Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
පන්දු 28 කින් නොදැවී ලකුණු 55 ක් ලබාගත් නිලක්‍ෂිකා සිල්වාගේ විශිෂ්ට පිතිහරඹය වැස්සට සේදී ගියේය. ඇයගේ ප්‍රවේගකාරී පිතිහරඹය නිසා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (14 වැනිදා) පැවැති ලෝක කුසලාන තරගයේදී නියමිත ඕවර 50 නිමාවේදී කඩුලු 6 ක් දැවී ලකුණු 258 ක් රැස්කර ගත්හ. එහෙත් ශ්‍රී ලංකා කාන්තාවන්ගේ ඉනිම නිමාවීමෙන් සුළු වේලාවකට පසුව ඇදහැළුණු ධාරාණිපාත වර්ෂාව නිසා රාත්‍රී 9.00 වන තුරුත් නවසීලන්ත ඉනිම ආරම්භ කළ නොහැකි විය.
ඕවර සංඛ්‍යාව අඩු කරමින් තරගය පැවැත්වීමට විනිසුරුවරියන් සහ තරග තීරක ජී.එස්. ලක්‍ෂ්මී මහත්මිය උත්සාහ කළ නමුත් රාත්‍රී 9.10 ට පමණ නැවතත් ඇද හැළුණු තවත් ධාරාණිපාත වර්ෂාවක් නිසා එයින් විනාඩි 5 කට පමණ පසුව තරගය විසඳුමකින් තොරව අතහැර දමන ලදි.
මෙම තරගයේ ජයග්‍රාහිකාවන්ට හිමි ප්‍රසාද ලකුණු 02 දෙපිලටම සමසේ බෙදී ගියේය. තරගාවලියේ තරග 4 ක් අවසන් වූවද ප්‍රසාද ලකුණු 02 ක් පමණක් හිමි ශ්‍රී ලංකා කාන්තා පිල ප්‍රසාද ලකුණු සටහනේ 7 වැනි ස්ථානයට පත්වී සිටී.
ශ්‍රී ලංකා ඉනිමේ අවසන් ඕවරයේදී ලකුණු 16 ක් උදුරා ගනිමින් පන්දු 26 කින් අර්ධ ශතකය සම්පූර්ණ කළ නිලක්‍ෂිකා ද සිල්වා එක්දින ලකුණු 1000 කඩඉම ද අද පසුකර ගියාය. එහෙත් තරගය වර්ෂාවට සේදි ගිය බැවින්, යම් හෙයකින් තරගය ජයගත්තා නම්, දක්‍ෂතම ක්‍රීඩිකාව ලෙසින් නිලක්‍ෂිකාට හිමිකරගත හැකිව තිබූ සම්මානයද වැසි වතුරේ ගසාගෙන ගියේය.
මෙම ලකුණු 258 මෙවර කාන්තා ලෝක කුසලාන තරගාවලියේදී කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී වාර්තා වූ ඉහළම ලකුණු සංඛ්‍යාව වන අතර ශ්‍රී ලංකා කණ්ඩායමක් කාන්තා ලෝක කුසලාන තරගාවලියකදී ලබාගත් දෙවැනි ඉහළම ලකුණු සංඛ්‍යාවද වෙයි.
එය නිලක්‍ෂිකාගේ සිව්වැනි එක්දින අර්ධ ශතකය වූ අතර ඇය ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ලකුණු 1000 ක් ලබාගත් ක්‍රීඩිකාවන් අතර 8 වැන්නිය ද වූවාය. පිටියට පිවිසි විගසින්ම චිත්තාකර්ශනීය හයේ පහරකින් ඊඩ්න් කාසන්ට සංග්‍රහ කළ නිලක්‍ෂිකාගේ පන්දු 28 ක අපරාජිත ඉනිම හතරේ පහර 7 කින් ද අලංකාර විය.
තම 20 වැනි එක්දින අර්ධ ශතකය ලබාගත් නායිකා චමරි අතපත්තු (53), විශ්මි ගුණරත්න (42), හසිනි පෙරේරා (44) සහ නිලක්‍ෂිකා ශ්‍රී ලංකා කාන්තාවන්ගේ ලකුණු පුවරුව වෙනුවෙන් වැඩි දායකත්වයක් දැක්වූහ.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දීම තෝරාගත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ, අපහසුවකින් තොරවම පළමු ඕවර 10 දී අවසානයේදී ලකුණු 52 ක් ලබාගත්හ. මෙම කාලසීමාවේදී විශ්මි ගුණරත්න තම කඩුල්ල ආරක්‍ෂා කරගනිමින් සිටියදී චමරි අතපත්තු ලකුණු ලබාගැනීම කෙරෙහි අවධානය යොමු කළාය. දෙදෙනා අතර සම්බන්ධතාව ලකුණු 100 ඉක්මවද්දී චමරි ලකුණු 53 ක් ලබා සිටියද පන්දු 67 කට මුහුණ දී සිටි විශ්මි ගුණරත්න ලබා සිටියේ ලකුණු 33 කි.
ඉනිමේ 40 වැනි ඕවරය ආරම්භ වන විට කඩුලු 2 කට ලකුණු 178 ක් ලබා සිටි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ නිලක්‍ෂිකාගේ පිතිහරඹය නිසාම අවසන් ඕවර 10 දී ලකුණු 80 ක් උදුරා ගත්හ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.