Last Update  :  2024-04-28 22:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story නේමාර් බ්‍රසීලයේ බලාපොරොත්තු රැකගනියි

නේමාර් බ්‍රසීලයේ බලාපොරොත්තු රැකගනියි

සංජය එරමුදුගොඩ - 2018 ජුලි මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බ්‍රසීලයේ මිලියන 200ක ජනතාවකගේ බලාපොරොත්තු සාක්ෂාත් කරමින් මෙක්සිකෝවට එරෙහිව ගෝල 2-0ක විශිෂ්ට ජයක් හිමිකරගත් බ්‍රසීලය ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට අද (2) සමත් විය. මෙම තරගය රුසියාවේ සමාරා ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.

තරගයේ දෙවන භාගය ආරම්භ වී මිනිත්තු 6ක් යාමට මත්තෙන්, 51 වැනි මිනිත්තුවේදී පළමු ගෝලය වාර්තා කළ නේමාර් බ්‍රසීලයේ ජයග්‍රහණයට පෙරමග විවෘත කළේය. එම ගෝලයත් සමග ලෝක කුසලාන තරගාවලියක ඔහු වාර්තා කළ සයවැනි ගෝලය බවටද එය පත්විය.

61වැනි මිනිත්තුවේදී, මෙක්සිකෝවේ කාලෝස් විලා දැලවෙත යොමුකළ පන්දුව බ්‍රසීල දැල රකින්නා විසින් දැලෙන් එපිටට යොමු කිරීම නිසා නේමාර් ලබාගත් ගෝලයේ උණුසුම විඳීමට බ්‍රසීල ප්‍රේක්ෂකයන්ට තව දුරටත් හැකියාව ලැබිණ.

තරගය නිමාවීමට මිනිත්තු 2ක් තිබියදී, 88 වැනි මිනිත්තුවේදී යළිත් ක්‍රියාත්මක වූ නේමාර් පන්දුව වේගවත් ධාවනයක් ඔස්සේ රොබෙර්ටෝ ෆර්මිනෝට පිරිනැමීම හමුවේ බ්‍රසීලය වෙනුවෙන් දෙවැනි ගෝලය වාර්තා කිරීමට ෆර්මිනෝට හැකියාව ලැබිණ. ආබාධ තත්වය සුවවී මාස 3කට පසු නැවතත් පාපන්දු පිටියට පැමිණි නේමාර් නැවතත් පාපන්දු රසිකයන්ගේ ආකර්ෂණය උදුරා ගැනීමට සමත් විය. නමුත් මෙවර තරගාවලිය ආරම්භ වීමට ප්‍රථම පාපන්දු පිටියේ බොහෝ දෙනා අතර කතා බහට ලක්වුණු ක්‍රීඩකයන් අතර දැනට ඉතිරිව ඇත්තේ කිහිප දෙනෙක් පමණි. ඒ අතර මේ වනවිට පෙරමුණේ සිටින්නේ නේමාර්ය.

ගියවර ශූරයන් මෙන්ම අනුශූරයන්ද මෙවර තරගාවලියට වේලාසනින්ම තිත තියද්දී, එකී කණ්ඩායම්වලට අභියෝග කරමින් නේමාර් ප්‍රමුඛ බ්‍රසීලය පහසුවෙන්ම ඉදිරියටම යන බව ඔප්පු කරමින් සිටියි. ආජන්ටිනාවේ ලයනල් මෙසී සහ පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ තරගාවලියෙන් ඉවත් වීමත් සමග රන් සපත්තුව හඹා යෑමේ අලුත්ම තරුව බවට පත් වීමට නේමාර් සමත්ව ඇත. අද තරගය සම්පූර්ණයෙන්ම සියතට ගත් නේමාර් තරගයේ වීරයා ලෙස නම් කෙරිණ.
 
’‘ ඕචෝවා  කියන්නේ දක්ෂ දැල රකින්නෙක්. හැමෝම දන්නවා ඕචෝවාගේ දක්ෂතාවයන් කෙසේද කියා. හොඳ තරගයක් ලබා දුන්නට ඔහුට සුබ පතනවා. නමුත් මම තරගය අතහැරියේ නැහැ. යනුවෙන් තරගය අවසානයේ නේමාර් මාධ්‍ය වෙත ප්‍රකාශ කර සිටියේය.

අද මධ්‍යම රාත්‍රියේදී 16 දෙනාගේ වටයේදී තරග වදින ජපානය සහ බෙල්ජියම අතර තරගයෙන් ජයගන්නා කණ්ඩායම සමග බ්‍රසීලය අර්ධ අවසන් පූර්ව වටයේදී තරග වැදීමට නියමිතය.

 

- 024

 


අදහස් (0)

නේමාර් බ්‍රසීලයේ බලාපොරොත්තු රැකගනියි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.