන් 55/4, ලුන්ගි න්ගිඩි 31/2)

දකුණු අප්‍රිකා දෙවැනි ඉනිම - සියලුදෙනා දැවී 191

(ඩීන් එල්ගා 77, ටෙම්බා බවුමා නොදැවී 35, කුයින්ටන් ඩි‘කොක් 21, ජස්ප්‍රීට් බුම්රා 50/3, මොහොමඩ් ශාමී 63/3, රවිචන්ද්‍රන් අශ්වින් 18/2, මොහොමඩ් සිරාජ් 47/2)


අදහස් (0)

පන්දු යවන්නෝ ඉන්දියාවට ජය ගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.