Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ටෙස්ට් පිටියෙන් සමුගත් රොස් ටේලර්, සිය අවසන් තරගයේදී අනගි මතක සටහනක් ඉතිරි කරගනිමින් බංග්ලාදේශයට එරෙහිව පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී අවසන් කඩුල්ල දවාගත්තේ ඉනිමක සහ ලකුණු 117 ක ජයක් නවසීලන්තයට අත්කර දෙමිනි. මෙම ජයත් සමගින් තරග දෙකකින් සමන්විත තරගාවලිය 1-1 ක් ලෙසින් සමකිරීමට නවසීලන්ත කණ්ඩායමට හැකි විය.
පිට පිටම දෙවැනි වරටත් පන්දුවට පහර දෙමින් සිටි බංග්ලාදේශය වෙනුවෙන් සටන්කාමී පිතිහරඹයක නිරත වූ ලිටන් දාස්, නොදැවී ලකුණු 102 ක් ලබාගත්තද බංග්ලාදේශ දෙවැනි ඉනිම ලකුණු 278 කට නිමා විය. ඉනිමක පරාජයෙන් ගැලවීමට නම් බංග්ලාදේශය සිය දෙවැනි ඉනිමේදී ලකුණු 395 ක් ලබාගත යුතුව තිබිණ.
දෙවැනි ඉනිමේදී බංග්ලාදේශයේ ඉදිරිපෙළ පිතිකරුවෝ කඩුලු 3 කට 123 ක් දක්වා තම කණ්ඩායම ඉදිරියට ගෙන ගියහ. එහෙත් මොමිනුල් හක් දැවීයාමෙන් පසුව බංග්ලාදේශය වෙනුවෙන් හුදෙකළා සටනක නිරත වූ ලිටන් දාස්, ලකුණු සංඛ්‍යාව 269 වනතෙක්ම කඩුල්ලේ රැඳී සිටියේය.
කයිල් ජැමීසන් (82/4) සහ නීල් වැග්නර් (77/3) දෙදෙනා තර්ජනාත්මක පන්දු යැවීමක නිරත වූවද නුරුල් හසන් සමගින් එක්ව 6 වැනි කඩුල්ල වෙනුවෙන් ශතක සම්බන්ධතාවක නිරත වූ ලිටන් දාස්ගේ පැය 3 කට මඳක් දිගු වූ ඉනිම හතරේ පහර 14 කින් සහ හයේ පහරකින් අලංකාර වී තිබිණ.
ලෝක ටෙස්ට් ශූරතාවලියට අයත් මෙම තරගාවලියේ පළමු තරගයේදී බංග්ලාදේශයට කඩුලු 8 ක විශිෂ්ට ජයක් ලැබිණ.
37 හැවිරිදි වියේ සිටින රොස් ටේලර්ගේ අවසන් ටෙස්ට් තරගය වූයේද මෙයයි.
සාමාන්‍යයෙන් පන්දු නොයවන නමුත් අවසන් ඕවර කිහිපය යැවූ රොස් ටේලර් එබාදත් හොසේන්ගේ කඩුල්ල දවාගනිමින් නවසීලන්ත ජයග්‍රහණය සම්පූර්ණ කළේය. ටෙස්ට් පිටියෙන් නික්ම යන විට නවසීලන්තය වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු සංඛ්‍යාව ලබා සිටි රොස් ටේලර්ගේ නමට ඉදිරියෙන් ලකුණු 7,683 ක් සටහන් වී තිබිණ.
නවසීලන්තය - පළමු ඉනිම කඩුලු 6 ට 521 යි
බංග්ලාදේශය - පළමු ඉනිම 126 යි
බංග්ලාදේශය - දෙවැනි ඉනිම 278 යි
(ශද්මන් ඉස්ලාම් 21, මොහොමඞ් නයීම් 24, නජ්මුල් හොසේන් ශන්ටෝ 29, මොමිනුල් හක් 37, ලිටන් දාස් 102, නුරුල් හසන් 36, කයිල් ජැමීසන් 82/4, නීල් වැග්නර් 77/3)
-213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.