Last Update  :  2024-05-17 11:06:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පිහිනුම් කී‍්‍රඩාවට කුඩා දරුවන් ගේන්න

පිහිනුම් කී‍්‍රඩාවට කුඩා දරුවන් ගේන්න

ශනුක අරවින්ද - 2015 ඔක් මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සෑම කී‍්‍රඩාවකම පදනම ජිම්නාස්ටික් කී‍්‍රඩාව යැයි කලකට ඉහතදී කියැවිණ. ඊට මූලික හේතුවක් වූයේ කුඩා කාලයේදීම ජිම්නාස්ටික් කී‍්‍රඩාවට යොමු කරවනු ලබන කිී‍්‍රඩකයකු හෝ කී‍්‍රඩිකාවකගෙන් දක්නට ලැබෙන නම්‍යශීලීත්වයත් කි‍්‍රයාශීලී බවත් වෙනත්  ඕනෑම කී‍්‍රඩාවකට අත්‍යාවශ්‍ය සාධක වන බැවිනි.

ජිම්නාස්ටික් කී‍්‍රඩාව සම්බන්ධයෙන් වර්තමානයේ තත්ත්වයද එලෙසින්ම තිබි හැකිය. එහෙත් සෙසු කී‍්‍රඩාවන් සමග පවතින සහසම්බන්ධතාව පිළිබඳ සැලකීමේදී පිහිනුම් කී‍්‍රඩාවට ඇත්තේ වඩාත් වැඩි අගයකි.

ජිම්නාස්ටික් කී‍්‍රඩාවට අත්‍යාවශයෙන්ම තිබිය යුතු මූලික පහසුකම් වන කොට්ට මෙට්ට නොව, පුහුණුව ලත් පුහුණුකරුවන් සහ නිසි අංගෝපාංග වලින් සමන්විත කී‍්‍රඩාගාර ශී‍්‍ර ලංකාවේ නොමැති වීම එක හේතුවකි. අනෙක් අතට ගංගා ඇලදොළ බහුළ ශී‍්‍ර ලංකාව වැනි රටකට පිහිනුම් කී‍්‍රඩාවෙන් ඊටත් වඩා ප‍්‍රයෝජන ගතහැකිය.

පිහිනීම හුදෙක් කී‍්‍රඩාවක් වශයෙන් පමණක් නොව; කි‍්‍රකට්, පාපන්දු, වොලිබෝල්, පැසිපන්දු ආදී මෙකී නොකී කොයි කී‍්‍රඩාවකටත් ප‍්‍රයෝජනවත් ආකාරයෙන් භාවිතා කළ හැකිය.

ඉතාමත් ප‍්‍රකට කියමන නම් ලෝකයේ හොඳම ව්‍යායාමය පිහිනීම යන්නයි. ඇමරිකාවේ හාවඞ් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ නිර්දේශය අනුව අදටත් ලොව හොඳම ශාරීරික ව්‍යායාමය වන්නේද පිහිනීමයි. ව්‍යායාමයකින් තොර කී‍්‍රඩාවක් කොයින්ද? ඉදින් පිහිනීම කොයි කී‍්‍රඩාවේත් උන්නතියට පදනම වන බවට අටුවා ටීකා ඇවැසි නොවේ.

ප‍්‍රමාද වී හෝ මේ තත්ත්වය වටහාගැනීම නිසා රජයේ පාසල් කිහිපයකම දැන් දැන් පිහිනුම් තටාක ඉදිවෙමින් පවතී. එහෙත් ජාත්‍යන්තර පාසල් බොහොමයක පාසල ඉදිවන විටම පිහිනුම් තටාකයටද ඒ සමගම මුල්ගල් තැබීම සාමාන්‍යය තත්ත්වයකි. ලයිසියම් ජාත්‍යාන්තර පාසල් සමූහයේ නම් පිහිනීම පාසල් විෂය ධාරාවටද එක්කර තිබේ. එනම් කිසියම් සිසුවකුට පිහිනීමට ලකුණු අඩු නම් ඔහුගේ වාර අවසාන ප‍්‍රගති වාර්තාවේ ලකුණු සාමාන්‍යයද අඩුවනු ඇත. එබැවින් හොඳ ප‍්‍රගති වාර්තාවක් පවත්වාගෙන යාමට නම් හොඳින් පිහිනීමද අවශ්‍ය වෙයි.

පිහිනීමට එවන් වැදගත්කමක් දීම මෙන්ම කී‍්‍රඩාවක් වශයෙන් පිහිනීමේ ඇති වැදගත්කම පිළිබඳව ලයිසියම් ජාත්‍යන්තර පාසල් සමූහයේ ක‍්‍රි‍්‍රීඩා නියෝජ්‍ය අධ්‍යක්ෂ නිශාන්ත පෙරේරා මහතා සමග කළ සාකච්ඡුාවක් මෙසේ සටහන් කෙරේ.

ප‍්‍රශ්නය -
පිහිනුම් කී‍්‍රඩාව නැතිනම් පිහිනීම සම්බන්ධයෙන් ඔබලා මේ තරම් විශාල අවධානයක් ගන්නා කාරණය මොකක්ද?

පිළිතුර -
අපි පාසලක් හැදීම ආරම්භයේදීම පිහිනුම් තටාකයත් හදනවා. අපේ පාසල් 9 න් පාසල් හතකම පිහිනුම් තටාක තියෙනවා. සෑම පාසලකම පිහිනුම් පුහුණුකරුවන් ඉන්නවා. ලංකාවේ පළමුවෙනි වතාවට තමයි  පිහිනීම පාසල් විෂයක් හැටියට උගන්වන්නේ.

සාමාන්‍යයෙන් හොදට ඉගෙන ගන්නවා යයි අපි කියන ළමයෙක් ගණිතයට, විද්‍යාවට නැත්නම් භාෂාවට ලකුණු ගත්තට විතරක් මදි. එයාට හොඳ ලකුණු සාමාන්‍යයක් තියෙන්න  ඕනෑ නම් පිහිනීමටත් ලකුණු ගන්න වෙනවා.

මේකේ අරමුණ තමයි සාමන්‍යයෙන් පොත පතට ඇලී ගැලී ඉන්න ළමයෙක් වුණත් තමන්ගේ අධ්‍යාපනය අවසන් කරලා සමාජයට යද්දී කුමක් හෝ කී‍්‍රඩාවක නිරත වී තිබීම. ඒ තුළින් ඔහුට යම් හික්මීමක් ඇතිකෙරෙනවා. ඒ හික්මීම සමාජයේදී ඔහුට ඉතාමත් වැදගත් වෙනවා.

ශ්‍රී ලංකාව නියෝජනය කළ තුන්දෙනෙක් මේ පාසලෙන් (නුගේගොඩ) පමණක් බිහිකරලා තියෙනවා. ටි‍්‍රවිනි කුරුප්පු, දර්ශක තෙන්නකොන් සහ රසීමා කියලා. ජාතික මට්ටමේ පිහිනුම් තරග වලට සහභාග වුන අය නම් ගොඩක් හිටියා. ඒ හැමෝගෙම නම් මතකින් කියන්න බෑ.

ඒ කොහොම වුණත් මේක ශී‍්‍ර ලංකාවට පිහිනුම් කී‍්‍රඩකයන් හදලා දෙන්න පටන්ගත්ත ව්‍යාපෘතියක් නෙමේ. මෙතැන තියෙන්නේ ඊට හුගක් එහා ගිය, දරුවන්ගේ අනාගතය සම්බන්ධ ඉලක්කයක්.

ප‍්‍රශ්නය -
පිහිනුම් කී‍්‍රඩාව ගැන ඔබලා මෙහෙම උනන්දු වුණත් පොදුවේ ගත්තාම පිහිනුම් කී‍්‍රඩාවෙන් අප රටක් වශයෙන් මෑතකදී අත්කරගත් ජයග‍්‍රහණ ඉතාමත් අඩුයි. එදා හිටිය ජුලියන්  බෝලින්,  දීපිකා චන්මුගම්, ඉන්ටිකාබ් සිකන්දර් වැනි හොඳ ජාතික මට්ටමේ ක‍්‍රීඩකයින් දැන් අපිට නැහැ. ඇයි එහෙම වෙන්නේ.?

පිළිතුර -
පොදුවේ කියනවා නම් මා දකින දෙයක් තමයි පිහිනුම් දියුණු කරනවාට වඩා ගොඩක් පුහුණුකරුවන් උත්සාහ කරන්නේ මොකක් හරි ඇකඩමියක් දාගෙන තමන් දියුණු වෙන්නයි. ශී‍්‍ර ලංකාවට ජයක් ගෙන ඒම නෙවෙයි සල්ලි හම්බ කිරීමේ පරමාර්ථයෙන් තමා හැම දේම කරන්නේ.

ඒත් මේ ආයතනයේ නීතියක් තියෙනවා පාසලේ ඇරෙන්න වෙනත් තැනක පහුණුකරුවකු ලෙස සේවය කරන්න බෑ කියලා. සමහර අය ඉන්නවා පාසල් ගණනාවක සේවය කරනවා. ඒත් ඒ අය තමන්ගේ අවධානය නිවැරදිව යොමු කරන්නේ මොන පාසලටද කියන එක ප‍්‍රශ්නයක්? එයාලා බලන්නේ සල්ලි විතරයි.

ඔලිම්පික් හෝ වෙනත් ජයග‍්‍රහණ ගන්න, එහෙම නැත්නම් එතැනින් ඉහළින් යන්න නම් අපට පිටරට පුහුණුකරුවන් අවශ්‍යයි. මේ කතාව මම මීට කලිනුත් කියලා තියෙනවා. අපේ අය දක්ෂ නැතිව නොවෙයි. ලොකු පිරිසක් පාලනය කරන්න ඒ අයට අමාරුයි.

ප‍්‍රශ්නය -
ඔබ කියන්නේ ප‍්‍රධාන පුහුණුකරුවකුට පෞද්ගලික පන්ති කරන්න බැහැ කියන එකද ?

පිළිතුර -
ඔහු ශ්‍රී ලංකාවේ ජාතික පුහුණුකරු නම් ඔහු පෞද්ගලික පන්ති කරන එක සාධාරණ නෑ. එහෙම වුනොත් ඔහු කරන්නේ  බිස්නස් එකක්.

ඒත් මේකේ තවත් පැත්තක් තියෙනවා. ඒ වගේ භාරධූර වගකීමක් දරන ජාතික පුහුණුකරුවකුට තමන්ගේ අනෙක් දේවල් අතහැරලා ජාතික කණ්ඩායම පුහුණු කිරීම ගැනම අවධානය යොමු කරන්න පුළුවන් විදිහේ වැටුපක් නැතිනම් දීමනාවක් හෝ ආදායමක් තියෙන්න  ඕනා. එයාට තියෙන්නේ එයාගේ යටතේ ඉන්න පුහුණුකරුවන් හා කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් බලාගෙන ඉන්නයි.

ප‍්‍රශ්නය -
ශී‍්‍ර ලංකාවේ පිහිනුම් කී‍්‍රඩාව මෙතැනින් ඉහළට ගෙන යන්න නම් කරන්න  ඕනෑ මොනවාද?

පිළිතුර -
පිහිනීම පුහුණුකරවන්න ළමයින් තෝරා ගන්න කොට අවුරුදු 17 න් පහළ හා 19 න් පහළ ළමයි ගන්න එකේ තේරුමක් නෑ. මොකද අවුරුදු 19, 20 පැන්න ගමන් ගොඩක් අය මේ වගේ ක‍්‍රීඩා නවත්වනවා. විශ්ව විද්‍යාලයට යන්න හෝ වෙනත් උසස් අධ්‍යාපන කටයුතු වෙනුවෙන්. ඒක අපට නවත්වන්න බෑ.

ඒ නිසා පිහිනුම්  කී‍්‍රඩකයන් හරියට හදන්න නම් 12 න් පහළ, 13 න් පහළ හා 14 න්  පහළ  වගේ පොඩි ළමයි ගන්න  ඕන. පොඩි ළමයින්ව අරන් කණ්ඩායමක් හදන්න  ඕන. ඔවුන් දිගටම කී‍්‍රඩාවෙ නිරත වෙලා ඉඳීවි.

දැන් බලන්න ජෙහාන් මුබාරක්. එයා ඉතාමත් හොඳින් ඉගෙන ගත්ත කෙනෙක්. ඒත් පිහිනුම් විතරක් නෙමේ කි‍්‍රකට් කී‍්‍රඩාවේදීත්, ටෙස්ට්, එක්දින හා විස්සයි:20 කියන ආකාර තුනෙන්ම ශී‍්‍ර ලංකා වර්ණ දිනාගත් කෙනෙක්. මේ වගේ අය කුඩා කාලයේදීම තෝරාගෙන අපි අනාගතය සැලසුම් කරන්න  ඕනි.

ප‍්‍රශ්නය -
අද ශී‍්‍ර ලංකාවේ ගොඩක් දෙමව්පියන්ට  ඕනේ තමන්ගේ දරුවාව මොකක් හෝ කී‍්‍රඩාවකට යොමු කරලා සහතිකයක් හෝ දෙකක් අරගෙන දීලා ටික කාලෙකින් විභාග මැෂිමට යොමු කරවන්න. ඔබ මේ තත්ත්වය දකින්නේ කොහොමද?

පිළිතුර -
හරියට බ්‍රොයිලර් කුකුල්ලූ හදනවා වගේ වැඩක් නේ මේ කරන්න කියන්නේ.

මාසයක දෙකක නිවාඩු කාලයකදී ළමයින්ට බලපෑම් කරනවා මොනවා හරි කී‍්‍රඩාවක් කරන්න කියලා. ලංකාවේ මිනිසුන්ට පුරුදු වෙලා තියෙන්න විභාගයට මාසෙකට කළින් ක‍්‍රීඩා නවත්වලා ළමයව පාඩම් කරවන්න. එළියට බහින්න බෑ. හරියට හිරගෙදරක දැම්මා වගේ.

මෙහෙම කරන දෙමව්පියන් ඊළඟට කරන්නේ විභාගේ ඉවරයි කියලා කී‍්‍රඩා පුහුණුකරුවා ලඟට ගෙනල්ලා ‘ ඕන්න සර් දරුවව ගෙනාවා මොකක් හරි කරන්න’ කියන එකයි.

මේ විදිහට පදක්කම් නිෂ්පාදනය කරන්න පුළුවන්ද? මාස දෙක තුනක්  දරුවාව විභාගයට මිරිකලා මිරිකලා ඊට පස්සේ විවේකය ලැබුණම දරුවාගේ ඉතිරි ටිකත් හූරාගන්න කියලා කී‍්‍රඩා පුහුණුකරුවාට කියනවා. එහෙම කියන්නෙත් ‘තව මාස දෙකකින්  අසවල් ක‍්‍රීඩා උළෙල තියෙනවා කොහොම හරි දරුවව පුහුණු කරවල පදක්කමක්/සහතිකයක් අරන් දෙන්න’ කියලයි. මෙන්න අපේ ක‍්‍රීඩාවේ තත්ත්වේ.

ළමයි දෛනිකව පුරුදු වෙච්ච දෙයක් තියනවා. ඒ රටාවට බාධා කරන්න නරකයි. ඒක ළමයාගේ මානසිකත්වයටත් හොඳ නෑ. මනස නිරවුල් වෙන්න, පුහුණු වීම්වල යෙදෙන්න දරුවන්ටත් අවස්ථාවක් දෙන්න  ඕන.

මේකට ගොඩක් වෙලා තියෙන්නේ දෙමව්පියන්ට ක‍්‍රීඩාවේ ගැන අවබෝධයක් නැතිකමයි. ඇත්ත කතාව මේකයි. එයාලා හිතන්නේ විභාග වලන් සමත් වෙලා සහතික ගොඩාක් තියෙන කෙනෙකුට මොකක් හරි කී‍්‍රඩාවකිනුත් සහතිකයක් දෙකක් තිබුණාම ඇති කියලයි. ඒත් ඒක එහෙම නෙමෙයි.

ප‍්‍රශ්නය -
කී‍්‍රඩා සහතික සහ අධ්‍යාපන සහතික අතර පරතරය එන්න එන්නම වැඩි වෙන්නේ ඇයි ?

පිළිතුර -
විවිධ ආයතනවල ඉතාමත් ඉහළ තනතුරු දරන, මා දන්නා අය ඉන්නවා. ඒ අය කියනවා ළමයින් සම්මුඛ පරීක්ෂණවලට එද්දීම, ඒ අය ඇවිදගෙන එන විදියෙන්ම, ඒ අය ආධුනියකයන් තෝරගන්නවා කියලා. මොකද ඒ එන සමහරුන්ට කෙළින් ඇවිදින්න බෑ. ක‍්‍රීඩාවක් කරලා නෑ. හැබැයි උපාධි පිට උපාධි සහතික තියෙනවා.

සමහරුන්ට බස් එකක යන්න දන්නේ නෑ, සමාජය ගැන දැනීමක් නෑ. ළමයින්ව එහෙම හදලා වැඩක් නෑ.  පොදුවේ ළමයෙක් හදන්න  ඕනේ හැම දේම දරාගන්න පුළුවන් විදියට.

ක‍්‍රීඩාවකට සහභාගි වීම මගින් මනුෂයකුගේ ජීවිතේ ගොඩක් දේවල් හදා ගන්න පුළුවන්. දුක දරාගන්න, පරාජය බාර ගන්න, මනස හදාගන්න, සමාජයට මුහුණ දෙන්න, එක බත් පාර්සලේ බෙදාගන්න...මෙන්න මේ වගේ දේවලට පුරුදු වෙන්න  ඕනි.  

ක‍්‍රීඩා කරන්නේ විසේ තියෙන ළමයෙක්. පෝලිමක යන්නත් බෑ.... ද`ගලනවා. ඒත් ඒ ළමයව හරි පාරේ අරන් යන්න  ඕනි. ළමයා පොඞ්ඩක්  දැගලූව ගමන් එළියට දාලා මුළු විෂය මාලාවම එපා කරවන එක නෙවෙයි  කරන්න  ඕන. මෙතැනදි ගුරුවරු විතරක් නෙමේ දෙමාපියොත් එකමුතුව වැඩ කරන්න  ඕනා.

ප‍්‍රශ්නය -
ළමයෙක් කී‍්‍රඩාවට යොමුකරන දෙමාපියන් තුළ තියෙන්න  ඕනෑ මොන වගේ මානසිකත්වයක්ද ?

පිළිතුර -
කී‍්‍රඩකයා නැතිනම් කී‍්‍රඩිකාව ස්වාධීන විය යුතුයි. ඒක දරුවාටත් පොදුයි.

දිනුම වගේම පැරදුමත් දරාගන්න ඔහුට හෝ ඇයට පුරුදු පුහුණු කළ යුතුයි. අද දිනපු ළමයා හෙට පරදිනවා. අද පැරදුණු ළමයා හෙට දිනනවා. ඒ ළමයින්ට මේවා හුරු කරන්න  ඕන. ඒත් අවාසනාවකට වගේ දෙමව්පියන් මේ දරුවන්ට බලපෑම් කරනවා වැඩියි.

ගොඩක් වෙලාවට, පුහුණුවකින් පස්සේ, පුහුණුකරුව ඒ ළමයට කරුණු පැහැදිළි කරද්දී ළමයා හොරෙන් බලන්නේ අම්මා නැත්නම් තාත්තා දිහා.

පුහුණුකරු කියනවා පුතේ ඔයා අද හො`දයි, ඉස්සරට වඩා හොඳයි. දැන් දියුණුවක් තියෙනවා කියලා. ඒත්  අම්මා තාත්තා කියන්නේ ඒ මදි කියලා. මොකද තරගය පැරදිලා.. පුහුණුකරුවා ඒ වචනේ කියන්නේ බොහෝ දුර හිතලා දරුවාව තව හො`ද තැනකට ගන්න. අම්මා තාත්තා අර විදියට කිව්වම ඉතින් ළමයා ඉවරයි. ඉතිරි ටික ළමයට කරගන්න බෑ.

මේකේ අනෙක් පැත්ත ඊටත් වඩා භයානකයි. තරගයක් දිනුවත් ඔයා මදි පුතේ..ඔයාට තවත් හොදින් කරන්න හැකියාව තියෙනවා කියලා පුහුණුකරු කියන වෙලාවල් තියෙනවා. ඒත් පුතා තරගය දිනුව නිසා අම්මා තාත්තා කියනවා ඒ හො`දටම ඇති කියලා. එහෙම කිව්වම පුහුණුකරු මොනවා කිව්වත් වැඩක් වෙන්නේ නෑ. ළමයා එතැනින් එහාට යන්නේ නෑ. මේවා මගේ ඇස් දෙකට දැක්ක දේවල්.

පුහුණුකරුවෙක් බලන්නේ තව අවුරුදු දහයක් ඉස්සරහදි මේ දරුවා කොතැනද ඉන්නේ කියලයි. පුහුණුකරුවෙක් සැලසුම් හදන්නේ ඒ විදිහට. ඒත් අම්මා තාත්තට  ඕනේ සහතිකයක් නැත්නම් දෙකක් විතරයි. මෙන්න මේ තත්ත්වය හදන්න  ඕනේ මයි.  

 


අදහස් (0)

පිහිනුම් කී‍්‍රඩාවට කුඩා දරුවන් ගේන්න

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.