Last Update  :  2025-08-06 17:07:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story නෙදර්ලන්තයට ලකුණක තියුණු ජයක්

නෙදර්ලන්තයට ලකුණක තියුණු ජයක්

editorial - 2021 ජුනි මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක අයර්ලන්ත කණ්ඩායමට‍ එරෙහිව අල්ට්‍රෙච්ට්හිදී අද (2 වැනිද‍ා) පැවැති පළමු එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ලකුණක තියුණු ජයක් වාර්තා කිරීමට සත්කාරක නෙදර්ලන්ත කණ්ඩායම සමත් විය. ‍නෙදර්ලන්තය එක්දින සුපිරි ලීගයේදී ලැබූ පළමු ජය මෙය වන අතර 2007 වසරෙන් පසුව අයර්ලන්තය පරාජය කළ පළමු අවස්ථාවද මෙය විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 196 ක ඉල්ක්කයක් හඹාගිය අයර්ලන්තයට ඕවර 50 අවසානයේ කඩුලු 9 ක් දැවී ලබාගත හැකි වූයේ ලකණු 194 ක් පමණි. තරගය ජය ගැනීමට අයර්ලන්තයට අවසන් ඕවරයේදී ලකුණු 12 ක් රැස්කිරීමට සිදුවූ අතර කඩුල්ලක්ද දවාගනිමින් එම ඕවර ලකුණු 10 කට සීමා කළ ලෝගන් වැන්බීක් නෙදර්ලන්තයට තරගයේ ජය අත්කර දුන්නේය.

පිතිකරුවන් එකා පිට එකා දැවී යද්දී ආරම්භක පිතිකරු පෝල් ස්ටෙයාලින් (69) සමග එක්වූ සිමි සිං (45) අයර්ලන්ත ඉනිමේ 6 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 90 කදී ලකුණු 66 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට සමත් විය. පන්දු 112 දකදී වාර්තා වූ ස්ටෙයාර්ලින්ගේ අර්ධ ශතකයට හතරේ පහර 8 ක් ඇතුළත් වූ අතර පන්දු 69 කදී වාර්තා වූ සිමි සිංගේ ඉනිම හතරේ පහර 4 කින් සමන්විත විය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් නෙදර්ලන්තය ඕවර 50 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 195 ක් ලබාගත්තේය. ලකුණු 107 කට කඩුලු 7 ක් බිඳවැටී තිබියදී 9 වැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි වැන්ඩර් ගුටෙන් පන්දු 53 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහරක් සමග ලකුණු 49 ක් රැස්කිරමින් නෙදර්ලන්ත කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය.

අයර්ලන්ත කණ්ඩායම වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ ජොෂුවා ලිට්ල් ලකුණු 32 කට කඩුලු 3 ක්ද, ක්‍රේග් යං ලකුණු 34 කට කඩුලු 3 ක්ද බිඳහෙළීමට සමත් වූහ. එහිදී නෙදර්ලන්ත නායක පීටර් සීලර් ලකුණු ලබාගැනීමට පෙරාතුවම පිටියෙන් ඉවත් කිරීමට ජොෂුවා සමත් වූ අතර වැන්ඩර් ගුටන් අර්ධ ශතකයට ලකුණක් පසුපසින් සිටියදී දවාගැනීමට ක්‍රෙග් යං සමත් විය.

නෙදර්ලන්තය - ඕවර 50 කදී සියලු දෙනා දැවී 195

(ස්ටීවන් මයිබර්ග් 20, මැක්ස් ඔඩොව්ඩ් 23, සකීබ් සුල්ෆිකර් 23, ලෝගන් වැන්බීක් 29, වැන්ඩර් ගුටන් 49, ජොෂුවා ලිට්ල් 32/3, ක්‍රේග් යං 34/3)

අයර්ලන්තය - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 194

(පෝල් ස්ටෙයාර්ලින් 69, සිමි සිං 45, ඇන්ඩි මැක්බ්‍රින් 17, පීටර් සීලර් 27/3, ලෝගන් වැන්බීක් 44/2)

-036


අදහස් (0)

නෙදර්ලන්තයට ලකුණක තියුණු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.