Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(රොෂාන් ගුණරත්න)
එංගලන්ත ප්‍රාන්ත තරගාවලියේදී නොටින්හැම්ෂයර් ප්‍රාන්ත කණ්ඩායමට ක්‍රීඩා කිරීම සඳහා ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්නට ආරාධනාවක් ලැබී ඇත. ඒ අනුව නොටින්හැම්ෂයර් ප්‍රාන්ත කණ්ඩායමේ විදෙස් ක්‍රීඩකයා ලෙස ක්‍රීඩා දිමුත් කරුණාරත්නට ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමිවනු ඇත.
දිමුත්ට මෙම ආරාධනාව ඊයේ (5 වැනිදා) දිනයේදී ලැබී ඇති නමුත් ඊයේ දින සිට දින 8 ක් ඇතුළත කණ්ඩායම සමගින් එක්වන ලෙස ඔහුට දැනුම්දී තිබේ.
කොරෝනා අර්බුදය හමුවේ කොළඹ සිට එංගලන්තය බලා සෘජුවම පියාසර කරන තනි ගුවන් ගමන් නතර කර ඇති බැවින් දිමුත්ට වෙනත් රටක් හරහා එංගලන්තයට ගමන් කිරීමට සිදුවනු ඇත. එහෙත් කොළඹ සිට වෙනත් රටකටත්, එම රටේ සිට එංගලන්තයට ගමන් කිරීමට සඳහාත් වීසා ලබාගැනීමේදී දින 12 ක පමණ කාලයක් ගතවන බැවින් දින 8 ක් ඇතුළත නොටිංහැම් පිල සමග එක්වීම අසීරු යයි දැනගන්නට ඇත.
මේ වන විට එංගලන්තයේදී පැවැත්වෙන පන්දු සියයේ තරගාවලිය හෙවත් ‘ද හන්ඩ්‍රඩ්’ තරගාවලියේ පුහුණුකරුවකු ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන මහතාත් එංගලන්තයට ගොස් ඇත්තේ එලෙසිනි.
අන්තර් ප්‍රාන්ත තරගාවලියේදී මේ දක්වා තරග 10 ක් පවත්වා අවසන්ව ඇති අතර තවත් සිවුදින තරග 4 ක් පැවැත්වීමට නියමිතව ඇත. ‘ද හන්ඩ්‍රඩ්’ හෙවත් පන්දු 100 තරගාවලිය මේ දිනවල පැවැත්වෙන බැවින් ප්‍රාන්ත තරගාවලිය අතරමඟ නතර කර ඇති අතර එහි ඉතිරි තරග මේ මස 30 වැනිදා නැවත ආරම්භ කිරීමට නියමිතව ඇත.
මේ වන විට 33 හැවිරිදි වියේ පසුවන දිමුත් කරුණාරත්න ටෙස්ට් තරග 72 කදී ලකුණු 5,176ක් රැස්කර ඇති අතර පළමු පෙළ තරග 172 කදී ලකුණු 12882 ක් ලබාගෙන ඇත.
අන්තර්ජාතික ශ්‍රේණිගතකිරීම් අනුව, වර්තමානයේදී ටෙස්ට් පිතිකරුවන් අතර දිමුත්ට හිමිව ඇත්තේ 12 වැනි ස්ථානයයි. ලෝකයේ ටෙස්ට් පිතිකරුවන් අතර දිමුත් ඉහළම ස්ථානය ලබාගත්තේ 2018 ජූලි මාසයේදී 7 වැනි ස්ථානයට පැමිණීමෙනි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.