Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මහීෂ් තීක්‍ෂණ, දුෂ්මන්ත චමීර සහ වනිඳු හසරංග තිදෙනාම එක්ව ඇතිකළ පීඩනය හමුවේ නොසැලී තම කඩුලු රැකගත් හුසේන් තලාත් (නොදැවී 32) සහ මොහොමඩ් නවාස් (නොදැවී 38) දෙදෙනා අද (23 වැනිදා) පැවැති ආසියානු කුසලාන (සුපිරි 4 දෙනාගේ වටයේ) තරගයේදී කඩුලු 5 ක ජයක් කරා පාකිස්තානු පිල කැඳවාගෙන ගියහ. ජයග්‍රහණය කරා යාමට තිබුණේ ලකුණු 134 ක් වැනි පහසු ඉලක්කයක් වූවත් මහීෂ් තීක්‍ෂණ, දුෂ්මන්ත චමීර සහ වනිඳු හසරංග තිදෙනා හමුවේ පාකිස්තානු කඩුලු 5 ක් ලකුණු 80 කට බිඳ වැටිණ. එහෙත් 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 58 ක අඛණ්ඩ සම්බන්ධතාවක් ගොඩනැංවූ හුසේන් තලාත් සහ මොහොමඩ් නවාස් පාකිස්තානු පිල ජයග්‍රහණය කරා ගෙන ගියහ.
මෙම පරාජයත් සමගින් ශ්‍රී ලංකා පිල සුපිරි 4 දෙනාගේ වටයේ ප්‍රසාද ලකුණු පුවරුවේ පතුළටම ඇද වැටුණු අතර අවසන් තරගයේ එළපත්තෙන් ද ඉවතට විසිවිය.
ලකුණු 134 ක ඉලක්කයක් කරා යාමේදී පාකිස්තානු කණ්ඩායම කිසිවකු නොදැවී ලකුණු 45 ක් ලබා සිටි නමුත් පන්දු 8 ක් ඇතුළත කඩුලු 3 ක් බිඳ වැටීම නිසා පාකිස්තානු ලකුණු පුවරුව කඩුලු 3 ට 50 ක් ලෙසින් වෙනස් විය. ඒ සමගින්ම වාගේ වනිඳු හසරංග සහ දුෂ්මන්ත චමීර තවත් කඩුලු 2 ක් දවාගත් හෙයින් ලකුණු 80 කට 5 වැනි කඩුල්ලත් බිඳ වැටිණ.
මෙම අවස්ථාවේදී තරගය තරමක් දුරට ශ්‍රී ලංකා පිල වෙත නැඹුරු වී තිබුණ නමුත් පන්දු 41 කින් ලකුණු 58 ක් එක්කළ හුසේන් තලාත් සහ මොහොමඩ් නවාස් තරගයේ වාසිය අනෙක් පැත්තට හැරවූහ.
කමිඳු මෙන්ඩිස්ගේ බලවත් උත්සාහය නිසාම ලකුණු 100 කඩඉම පසුකර ගිය ශ්‍රී ලංකා පිතිකරුවෝ ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 133 ක් ලබාගත්හ. කඩුලු 5 ක් ලකුණු 58 කට දැවී ගිය නමුත් මොහොතින් මොහොත වැඩිවන පීඩනය හමුවේ පන්දු 44 කින් ලකුණු 50 ක් ලබාගත් කමිඳු මෙන්ඩිස්ගේ ඉනිම අලංකාර හයේ පහර 2 කින් සහ හතරේ පහර 3 කින් සමන්විත විය.
ශහීන් ෂා අෆ්රීඩිගේ පන්දුවකින් දැවී යන විට කමිඳු මෙන්ඩිස් සහ චාමික කරුණාරත්න දෙදෙනා අතර 7 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 39 කදී පැවැති සම්බන්ධතාව ලකුණු 43 කි. බොහෝ අවස්ථාවලදී වගකීමකින් තොරව පිත්ත හසුරුවන නමුත් අද නම් අවසන් ඕවරය දක්වාම පිටියේ රැඳුණු චාමික කරුණාරත්න පන්දු 21 කින් ලකුණු 17 ක් ලබාගත්තේ ලකුණු 58 කට කඩුලු 5 ක් අහිමි කරගත් ශ්‍රී ලංකා පිලට මහත් සහනයක් ගෙන එමිනි.
පළමුවෙන් පන්දුවට පහරදීමට සිදුවූ ශ්‍රී ලංකා පිලේ පළමු කඩුල්ල දෙවැනි පන්දවේදීම බිඳ වැටිණ. කුසල් මෙන්ඩිස් ලකුණු නොලබා දැවී යාමත් පැතුම් නිස්සංක සහ කුසල් පෙරේරා දෙදෙනාත් වේලාසනින්ම දැවී යාම ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දුන් නොසිතූ අකරතැබ්බයක් විය. දසුන් ශානකත් ලකුණු නොලබා දැවී ගිය අතර ශ්‍රී ලංකා ඉනිම මැදදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ අබරාර් අහමඩ් සිය ඕවර 4 ලකුණු 08 කට සීමාකරමින් වනිඳු හසරංග දවාගත්තේය. අබ්රාර් විසින් වනිඳු දවාගත්තා පමණක් නොව, කඩුල්ලක් දවාගැනීමෙන් පසුව වනිඳු සිය සතුට සමරන ආකාරම අනුගමනය කළ අබ්රාර්, ශ්‍රී ලාංකික ප්‍රවීණයාට සියුම් සරදමක් ද කළේය.
මෙම ක්‍රීඩාංගණයේ වාර්තා අනුව විස්සයි-20 තරගයකදී කණ්ඩායමක් ලබාගන්නා සාමාන්‍ය ලකුණු සංඛ්‍යාව 170 ආසන්නයේ පවතී. එහෙත් පළමුවෙන් පන්දුවට පහර දෙන කණ්ඩායමක් තරගය ජයගැනීමට නම් ආසන්න වශයෙන් ලකුණු 183 ක් හෝ ඊට වැඩියෙන් ලබාගත යුතුව තිබිණ. එහෙත් ශ්‍රී ලංකා පිලට ලබාගත හැකිවූයේ ලකුණු 133 කි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.