Last Update  :  2024-05-06 19:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story නවසීලන්තයට ලකුණු 61 ක ජයක්

නවසීලන්තයට ලකුණු 61 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2018 ජන මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක පාකිස්තාන කණ්ඩායමට එරෙහිව වෙලිංටන්හිදී පැවැති අද (6 වැනිදා) පැවැති පළමු එක්දින තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 61 ක ජයක් අත්කර ගැනීමට සත්කාරක නවසීලන්ත කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය සඳහා පාකිස්තාන කණ්ඩායමට ලකුණු 316 ක ඉලක්කයක් හිමි වූ අතර වර්ෂාව නිසා ඕවර 30.1 අවසානයේ තරගය නතර කරන විට ඔවුන් කඩුලු 6 ක් දැවී ලබා සිටියේ ලකුණු 166 ක් පමණි. ඒ අනුව නවසීලන්ත කණ්ඩායමට ලකුණු 61 ක් ජයක් හිමිවිය.

පාකිස්තන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ෆකාර් සමාන් පන්දු 86 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 82 ක් රැස්කරමින් තරගය නතර කරන තෙක් නොදැවී කඩුල්ලේ රැදී සිටියේය. අසාර් අලී (06), බාබර් අසාම් (00), මොහොමඞ් හෆීස් (01) සහ සර්ෆ්‍රාස් අහමඞ් (08) යන ප්‍රභල පිතිකරුවන් සිවුදෙනාම ලකුණු 10 සීමාව ඉක්මවා යෑමට පෙර දැවී යෑම පාකිස්තාන කන්ඩායමට විශාල පාඩුවක් විය.

දක්ෂ පන්දු යැවීමක නිතර වූ ටිම් සවුති ලකුණු 22 කට කඩුලු 3 ක් දවාගත් අතර පාකිස්තාන කණ්ඩායමේ මුල් පෙළ සුනුවිසුණු කර දැමීම සඳහා ඔහුට අනගි සහායක් දුන් ටේ‍රන්ට් බෝල්ට් ලකුණු 35 කට කඩුලු 2 ක් දවාගත්තේය.

පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායමේ පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 75 කදී ලකුණු 83 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට මාටින් ගප්ටිල් (48) සහ කොලින් මුන්රෝ (58) සමත් වූහ. පන්දු 72 කදී වාර්තා වූ ගප්ටිල්ගේ ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් ඇතුළත් වූ අතර පන්දු 35 කදී වාර්තා වූ මුන්රෝගේ වේගවත් අර්ධ ශතකයට හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් අන්තර්ගත විය.

පන්දු 117 කදී සිය 10 වැනි එක්දින ශතකය ලබාගත් නායක කේන් විලියම්සන් එය හයේ පහරකින් සහ හතරේ පහර 8 කින් අලංකාර කළේය. මාටින් ගප්ටිල් සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 84 කදී ලකුණු 73 ක සම්බන්ධතාවක් ගොඩනැගූ විලියම්සන්, ඉන් නොනැවතී හෙන්රි නිකලස් (50) සමග එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 80 කදී ලකුණු 90 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් නවසීලන්ත ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීය. පන්දු 43 කට මුහුණ දුන් හෙන්රි නිකලස් හතරේ පහර 4 කින් සිය ඉනිම සැරසීය.


නවසීලන්තය - ඕවර 50 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 315
(මාටින් ගප්ටිල් 48, කොලින් මුන්රෝ 58, කේන් විලියම්සන් 115, හෙන්රි නිකලස් 50, හසන් අලී 61/3)

පාකිස්තානය - ඕවර 30.1 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 166
(ෆකාර් සමාන් නොදැවී 82, ෆහීම් අෂ්රෆ් 28, ටිම් සවුති 22/3, ටේ‍රන්ට් බෝල්ට් 35/2)

 


- 036

 


අදහස් (0)

නවසීලන්තයට ලකුණු 61 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.