Last Update  :  2024-05-02 16:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story නොසැලකිළිමත් කමක තරම

නොසැලකිළිමත් කමක තරම

ශනුක අරවින්ද - 2016 මාර් මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රුසියානු ටෙනිස් කී‍්‍රඞීකා මාරියා ෂරපෝවා තහනම් උත්තේජන පරීක්ෂණයෙන් අසමත් වීම වචනයෙන් විස්තර කළ නොහැකි තරමේ නොසැලකිළිමත්භාවයක් යැයි ලෝක මත්ද්‍රව්‍ය නිවාරණ ආයතනයේ හිටපු ප‍්‍රධානී ඩික් පවුන්ඞ් පවසයි.

මේ වසරේ ජනවාරි පළමුවැනිදා සිට තහනම් කරන ලද මෙල්ඩෝනියම් නැමැති ද්‍රව්‍යය තමා ලබාගත්තේ යැයි මාරියා ෂරාපෝවා පසුගියදා අනාවරණය කළාය.

පස් වතාවක් ‘ග‍්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතාව’ දිනූ 28 හැවිරිදි රුසියානු ටෙනිස් කී‍්‍රඩිකා මාරියා ෂරාපෝවා සමඟ ඇති අනුග‍්‍රාහක ගිවිසුම් අවලංග-ු කිරීමට ලෝ ප‍්‍රකට සමාගම් මේ වන විටත් කටයුතු කර ඇතැයි වාර්තා වේ.

‘ඩොලර් මිලිියන 30ක ව්‍යාපාර තවදුරටත් පවත්වනවාද නැද්ද යන්න තීරණය කළ යුතුවන්නේ ෂරපෝවා නැවත වරක් කී‍්‍රඩා කිරීමට සුදුසු ද නැද්ද යන්න මත’ යැයි පවුන්ඞ් බී.බී.සී යට පවසා ඇත.

ෂරාපෝවා, විවිධ සෞඛ්‍ය හේතූන් මත, මෙල්ඩෝනියම් නැමැති ඖෂධය 2006 වසරේ සිට ලබාගෙන ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා තහනම් කරන ලදි.

කී‍්‍රඩකයන්ගෙන් ලබාගන්නා බොහෝ සාම්පලවල මෙල්ඩෝනියම් වැඩි වශයෙන් අඩංගුව ඇති බැවිනුත් එම ඖෂධයට සිරුර උත්තේජනය කිරීමේ හැකියාව ඇති බැවිනුත් එය තහනම් උත්තේජයක් ලෙස නම් කිරීමට ලෝක මත්ද්‍රව්‍යය නිවාරණ ආයතනය කටයුතු කළේය.

”තහනම් උත්තේජක ලැයිස්තුවේ තිබෙන දෙයක් තමයි ඇය භාවිත කරලා තියෙන්නේ. එය ඉතා විශාල වරදක්. ඒ පිළිබඳ ඇය දැනුම්වත්ව සිටිය යුතුව තිබුණා” යැයි 1999 - 2007 කාලයේදී ලෝක මත්ද්‍රව්‍ය නිවාරණ ආයතනයේ සභාපතිවරයා ලෙස කටයුත-ු කළ ඩික් පවුන්ඞ් මහතා පවසයි.

”ඇය විසින් ලබාගෙන ඇත්තේ ඈ ජීවත්වන රටේද (ඇමෙරිකා එක්සත් ජනපදය) ප‍්‍රතිකාර සඳහා භාවිත කිරීමට තහනම් ද්‍රව්‍යයක්. ඒ නිසා ඇය කියන පරිදි වෛද්‍යවරයකුගේ උපදෙස් අනුගමනය නොකරන්නට ඇති” යයිද පවුන්ඞ් මහතා වැඩිදුරටත් පැවසීය.

මෙල්ඩෝනියම් තහනම් උත්තේජයක් ලෙස නම් කරන බව දැනුම් දුන්නේ 2015 සැප්තැම්බර් 30 වැනිදාය. එතැන් පටන් ඔක්තෝබර්, නොවැම්බර්, දෙසැම්බර් යන මාස වලදී අදාළ ඖෂධය භාවිතයෙන් ඉවත් කිරීමට පියවර ගැනිණ.

”හැම ටෙනිස් කී‍්‍රඩකයෙක්වම මේ සම්බන්ධයෙන් දැනුම්වත් කළා. ඇයට වෛද්‍ය ප‍්‍රතිකාර කණ්ඩායමක්ද සිටින්නට ඇති. ඒ නිසා මේ නොසැලකිළිමත් කම ගැන වචනයෙන් විස්තර කරන්න බැහැ”

”තහනම් උත්තේජක පරීක්ෂණයකින් අසමත් නොවී සිටින්නට ඔබ දැනගත යුතුයි” යයිද පවුන්ඞ් මහතා අවධාරණය කරයි.

-055

 


අදහස් (0)

නොසැලකිළිමත් කමක තරම

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.