Last Update  :  2025-07-28 15:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story නොකියා ටෙස්ට් තරගාවලියෙන් ඉවතට
ක්‍රිකට්

නොකියා ටෙස්ට් තරගාවලියෙන් ඉවතට

editorial - 2021 දෙසැ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දිගින් දිගටම පවතින ආබාධ තත්ත්වයන් හේතුවෙන් ඉන්දියාවට එරෙහිව පැවැත්වීමට නියමිත තරග 3 කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට සහභාගි වීමේ අවස්ථාව දකුණු අප්‍රිකානු වේග පන්දු යවන ක්‍රීඩක ඇන්රික් නොකියාට අහිමිවී ඇත. 

විසිඅට වැනි වියේ පසුවන නොකියා මේ දක්වා ටෙස්ට් තරග 12 කට ක්‍රීඩා කර ඇති අතර ඉන් 5 කටම ඔහු සහභාගි වී ඇත්තේ මෙම වසර තුළදීය. මෙම වසරේ ජූනි මාසයේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලිය ඔහු අවසන් වරට සහභාගි වූ ටෙස්ට් තරගාවලිය විය. දකුණු අප්‍රිකාව 2-0 ක තරගාවලි ජයක් ලැබූ එම තරගාවලියේදී කඩුලු 8 ක් දවාගැනීමට නොකියා සමත් විය. 

නොකියාගේ හිදැස පිරවීම සඳහා ඩූඈන් ඔලිවර් යළිත් දකුණු අප්‍රිකානු සංචිතයට කැඳවීමට එරට ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන ඇති අතර ඔලිවර් අවසන් වරට ටෙස්ට් තරගයකට සහභාගි වී ඇත්තේ 2019 වසරේදීය. අවසන් වටර පැවැති දකුණු අප්‍රිකානු පළමු පෙළ තරගාවලියේ තරග 4 කදී කඩුලු 28 ක් දවාගැනීමට ඔලිවර් සමත්ව ඇත්තේ 11.14 ක සාමාන්‍යක් රඳවාගනිමිනි. 

දකුණු අප්‍රිකානු සංචිතය 


ඩීන් එල්ගා (නායක), ටෙම්බා බව්මා (උප නායක), ක්වින්ටින් ඩි’කොක්, කගිසෝ රබාඩා, සැරල් අර්වි, බියුරන් හෙන්ඩි්‍රක්ස්, ජෝජ් ලින්ඩි, කේෂව් මහරාජ්, ලුංගි න්ගිඩි, ඒඩ්න් මාක්‍රම්, වියාන් මල්ඩර්, කීගන් පීටර්සන්, රාසි වැන්ඩර් ඩසන්, කයිල් වරීන්, මාර්කෝ ජේසන්, ග්ලෙන්ටන් ස්ටෘමන්, ප්‍රනෙලන් සබ්‍රයෙන්, සිසන්ඩා මගලා, රයන් රිකෙල්ටන් සහ ඩුඈන් ඔලිවර් 

-036


අදහස් (0)

නොකියා ටෙස්ට් තරගාවලියෙන් ඉවතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.