Last Update  :  2025-05-04 21:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story නැඟී එන කණ්ඩායම් ශූරතාව ද්‍රවිඩ සංගමයට

නැඟී එන කණ්ඩායම් ශූරතාව ද්‍රවිඩ සංගමයට

editorial - 2022 අප්‍රේ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දිලුම් සුධීර...

(රොෂාන් ගුණරත්න)

දිලුම් සුධීරගේ තුන් ඉරියව් දස්කම් හමුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ නැඟී එන කණ්ඩායම් අතර තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ද්‍රවිඩ සංගම් පිල අද (24 වැනිදා) සමත්විය. සෙබස්තියනයිට්ස් පිලට එරෙහිව එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් තරගය ලකුණු 44 කින් ජය ගැනීමට ද්‍රවිඩ සංගම් පිලට හැකිවිය.

ජයග්‍රහණය සඳහා ලකුණු 211 ක ඉලක්කයක් හඹාගිය සෙබස්තියනයිට්ස් පිල සිය දෙවැනි ඉනිම සඳහා සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 166 ක් පමණි. අවසන් භාගය වනතෙක් තරගය ජය ගැනීම සඳහා දෙපිළ අතර තියුණු සටනක් පැවැති අතර දිලුම් සුධීර ඇතුළු පන්දු යවන්නන්ගේ දක්ෂතාව හේතුවෙන් තරගයේ ජය ද්‍රවිඩ සංගම් පිල සතුවිය.

ලකුණු 19 කට කඩුලු 3 ක් බිඳවැටී තිබියදී සිව්වැනි කඩුල්ල සඳහා ලකුණු 56 ක සම්බන්ධතාවක් ගොඩනගමින් සෙබස්තියනයිට්ස් ඉනිම ගොඩනැගීමට විශාල් සිල්වා සහ විමුද් සප්නක සමත්වූහ. නමුත් ඉන් පසුව කඩුලු අතර සුළු සුළු සම්බන්ධතා ඇති වුවද සෙබස්තියනයිට්ස් පිල ජයග්‍රහණය කරා රැගෙන යාමට පිතිකරුවෝ අපොහොසත් වූහ.

විමුද් සප්නක පන්දු 84 ක් පුරා කඩුල්ලේ රැඳී සිටිමින් හතරේ පහර 6 ක් සමගින් ලකුණු 52 ක් සහ විශාල් සිල්වා පන්දු 58 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 33 ක් ලබාගැනීමට සමත්වූහ.

පළමු ඉනිමේදී කඩුලු 7 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූ දිලුම් සුධීර දෙවැනි ඉනිමේදීද තවත් කඩුලු 5 ක් දවාගනිමින් ද්‍රවිඩ සංගම් පිල ජයග්‍රහණය කරා රැගෙන යාමේ වැඩි ගෞරව හිමිකර ගැනීමට සමත්විය.

දෙවැනි දිනය වූ ඊයේ (23 වැනිදා) තරගය අවසන් කරන විට ලකුණු 39 කට කඩුලු 3 ක් අහිමිකර ගෙන සිටි ද්‍රවිඩ සංගම් පිලට අද දිනයේදී ඉතුරු කඩුලු 7 අහිමිකර ගනිමින් ලබාගැනීමට හැකිවූයේ තවත් ලකුණු 84 ක් පමණි.

ලකුණු 36 ක් ලබාගත් දිලුම් සුධීර ද්‍රවිඩ සංගම් දෙවැනි ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ අතර සංතුෂ් ගුණතිලක ලකුණු 32 ක් ලබාගත්තේය.

පන්දු යවන්නන්ගේ කාර්ය භාර්ය මැනවින් ඉටුකළ මනෙල්ක ද සිල්වා කඩුලු 5 ක් සහ තරිඳු රත්නායක කඩුලු 4 ක් දවාගනිමින් ද්‍රවිඩ සංගම් දෙවැනි ඉනිම ලකුණු 123 කට සීමා කිරීමට සමත්වූහ. තරිඳු රත්නායක පළමු ඉනිමේදී කඩුලු 5 ක් දවාගත් අතර මනෙල්ක ද සිල්වා කඩුලු 2 ක් දවාගැනීමට සමත්වූහ.


ද්‍රවිඩ සංගම් පළමු ඉනිම - සියලු දෙනා දැවී 254
(සුපුන් කාවින්ද 24, සංතුෂ් ගුණතිලක 27, රවිඳු ප්‍රනාන්දු 76, කවිඳු පතිරත්න 24, රවීන් ද සිල්වා 30, දිලුම් සුධීර 23, තරිඳු රත්නායක 113/5, සඳුන් ප්‍රනාන්දු 24/2, මනෙල්ක ද සිල්වා 36/2)

සෙබස්තියනයිට්ස් පළමු ඉනිම - සියලු දෙනා දැවී 167
(සඳුන් ප්‍රනාන්දු 26, තරිඳු රත්නායක 23, විමුද සප්නක 46, දිලුම් සුධීර 65/7)

ද්‍රවිඩ සංගම් දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 123
(සංතුෂ් ගුණතිලක 32, දිලුම් සුධීර 36, මනෙල්ක ද සිල්වා 27/5, තරිඳු රත්නායක 56/4)

සෙබස්තියනයිට්ස් දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 166
(විශාල් සිල්වා 33, විමුද් සප්නක 52, දිලුම් සුධීර 61/5, කවිඳු පතිරත්න 24/2)

සංතුෂ් ගුණතිලක (වමේ) සහ දිලුම් සුධීර (දකුණේ)...

 

මනෙල්ක ද සිල්වා...


අදහස් (0)

නැඟී එන කණ්ඩායම් ශූරතාව ද්‍රවිඩ සංගමයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.