Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
නිපුන් ධනංජය...
නිපුන් ධනංජය (නොදැවී 70), නුවනිඳු ප්‍රනාන්දු (67) සහ දිමුත් කරුණාරත්නගේ (59) අර්ධ ශතක හමුවේ මහනුවර කණ්ඩායමට එරෙහිව පී.සරා ඕවල් ක්‍රීඩාංගණයේදී අද (28 වැනිදා) පැවැති නැෂනල් සුපර් ලීග් තරගාවලියේ 6 වැනි තරගය කඩුලු 6 කින් ජයගැනිමට කොළඹ කණ්ඩායම සමත්විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 272 ක ඉලක්කයක් හඹාගිය කොළඹ කණ්ඩායම ඕවර 48.1 කදි කඩුලු 4 ක් පමණක් දැවී ඉලක්කය පසුකර යෑමට සමත්විය.
දිමුත් කරුණාරත්න, නුවනිඳු ප්‍රනාන්දු සහ නිපුන් ධනංජය අර්ධ ශතක ලබාගනිමින් කොළඹ කණ්ඩායමේ ජයග්‍රහණය දායක වූහ. දිමුත් කරුණාරත්න පන්දු 59 කදි හතරේ පහර 8 ක් සමගින් ලකුණු 59 ක් ද, නුවනිඳු ප්‍රනාන්දු පන්දු 84 කදී හතරේ පහර 6 ක් සමගින් ලකුණු 67 ක් සහ නිපුන් ධනංජය පන්දු 79 කදි හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමගින් නොදැවී ලකුණු 70 ක් ලබාගැනීමට සමත්වූහ.
ආරම්භක පිතිකරු සිතාර ගිම්හාන් පන්දු 38 කදි හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 37 ක් ද අශේන් බණ්ඩාර වේගවත් පිතිහරඹයක නිරත වෙමින් පන්දු 26 කදි හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමගින් නොදැවී ලකුණු 33 ක් ලබාගත්තේය.
මහනුවර කණ්ඩායමේ නායක කමිඳු මෙන්ඩිස් පන්දු යවන්නන් 7 දෙනෙකු යොදාගනිමින් පන්දු යැවූවද කොළඹ කණ්ඩායමේ පිතිකරුවන් මෙල්ල කිරීමට අපොහොසත් වූහ.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් මහනුවර කණ්ඩායම ඕවර 50 අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 271 ක් රැස්කිරීමට සමත්විය.
සහන් ආරච්චිගේ පන්දු 85 කදී හයේ පහරක් සහ හතරේ පහර 9 ක් සමගින් ලකුණු 86 ක් රැස්කිරිමට සමත්වූ අතර පුලින තරංග ලකුණු 36 ක්, කමිඳු මෙන්ඩිස් ලකුණු 35 ක් සහ ලසිත් කෘස්පුල්ලේ ලකුණු 33 ක් ලබාගනිමින් මහනුවර කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට සමත්වූහ.
ළහිරු මදුශංක කඩුලු 4 ක් ද, කළණ පෙරේරා කඩුලු 3 ක් සහ තරිඳු රත්නායක කඩුලු 2 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීමට සමත්වුහ.
මහනුවර කණ්ඩායම - ඕවර 50 කදී සියලුදෙනා දැවී 271
(ලසිත් කෘස්පුල්ලේ 33, කමිඳු මෙන්ඩිස් 35, සහන් ආරච්චිගේ 86, තික්‍ෂිල ද සිල්වා 27, පුලින තරංග 36, ළහිරු මදුශංක 54/4, කළණ පෙරේරා 40/3, තරිඳු රත්නායක 45/2)
කොළඹ කණ්ඩායම - ඕවර 48.1 කදී කඩුලු 4 ක් දැවී 274
(සිතාර ගිම්හාන් 37, දිමුත් කරුණාරත්න 59, නුවනිඳු ප්‍රනාන්දු 67, නිපුන් ධනංජය නොදැවී 70, අශේන් බණ්ඩාර නොදැවී 33, ලසිත් ඇඹුල්දෙණිය 48/2)
නුවනිඳු ප්‍රනාන්දු
ලසිත් කෘස්පුල්ලේ
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.