Last Update  :  2024-05-06 19:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පන්දු යවන්නෝ ඉන්දියාව අමාරුවේ දමති

පන්දු යවන්නෝ ඉන්දියාව අමාරුවේ දමති

සංජය එරමුදුගොඩ - 2018 ජන මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු අප්‍රිකාව සහ ඉන්දියාව අතර කේප්ටවුන්හි නිවුලැන්ඞ් ක්‍රීඩාංගණයේදී අද (5 වැනිදා) ආරම්භවූ පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි ඉන්දියාව ලකුණු 28 කට කඩුලු 3 ක් අහිමිකරගෙන සිටියේය. පළමු දිනය සඳහා තරගය නතර කරන විට චිතේෂ්වර් පුජාරා ලකුණු 5 ක් රැස්කර සිටි අතර රෝහිත් ශර්මාට ලකුණු ලබාගැනීමට අවස්ථාවක් උදානොවීය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාවට සියලුදෙනා දැවී පළමු ඉනිම සදහා රැස්කිරීමට හැකිවූයේ ලකුණු 286 ක් පමණි. පළමු කඩුලු තුන ලකුණු 12 ක් තුළ දවාගනිමින් දකුණු අප්‍රිකානු පිතිකරුවන්ට පීඩනයක් ඇති කිරීමට සමත්වුවද නැවත කඩා වැටුණු ඉනිම ගොඩනැගීමට ඒ.බී. ඩිවිලියර්ස් සහ ෆෆ් ඩුප්ලෙසීස් සමත්වූහ.

ඒ.බී. ඩිවිලියර්ස් සහ ෆෆ් ඩුප්ලෙසීස් සිවුවැනි කඩුල්ල සදහා ලකුණු 114 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ අතර ලකුණු 65 ක් රැස්කර සිටි ඩිවිලියර්ස් දැවී යාමත් සමගින් එම සම්බන්ධතාවයට තිත තැබුණි. පන්දු 84 කදී වාර්තාවූ ඩිවිලියර්ස්ගේ ඉනිමට හතරේ පහර 11 ක් ඇතුළත්විය. පන්දු 104 කදී ලකුණු 64 ක් රැස්කර සිටි ෆෆ් ඩුප්ලෙසීස් දැවීයන විට ඔහුගේ ඉනිම හතරේ පහර 12 කින් අලංකාර විය.

පසුපෙළ පිතිකරුවන් තමන්ට හැකි උපරිමයෙන් දායකත්වය ලබාදීම හේතුවෙන් ඉන්දිය කණ්ඩායමට තරගයක් දියහැකි ලකුණු සංඛ්‍යාවක් කරා යෑමට දකුණු අප්‍රිකානුවන්ට අවස්ථාව හිමිවූහ.

දකුණු අප්‍රිකානු පිතිකරුවන්ට තර්ජනයක්වූ බුවනේෂ්වර් කුමාර් ලකුණු 87 කට දකුණු අප්‍රිකානු පිතිකරුවෝ සිවුදෙනෙකු ක්‍රීඩාගාරය වෙත යැවීමට හැකිවිය.


දකුණු අප්‍රිකාව - පළමු ඉනිම - ඕවර 73.1 කදී සියලුදෙනා දැවී ලකුණු 286
(ඒ.බී. ඩිවිලියර්ස් 65, ෆෆ් ඩුප්ලෙසීස් 62, කුයින්ටන් ඩිකොක් 43, වර්නන් ෆිලැන්ඩර් 23, කේෂව් මහරාජ් 35, කගීසෝ රබාඩා 26, බුවනේෂ්වර් කුමාර් 87/4, රවිචන්ද්‍රන් අශ්වින් 21/2)

ඉන්දියාව - පළමු ඉනිම - ඕවර 11 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 28

 


අදහස් (0)

පන්දු යවන්නෝ ඉන්දියාව අමාරුවේ දමති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.