Last Update  :  2025-07-26 19:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story නවසීලන්තයට පහසු ජයක්
කාන්තා ලෝක කුසලාන - 2022

නවසීලන්තයට පහසු ජයක්

editorial - 2022 මාර් මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කාන්තා ලෝක කුසලාන තරගාවලියේ පස්වැනි තරගය ලෙස නවසීලන්තය සහ බංග්ලාදේශය අතර ඩනෙඩින්හි යුනිවර්සිටි ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් කඩුලු 9 ක ජයක් වාර්තා කිරීමට නවසීලන්ත ක්‍රීඩිකාවෝ සමත් වූහ.

වර්ෂාව හේතුවෙන් තරගයේ ඉනිමක් ඕවර 27 කට සීමා වූ අතර එහිදී ජයග්‍රහණය සඳහා ලකුණු 141 ක ඉලක්කයක් හඹාගිය නවසීලන්ත කාන්තාවෝ ඕවර 20 ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී පහසුවෙන්ම එම ඉලක්කය පසුකර ගියහ.

නායක සොෆී ඩේවින් ලකුණු 14 කට දැවී ගියද, ඇමීලියා කේර් (නොදැවී 47) සමග එක්වූ සූසී බේට්ස් (නොදැවී 79) දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 80 කදී ලකුණු 108 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනගමින් නවසීලන්ත කාන්තා කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියාය. එහිදී පන්දු 68 කට මුහුණදුන් බේට්ස් හතරේ පහර 8 කින් සිය අර්ධ ශතකය සැරසූ අතර පන්දු 37 කදී වාර්තා වූ කේර්ගේ ඉනිම හතරේ පහර 5 කින් සමන්විත විය. සොෆී ඩේවින් දැවී ගියේ සල්මා ඛාතූන්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීම හේතුවෙනි.

පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කාන්තා කණ්ඩායමට ඇමී සැටර්ත්වයිට් ප්‍රමුඛ නවසීලන්ත පන්දු යවන්නියන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 27 අවසන් වන විට ලබාගත හැකි වූයේ ලකුණු 140 ක් පමණි. දක්ෂ පන්දු යැවීමක නිරත වූ සැටර්ත්වයිට් ලකුණු 25 කට කඩුලු 3 ක් දවාගත්තාය.

බංග්ලාදේශ කාන්තා ඉනිමේ වැඩිම ලකුණු ලාභිණිය බවට පත් වූ ආරම්භක පිතිකාරිණී ෆර්ගනා හෝක් පන්දු 63 කදී ලකුණු 52 ක් රැස්කළේ හතරේ පහරක් සමගිනි. ශමීමා සුල්තානා (33) සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 56 කදී ලකුණු 59 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද ෆර්ගනා සමත් වූවාය.

බංග්ලාදේශ කාන්තා පිල - ඕවර 27 කදී කඩුලු 8 ක් දැවී 140

(ශමීමා සුල්තානා 33, ෆර්ගනා හොක් 52, ඇමී සැටර්ත්වයිට් 25/3)

නවසීලන්ත කාන්තා පිල - ඕවර 20 කදී කඩුල්ලක් දැවී 144

(සොෆී ඩේවින් 14, සුසී බේට්ස් නොදැවී 79, ඇමීලියා කේර් නොදැවී 47)

 

-036


අදහස් (0)

නවසීලන්තයට පහසු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.