Last Update  :  2024-05-06 19:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story නෙදර්ලන්තය ලකුණු 91 කට සීමා වෙයි
නෙදර්ලන්ත - පාකිස්තාන තරගය

නෙදර්ලන්තය ලකුණු 91 කට සීමා වෙයි

editorial - 2022 ඔක් මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නෙදර්ලන්තය සහ පාකිස්තානය අතර පර්ත් නුවරදී අද (30 වැනිදා) පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ තරගයේදී කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් නෙදර්ලන්තයට ඕවර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 91 ක් පමණි.

එහිදී ශදාබ් ඛාන් ලකුණු 22 කට කඩුලු 3 ක්ද, මොහොමඩ් වසීම් ලකුණු 15 කට කඩුලු 2 ක්ද බිඳහෙළමින් පන්දුවෙන් දස්කම් දැක්වූ අතර ශහීන් අෆ්රිඩි, නසීම් ෂා සහ හාරිස් රවුෆ් එක් කඩුල්ල බැගින් දවාගැනීමට සමත් වූහ.

නෙදර්ලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ කොලින් ඇකර්මාන් හතරේ පහර 2 ක් සමග පන්දු 27 කින් ලකුණු 27 ක් රැස්කළ අතර පිතිකරුවන් 8 දෙනෙකුම ලකුණු 10 සීමාව ඉක්මවා යෑමටත් මත්තෙන් දැවී යෑම නෙදර්ලන්තයට විශාල පාඩුවක් විය.

 
නෙදර්ලනතය - ඕවර 20 කදී කඩුලු 9 කට 91
(කොලින් ඇකර්මාන් 27, ස්කොට් එඩ්වඩ්ස් 15, ශදාබ් ඛාන් 22/3, මොහොමඩ් වසීම් 15/2)

-036


අදහස් (0)

නෙදර්ලන්තය ලකුණු 91 කට සීමා වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.