Last Update  :  2024-03-28 20:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story නේමාර් පේලේගේ වාර්තාවට ලංවෙයි

නේමාර් පේලේගේ වාර්තාවට ලංවෙයි

editorial - 2021 ජුනි මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු ඇමරිකානු පාපන්දු තරගාවලියේ සමාරම්භක තරගයේදී වෙනිසියුලාවට එරෙහිව ගෝල 3-0 ක ජයක් වාර්තා කිරීමට සත්කාරක බ්‍රසීලය ඊයේ (13 වැනිදා) සමත් විය. දඬුවම් පහරක් සාර්ථක කරගනිමින් සහ ගෝලයක් සඳහා සහාය දක්වමින් නේමාර් ඩි’ සිල්වා බ්‍රසීල ජයග්‍රහණයේ වැඩි ගෞරව දිනාගත්තේය.

තරගයේ 23 වැනි විනාඩියේදී පළමු ගෝලය ලබාගත් මාකෝස් අයෝස් කොරියා බ්‍රසීලයට සාර්ථක ආරම්භයක් ලබාදුන් අතර එම ගෝලයත් සමග පළමු තරගයේ පළමු අර්ධය 1-0 ක් ලෙස බ්‍රසීලයට වැඩි වාසි අත්කර දෙමින් නිමාවට පත් විය.

දෙවැනි අර්ධය ආරම්භ වී විනාඩි 19 ක් ගතවන විට (64 වැනි විනාඩියේදී) බ්‍රසීල කණ්ඩායමට ලැබුණ දඬුවම් පහර සාර්ථක කරගත් නේමාර්, 89 වැනි විනාඩියේදී බාබෝසා අල්මේදාට ගෝලයක් ලබාගැනීම සඳහා දක්ෂ පන්දු යොමුකිරීමක නිරත විය.

එය නේමාර්ගේ 67 වැනි ජාත්‍යන්තර ගෝලය ලෙස සටහන් වූ අතර මේ වන විට 29 වැනි වියේ පසුවන ඔහු බ්‍රසීලය වෙනුවෙන් වැඩිම ගෝල සංඛ්‍යාවක් ලබාගත් ක්‍රීඩකයා වන පේලේට වඩා තවත් ගෝල 10 ක් පසුපසින් සිටියි. මේ මස 18 වැනිදා පේරු රාජය්‍යට එරෙහිව පැවැත්වෙන තරගයේදී නේමාර් පේලේගේ වාර්තාවට තවත් සමීප වනු ඇතැයි බලාපොරොත්තු විය හැකිය.
 
සිය කණ්ඩායමේ ක්‍රීඩකයන් සහ පුහුණු කාර්ය මණ්ඩයේ සාමාජිකයන් 12 දෙනකුට කොරෝනා ව‍යිරසය ආසාදනය වී ඇති පසුබිමක වෙනිසියුලා කණ්ඩායම මෙම තරගයට සහභාගි විය. ‘ඒ් කාණ්ඩය යටතේ ඔවුන් සහභාගි වන මීලඟ තරගය 18 වැනිදා කොලොම්බියාවට එරෙහිව පැවැත්වේ.

දකුණු ඇමරිකානු තරගාවලියේ දෙවැනි තරගය අද (14 වැනිදා) ‘ඒ’ කාණ්ඩය යටතේ කොලොම්බියාව සහ ඉක්වදෝරය අතර ඇරීනා පැන්ටනල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.  

-036


අදහස් (0)

නේමාර් පේලේගේ වාර්තාවට ලංවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.