Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(රොෂාන් ගුණරත්න)
රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (10 වැනිදා) ආරම්භ වූ නැෂනල් සුපර් ලීග් තරගාවලියේ දඹුල්ල සහ ගාල්ල කණ්ඩායම් අතර තරගයේ පළමු දිනය නිමාවන විට කාසියේ වාසිය දිනා පළමුව පළමුව පන්දුවට පහරදෙමින් සිටි දඹුල්ල කණ්ඩායම කඩුලු 4 කට ලකුණු 332 ක් ලබා සිටියේය.
තරගාවලියේ 5 වැනි තරගය වූ මෙහිදී නිමේෂ ගුණසිංහගේ (103) සහ මිනෝද් භානුක (නොදැවී 140) ශතක ලබා ගැනීම කැපී පෙණුනි.
ආරම්භක පිතිකරු නිමේෂ ගුණසිංහ සහ නායක මිනෝද් භානුක එක්ව සිව්වැනි කඩුල්ල සඳහා ලකුණු 195 ක සම්බන්ධතාවක් ගොඩනගමින් පළමු දිනයේ වැඩි ගෞරව දඹුල්ල කණ්ඩායමට ලබා දීමට සමත්වූහ.
සිව්වැනි කඩුල්ල ලෙස නිමේෂ ගුණසිංහ දැවී යනවිට පන්දු 221 කට මුහුණදී සිටි අතර හතරේ පහර 5 ක් සමගින් ලකුණු 103 ක් ලබා සිටියේය.
පන්දු 173 ක් පුරා පන්දුවට පහර දෙමින් සිටි මිනෝද් භානුක හතරේ පහර 17 ක් සමගින් ලකුණු 140 ක් ලබාගනිමින් පළමු දිනය අවසානයේ නොදැවී කඩුල්ලේ රැඳී සිටියේය.
ගාල්ල කණ්ඩායමේ නායක ධනංජය ලක්ෂාන් පන්දු යවන්නන් 8 දෙනෙකු යොදාගනිමින් දඹුල්ල කණ්ඩායමේ පිතිකරුවන් මෙල්ල කිරීමට උත්සහ කළද එය නිෂ්ඵල විය. අකිල ධනංජය කඩුලු 2 ක් දවාගත් අතර නිමේෂ් විමුක්ති සහ චානක රුවන්සිරි කඩුල්ල බැගින් දවාගැනීමට සමත්වූහ.
දඹුල්ල පළමු ඉනිම - කඩුලු 5 ක් දැවී 332
(නිමේෂ ගුණසිංහ 103, පවන්ත වීරසිංහ 29, මිනෝද් භානුක නොදැවී 140, අකිල ධනංජය 69/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.