Last Update  :  2024-04-28 22:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story නේමාර්ගේ පීඩනය වැඩිවෙයි

නේමාර්ගේ පීඩනය වැඩිවෙයි

සංජය එරමුදුගොඩ - 2018 ජුලි මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වේදනාකාරී පරාජයක් කරපින්නාගෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියෙන් ඉවත්වීමට සිදුවූ සුපිරි තරු අතරට අලුතින්ම එක්වන තරුව බවට පත්වීමෙන් වැළකී සිටීමට නම් මෙක්සිකෝවට එරෙහිව හෙට පැවැත්වෙන තරගයේදී හැකි සෑම උත්සාහයක්ම ගැනීම බ්‍රසීලයේ නේමර්ගේ එකම බලාපොරොත්තුව වී තිබේ.

අාර්ජන්ටිනාවේ ඉවත්වීමත් සමග ලයනල් මෙසිගෙත්, පෘතුගාලයේ ඉවත්වීමත් සමග ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ සිහින බිඳ වැටීමෙන් පසුව නේමර්ට මෙවර තරගාවලියේ රන් සපත්තුව කරා යාමේ දොරටුව විවරවී ඇත. එසේ වුවත් හෙට සමාරා හී කොස්මොස් ක්‍රීඩාංගණයේදී පස්වතාවක්ම ලෝක ශූරයන් වූ බ්‍රසීලය බිමට ඇද දැමීම අරමුණු කරගත් මෙක්සිකෝ පිලේ නායක ඇන්ඩ්‍රිස් ගුවාර්ඩඩෝගේ කල්පනාව වී ඇත්තේ නේමර් වෙනුවෙන් වෙනම සැලසුමක් සහිතව පිටියට පිවිසීමයි.

‘සිය 6 වැනි පාපන්දු  ලෝක කුසලානයට කුරුමානම් අල්ලමින් සිටින බ්‍රසීලයට හෙට අමතක නොවන පරාජයක් අත්කරදීමට තමන් ඇතුළු සෙසු සගයන් ගෙදර වැඩ ඉහළින්ම කළ බව ඔහු කියයි.

“අපි තරගය ආරම්භ වනතුරු පුල පුලා බලා සිටිනවා. නේමර්ට වැඩි පීඩනයක් ගෙන දීමෙන් අපේ අරමුණ ඉටු කරගන්න හැකිවේවි. නමුත් ඔහු දන්නවා පීඩනයක් හසුරුවන්න ඕන විදිහ. ඒකයි ඔහුට නේමර් කියන්නේ. බ්‍රසීලයේ විශිෂ්ටතම ක්‍රීඩකයා කියන්නේ. ඔහු කාලයක් තිස්සේ සුපර්ස්ටාර් කෙනෙක්.”

එය කෙසේවුවත් නේමර් මෙන්ම මෙක්සිකෝවේ අවධානය යොමුවිය යුතු තවත් භයානක ක්‍රීඩකයකු බ්‍රසීල කණ්ඩායම සතුය. ඔහු කෝටිනෝය.

මූලික වටයේ පළමු තරග 2දීම ගෝල වාර්තා කළ කෝටිනෝ හෙට තරගයේදි නැවතත් පෙරළිකාර ක්‍රීඩා විලාසයක් පෙන්නුම් කිරීමට අර අඳිමින් සිටී. සර්බියාව ගෝල 2-0කින් පරාජය කළ බ්‍රසීලයේ තුන්වැනි තරගයේදී පොලිනෝ සහ තියාගෝ සිල්වා වාර්තා කළ ගෝල සෑහෙන කාලයකට අමතක නොවන ඒවාය.

විචාරකයන්ගේ නොමඳ වර්ණනාවට පාත්‍රවූවත් බ්‍රසීලය හෙට තරගය ගැන සිතන්නේ ඉතා බරපතල එකක් ලෙසය. ජවේයිර් හර්නැන්ඩස් මෙන්ම ඔවුන්ගේ ආක්‍රමණශීලී ක්‍රීඩකයන් වන හිර්වින් ලොසානෝ, කාර්ලෝස් විලා මූලික වටයේ තරගවලදී කැපීපෙනෙන දස්කම් පෑහ. ඇරත් ඕනැම මොහොතක තරගයක් වෙනස් කළ හැකි දිරිය සම්පන්න කණ්ඩායමක් ලෙස ඉතිහාස ගතවී සිටින මෙක්සිකෝව හෙට තරගයේදීත් පෙරළිකාර වෙනසක් සිදුකිරීමට උත්සාහ දරනු ඇතැයි බ්‍රසීලය හොඳින්ම දනී.


සැකසුම : මොහාන් ප්‍රනාන්දු

 


අදහස් (0)

නේමාර්ගේ පීඩනය වැඩිවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.