Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story නොවැක් හය වැනි වරටත් ශුරතාව දිනාගනී

නොවැක් හය වැනි වරටත් ශුරතාව දිනාගනී

ශනුක අරවින්ද - 2016 පෙබ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මීට පෙර සිවුවතාවක්ම අවසන් මහා තරගයට එක්වුණු මහ බි‍්‍රතාන්‍යයේ ඇන්ඩි මරේට පස්වැනි පරාජයත් උරුම කර දුන් ලෝක ටෙනිස් ශ්‍රේණිගත කිරීම්වල නොම්මර එකේ කී‍්‍රඩක සර්බියාවේ නොවැක් ඩිජොකෝවික් 6 වැනි වරටත්  ඕස්ටේ‍්‍රලිියානු විවෘත ටෙනිස් ශූරතාව හිමිකරගත්තේය.

තවමත් 28 හැවිරිදි මේ සර්බියානුවා පැය දෙකකුත්, මිනිත්තු 53 කට පසුව ලකුණු 6-1 ක්, 7-5 ක් සහ 7-6 ක් ලෙස පිට පිට තරග වට තුනකින්ම පෙරමුණ ගනිමින් මරේ පරාජය කළේ  ඕස්ටේ‍්‍රලියාවේ හිටපු කි‍්‍රඩක රෝයි එමර්සන්ගේ ශූරතා හයේ වාර්තාවත් සමකරමිනි.

මෙවර  ඕස්ටේ‍්‍රලියානු විවෘත කිරුළත් සමග ටෙනිස් පිටියේ හිටපු ශ්‍රේෂ්ඨ කී‍්‍රඩකයන් වන බියොන් බර්ග් සහ රොඞ් ලීවර්ගේ ග‍්‍රෑන්ඞ් ස්ලෑම් 11 ක වාර්තාව සම කිරීමට ද ඩිජොකෝවික් සමත්විය.

ලෝක ටෙනිස් ශ්‍රේණිගත කිරීම්වල දෙවැනි තැන සිටින 28 හැවිරිදි මරේ දැන් ඔහු කී‍්‍රඩා කළ පස්වැනි  ඕස්ටේ‍්‍රලියානු විවෘත ටෙනිස් අවසන් මහා තරගයෙනුත් පරාජයට පත්ව සිටී. ඉන් හතරක්ම ඩිජොකෝවික් හමුවේ වීම විශේෂත්වයකි.

ස්කොට්ලන්ත වැසියකු වන මරේ ලැබූ මෙම පරාජයත් සමග 1968 වසරේ විවෘත තරග පෙළක් ලෙස හැරවුණු  ග‍්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතා ඉතිහාසයේ වැඩිම වාර ගණනක් එකම ශූරතාවලියක අවසන් මහා තරගයෙන් පරාජයට පත්වූ දෙවැනි කි‍්‍රඩකයා බවට පත්විය. ඊට පෙර එවැනි ආඩම්බර විය නොහැකි වාර්තාවකට හිමිකම් කීවේ මරේගෙම පුහුණුකරු වූ ඉවාන් ලෙන්ඞ්ල්ය. ඔහු අමෙරිකානු විවෘත ටෙනිස් ශූරතාවලියේ දී එලෙස පස්වතාවක්ම අවසන් මහා තරගයෙන් පරාජයට පත්වී තිබේ.

අද තරගයෙන් පසුව සිය ග‍්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතා මල්ල තර කරගත් ඩිජොකෝවික් ඔහු තරග වැදුණු අවසන් ග‍්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතා 5 න් 4 ක්ම ජයගැනීමට සමත්ව සිටී. ඉන් තුනක්ම පිට පිටය. දැන් ඔහුගේ කල්පනාව ලබන ජූනි මාසයේ පැවැත්වෙන ප‍්‍රංශ විවෘත ටෙනිස් කිරුළත් ජයගෙන ග‍්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතා හතරටම හිමිකම් කීමටය.

පස්වැනි වතාටවත්  ඕස්ටේ‍්‍රලියානු විවෘත ටෙනිස් අනුශූරතාවෙන් සෑහීමකට පත්වීමට සිදුවූ ඇන්ඩි මරේ මෙල්බර්න් පිටියේ සිට කෙළින්ම ගුවන් තොටුපළ බලා පිටත්වූයේ අල්ලා ගත හැකි වේලාසනම ගුවන් යානයෙන් ලන්ඩනය බලා පියාසර කිරීමටය. ඔහුගේ බිරිය සිය පළමු දරු ප‍්‍රසූතියට ඔන්න මෙන්නය.

එහෙත් පිටත්වීමට පෙර මාධ්‍යවේදින්ට වචනයක් දෙකක් කතා කිරීමට ඔහු අමතක කළේ නැත.

”මගේ සුබපැතුම් නොවැක්”

”හය වතාවක්ම  ඕස්ටේ‍්‍රලියානු ටෙනිස් කිරුළ දිනාගැනීම විස්මිත ජයක්. ඒ වගේම මගේ කාර්ය මණ්ඩලයටත් මම ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම ඔවුන්ගෙන් මම සමාව අයදිනවා කිරුළ දිනාගැනිමට නොහැකිවීම ගැන,

”ඒත් මගේ බිරිය කිම් ගැනත් කියන්න  ඕනා. ඔයා මගේ ජීවිතයට හරියට පුරා වෘත්තයක් වගෙයි. මම ඊළ`ග ‘ෆ්ලයිට්‘ එකේ ගෙදර එනවා” යයිද ඇන්ඩි මරේ පැවසීය.

මේ අතර ශූරතාව දිනූ නොවැක් ද සිය සගයාට සුබ පැතීමට එය අවස්ථාවක් කර ගත්තේය.

”තවත් උණුසුම් තරගාවලියකට එක්වීම ගැන මම ඇන්ඩිට ගෞරවය පුද කළ යුතුයි”

”ඔහු ශ්‍රේෂ්ඨ ශූරයෙක්. විශිෂ්ට මිතුරෙක්.  ඒ වගේම ශ්‍රේෂ්ඨ වෘත්තීමය කී‍්‍රඩකයෙක්. ඔහුට මේ කිරුළ ජයගැනීමට තවත් අවස්ථා ගණනාවක්ම ඉදිරියේදී උදාවනු ඇති බව මට සහතිකයි. ඒ වගේම මම ඔබටත්, ඔබේ බිරිය කිම්ටත් සුබ පතනවා කුලූඳුලේ ඉපදෙන්නට යන බබා වෙනුවෙන්. මීට පෙර කවදාවත් නොදැනුණු විදිහේ අත්දැකීමක් ඔබලාට ලැබෙන බවටත් මට සහතිකයි” යයිද නොවැක් පැවසීය.

-077

 


අදහස් (0)

නොවැක් හය වැනි වරටත් ශුරතාව දිනාගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.