Last Update  :  2024-05-08 21:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story නිලූක විදෙස් තරග බිමෙන්ද සමුගනී

නිලූක විදෙස් තරග බිමෙන්ද සමුගනී

editorial - 2023 ඔක් මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

දේශීය තරග බිමෙන් සමුගෙන වසර දෙකහමාරකට පමණ පසුව විදෙස් තරග බිමෙන්ද සමුගැනීමට ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ඨ බැඞ්මින්ටන් ක්‍රීඩකයකු ලෙස හැඳින්වෙන නිලූක කරුණාරත්න තීරණය කර ඇත. ක්‍රීඩාවෙන් සමුගන්නා විට ඔහු 38 වැනි වියේ පසුවිය. 

2012 වසරේ පැවැති ලන්ඩන් ඔලිම්පික් උළෙලේදී සහ 2016 වසරේ පැවැති රියෝ ඔලිම්පික් උළෙලේදී ශ්‍රී ලංකාව නියොජ්නය කළ නිලූක, අවසන් වරට ක්‍රීඩා කළ ප්‍රධානතම ජාත්‍යන්තර තරගාවලිය වූයේ 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලය. එහි මූලික වටයේ තරග දෙකකදී චීන තායිපේ සහ අයර්ලන්ත ක්‍රීඩකයන් හමුවේ පරාජය වීම හේතුවෙන් නිලූකගේ ඔලිම්පික් ගමන නිමාවට පත් විය.  

සිය ක්‍රීඩා දිවිය තුළ මේ දක්වා ලොව පුරා විවෘත ජාත්‍යන්තර බැඞ්මින්ටන් තරගාවලි 21 කදී රන් පදක්කම් 9 ක්, රිදී පදක්කම් 8 ක් සහ ලෝකඩ පදක්කම් 4 ක් දිනාගැනීමට නිලූක සමත් විය. ඊට දකුණු ආසියානු රිදී ක්‍රීඩා උළෙලේදී දිනූ රිදී පදක්කම් 2 ක් සහ ලෝකඩ පදක්කම් 2 ක් ඇතුළත් විය.   

ලෝක බැඞ්මින්ටන් ශ්‍රේණිගත කිරීම්හි පළමු ක්‍රීඩකයන් 50 දෙනා අතර වසර එකහමාරක කාලයක් රැදී සිටි නිලූක, පළමු ක්‍රීඩකයන් 100 දෙනා අතර වසර 4 කට ආසන්න කාලයක් රැදී සිටියේය. එහිදී ලොව පළමු 20 දෙනා අතර සිටි ක්‍රීඩකයන් සිවුදෙනෙක් පරාජය කිරීමටද ඔහු සමත් වී ඇත. 

2006 වසරේ මෙල්බර්න් නුවර පැවැති පොදුරඳ මඬුලු ක්‍රීඩා උළෙලේදී ලොව 18 වැනි ස්ථානයේ පසුවූ කැනඩාවේ රොබට් මිල්රෝයි පරාජය කළ නිලූක, ලෝක ශ්‍රේණිගත කිරීම්හි 8 වැනි ස්ථානයේ පසුවූ ජපානයේ කෙනිචිකෝ පරාජය කළේ 2012 ලන්ඩන් ඔලිම්පික් උළෙලේදීය. 

ඉන් අනතුරුව 2013 සහ 2014 වසරවල පැවැති ඔස්ටි්‍රයන් ජාත්‍යන්තර අභියෝග බැඞ්මින්ටන් තරගාවලිවලදී පිළිවෙලින් හොං කොං ක්‍රීඩකයන් වන චැන් යැන් කට් (ලොව 13 වැනියා) සහ වේ නන් (ලොව 9 වැනියා) පරාජය කිරීමටද නිලූක සමත් විය. 


අදහස් (0)

නිලූක විදෙස් තරග බිමෙන්ද සමුගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.