Last Update  :  2025-06-27 19:13:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පදක්කම් බලාපොරොත්තු 5 ක් අද තරග බිමේ
ආසියානු 22 න් පහළ සහ යොවුන් බොක්සිං

පදක්කම් බලාපොරොත්තු 5 ක් අද තරග බිමේ

editorial - 2025 මැයි මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ජාත්‍යන්තර බොක්සිං සංගමයේ සහ ආසියානු බොක්සිං සම්මේලනයේ සහයෝගය ඇතිව ශ්‍රී ලංකා බොක්සිං සංගමය සංවිධානය කරන ආසියානු වයස 22 න් පහළ සහ යොවුන් බොක්සිං තරගාවලියේ නමවැනි දිනය වන හෙට (21 වැනිදා) ශ්‍රී ලංකා කණ්ඩායම් නායකයාද සමග තවත් ක්‍රීඩකයන් සිවුදෙනෙක් පදක්කම් සොයා තරග බිමට පිවිසීමට නියමිතය. 

හෙට දිනයේදී වයස 22 න් පහළ කාණ්ඩයේ අවසන් පූර්ව තරග 19 ක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ. මූලික වටයේදී නිතරග ජයක් ලබා කිලෝ ග්‍රෑම් 48 බර පංතියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා සිටින එම්.ඒ. දසුන්ප්‍රිය, හෙට දිනයේදී උස්බැකිස්ථානයේ බෙහෙරුස් හොල්ඩරොව්ට එරෙහිව තරග වදිනු ඇත. 

වයස 22 න් පහළ කාණ්ඩයේ මූලික වටයේ තරගවලදී ජය ලබා අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ  උමයංග මිහිරාන් (කි.ග්‍රෑ. 51 බර පංතිය), අෂේන් ෂෙහාර (කි.ග්‍රෑ. 54 බර පංතිය), දේෂාන් ජයසුන්දර (කි.ග්‍රෑ. 60 බර පංතිය) සහ මොහොමඩ් උසෙයිත් (කි.ග්‍රෑ. 75 බර පංතිය) හෙට තරග වදින සෙසු ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ වෙති. 

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම් නායක උමයංගට එරෙහිව තජිකිස්ථානයේ මෙරොජ් සුෆිජොනොව්ද, අෂේන්ට එරෙහිව පාකිස්තානයේ උමාර් රාසා ඛාන්ටද, දේෂාන්ට එරෙහිව කසකස්ථානයේ නුරිස්ලම් කල්ඩිබයෙව්ද, උසෙයිත්ට එරෙහිව කිරිගිස්ථානයේ ඩැනියෙල් අබ්ඩ්‍රක්මනොව්ද තරග වැදීමට නියමිතය. 

එම තරගවලදී ජය ලැබීමට සමත් වුවහොත් ඔවුන්ට තමන් නියෝජනය කරන බර පංතිවල අවසන් මහ තරගවලට සුදුසුකම් ලබමින් රන් හෝ රිදී පදක්කම් කරා යෑමට අවස්ථාව උදාවනු ඇත. කෙසේ වුවත් එහිදී පරාජයට පත්වුවහොත් ඔවුන්ටද සෙසු ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙන්ම ලෝකඩ පදක්කම් වලින් සෑහීමකට පත්වීමට සිදුවනු ඇත. 


අදහස් (0)

පදක්කම් බලාපොරොත්තු 5 ක් අද තරග බිමේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.