Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ජේම්ස් නීෂම් (නොදැවී 35) සහ ග්ලෙන් පිලිප්ස් (නොදැවී 39) දෙදෙනා අවසන් මොහොතේදී ආරම්භ කළ අනපේක්‍ෂිත ප‍්‍රහාරය නිසා සැනසුම් සුසුම් හෙළූ නවසීලන්තය සාජා පිටියේදී අද (5 වැනිදා) පැවැති ලෝක කුසලාන තරගයේදී නැමීබියාවට එරෙහිව ලකුණු 52 ක පහසු ජයක් අත්කර ගත්තේය. ලකුණු 164 ක ඉලක්කයක් හඹා ගිය නැමීබියානු පිතිකරුවන්ට ඕවර 20 කදී කඩුලූ 7 ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 111 කි.
ප‍්‍රහාරාත්මක ඕවර 6 දී කඩුලූ ආරක්‍ෂා කරගත් නමුත් වමතින් පා දඟ පන්දු යවන්නා, මිචෙල් සෑන්ට්නර් පන්දුව අතට ගැනීමත් සමගම නැමීබියානු පිතිකරුවෝ සසළ වූහ. ලකුණු 8 ක් ඇතුළත ආරම්භක පිතිකරුවන් දෙදෙනාත් සමගින් කඩුලූ 3 ක් ඇද වැටීමෙන් පසුපාදයට වන් නැමීබියානු පිතිකරුවෝ එතැන් සිට කී‍්‍රඩා කළේ ජයග‍්‍රහණය කරා යාමේ අරමුණකින් තොරව මෙනි. එයින් උපරිම ප‍්‍රයෝජන ගත් ටිම් සවුති සහ ටේරන්ට් බෝල්ට් දෙදෙනා ඉතිරි කඩුලූ 4 බෙදා ගත්හ.
ආරම්භයේදී ආරක්‍ෂාකාරී ගමනක යෙදුණු නැමීබියානු ආරම්භක පිතිකරුවෝ ප‍්‍රහාරාත්මක ඕවර 6 ඇතුළතදී කඩුලූ නොදීමට පරෙස්සම් වූහ. මෙම තරගාවලියේ සුවශේෂී ලක්‍ෂණය වී ඇත්තේ ප‍්‍රහාරාත්මක ඕවර 6 ඇතුළතදී කඩුලූ 2 ක් හෝ වැඩියෙන් අහිමි කරගන්නා කණ්ඩායම් පරාජය වීමයි. ඕවර 6 කඩයිම පැනගත් නමුත් ලකුණු 58 කදී කඩුලූ 7 ක් බිඳ වැටුණු නැමීබියාවට ගොඩඒමක් නොවීය.
ඉනිමේ 15 වැනි ඕවරය නිමා වන විටත් නවසීලන්ත ලකුණු සංඛ්‍යාව වූයේ 91 ක් පමණි. එහෙත් අවසන් මොහොතේදී හතරේ පහර 2 ක් සහ හයේ පහර 6 ක් ඉනිමට එක්කළ නීෂම් සහ පිලිප්ස් දෙදෙනා පන්දු 30 කින් ලකුණු 72 ක් උදුරා ගත්හ.
පළමු ඕවර 15 දීම නැමීබියානුවෝ ග‍්‍රහණය දැඩි කර තිබිණ. කඩුලූ 8 ක් ම අතේ තිබුණද, 10 වැනි ඕවරයේ සිට යැවුණු පන්දු 30 න් නවසීලන්ත පිතිකරුවන්ට ලබාගත හැකිවූයේ ලකුණු 29 කි.
ආරම්භයේ සිටම නවසීලන්තයට අපේක්‍ෂා කළ තරමේ බුරුළක් නොදුන් නැමීබියානු පන්දු යවන්නෝ ප‍්‍රහාරාත්මක ඕවර 6 න් පසුව යැවුණු ඕවර 4 දී ගලා ආ ලකුණු සංඛ්‍යාව 19 කට සීමාකරගත්හ. ඒ අතරවාරයේදී ඩැරිල් මිචෙල්වත් පිටියෙන් ඉවත් කරගත් නැමීබියානු නායකයා තම පන්දු යවන්නන් හොඳින් මෙහෙයවමින් සිටියේය.
නවසීලන්තය - ඕවර 20 කදී කඩුලූ 4 ට 163 යි
(මාටින් ගප්ටිල් 18, ඩැරිල් මිචෙල් 19, කේන් විලියම්සන් 28, ඩොවොන් කොන්වේ 17, ග්ලෙන් පිලිප්ස් නොදැවී 39, ජේම්ස් නීෂම් නොදැවී 35, බර්නාඞ් ෂුල්ට්ස් 15/1, ඬේවිඞ් වීස් 40/1, ජෙරාඞ් එරැස්මස් 22/1)
නැමීබියාව - ඕවර 20 කදී කඩුලූ 7 ක් දැවී 111 යි
(ස්ටීවන් බාඞ් 21, මයිකල් වැන්ලින්ගන් 25, සේන් ගී‍්‍රන් 23, ඬේවිඞ් වීස් 16, ටිම් සවුති 15/2, ටේරන්ට් බෝල්ට් 20/2)
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.