Last Update  :  2025-05-09 22:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story නැඟීඑන පිලෙන් සාර්ථක ආරම්භයක්
එංගලන්ත සංචාරය

නැඟීඑන පිලෙන් සාර්ථක ආරම්භයක්

editorial - 2022 මැයි මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දින එකහමාරක් පිතිහරඹයේ යෙදෙමින් ලකුණු ගොඩගසාගත් කෙන්ට් පිල හමුවේ සාර්ථක ආරම්භයක් ලබාගත් ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ පිතිකරුවෝ කෙන්ට් පිලට එරෙහිව කෙන්ට් ප්‍රාන්ත පිටියේදී පැවැත්වෙන සිව්දින තරගයේ දෙවැනි දිනය වූ සෙනසුරාදා සවස ක්‍රීඩාව නතර කරන විට සිය මුල් ඉනිම වෙනුවෙන් කඩුල්ලක් දැවී ලකුණු 201 ක් ලබා සිටියහ. කෙන්ට් පිලේ මුල් ඉනිම ඕවර 137 ක් හෙවත් පැය 10 කට ආසන්න කාලයක් පැවැති අතර ශතක 3 කින් සවිමත් වූ එය කඩුලු 8 කට ලකුණු 595 ක් ලබා තිබියදී නතර කෙරිණ.

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ පළමු කඩුල්ල ලකුණු 14 දී බිඳ වැටුණ නමුත් එතැන් සිට දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 187 ක අඛණ්ඩ සම්බන්ධතාවක් ගොඩනැංවූ ලසිත් කෲස්පුල්ලේ (නොදැවී 86) සහ නිශාන් මධුෂ්ක (නොදැවී 104) එක්ව ශ්‍රී ලංකා නැගී එන පිල ලකුණු 200 සීමාවෙන් ඔබ්බට ගෙන ගියහ. කෙසේ වෙතත් මේ වන විටත් ලකුණු 394 ක් පසුපසින් සිටින බැවින් කෙන්ට් පිලට සටනක් දීමට නම් තවත් දිගු ඉනිම දෙකක් ශ්‍රී ලංකා නැගීඑන පිලට ඕනෑකර තිබේ.

පැය 3 කට ආසන්න කාලයක් තුළදී පන්දු 109 කට මුහුණ දුන් ලසිත් කෲස්පුල්ලේ, හතරේ පහර 10 කින් සහ හයේ පහර 2 කින් සිය ඉනිම සරසද්දී, නිශාන් මධුෂ්ක තරමක් ආක්‍රමණශීලී ලෙසින් තරගයට අවතීර්ණ විය. හෝරා දෙකකට මඳක් වැඩි කාලයකදී පන්දු 120 කට මුහුණ දුන් මධුෂ්කගේ ලකුණු 104 න් 78 ක්ම හතරේ පහර 18 කින් සහ හයේ පහරකින් ලබාගත් ඒවා විය.

කෙන්ට් මුල් ඉනිමේදී ශ්‍රී ලංකා නැඟීඑන පිලේ නායක නිපුන් ධනංජය, පන්දු යවන්නන් 8 දෙනකු යොදවාගත් නමුත් කිසිවකුට කඩුලු 2 කට වඩා දවාගත නොහැකි විය. යොවුන් වේගපන්දු යවන්නකු වන යසිරු රුද්‍රිගු, දකුණතින් වේගපන්දු යවන්නන් වන ධනංජය ලක්ෂාන් සහ උදිත් මධුෂාන් කඩුලු 2 ක් බැගින් දවාගත් පන්දු යවනනෝ වූහ.
අද තරගයේ තුන්වැනි දිනයයි. මෙය සිව්දින තරගයකි.


කෙන්ට් ප්‍රාන්තය - පළමු ඉනිම කඩුලු 8 ට 595 යි.
(මාකස් ඕ’රියෝඩන් 31, ජෝ ඩෙන්ලි 35, ජැක් ලීනිං 22, ඩැරන් ස්ටීවන්ස් 168, ජෝර්ජ් ලින්ඩි 107, බිලී මීඩ් නොදැවී 108, හමිදුල්ලා ක්වද්රි 34, හෙන්රි පොඩ්මෝර් 56, ජස්කරාන් සිං නොදැවී 14, උදිත් මධුෂාන් 109/2, යසිරු රුද්රිගු 90/2, ධනංජය ලක්ෂාන් 106/2)

ශ්‍රී ලංකා ක්‍රිකට් නැගී එන කණ්ඩායම - පළමු ඉනිම කඩුල්ලක් දැවී 201 යි
(නිෂාන් මධුෂ්ක නොදැවී 104, ලසිත් කෲස්පුල්ලේ නොදැවී 86)

- 213

 


අදහස් (0)

නැඟීඑන පිලෙන් සාර්ථක ආරම්භයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.