Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාවට එරෙහිව මුම්බායිහි වන්කඩේ කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ ජයග‍්‍රහණය සඳහා ලකුණු 540 ක ඉලක්කයක් හඹායමින් සිටින නවසීලන්තය, තරගයේ තෙවැනි දිනය වූ අද (5 වැනිදාෙ) කී‍්‍රඩාව නතර කරන විට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලූ 5 ක් දැවී ලකුණු 140 ක් ලබා සිටියේය. ඒ අනුව ඔවුහු කඩුලූ 5 ක් ඇතැතිව ජයග‍්‍රහණය සඳහා තවත් ලකුණු 400 ක් පසුපසින් සිටිති.
තෙවැනි දිනය අවසන් වන විට හෙන්රි නිකෝල්ස් හතරේ පහර 7 ක් සමග ලකුණු 36 ක්ද, රචින් රවින්ද්‍ර ලකුණු 2 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ. ලකුණු 55 කට කඩුලූ 3 ක් බිඳවැටී තිබියදී නිකෝල්ස් සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 73 ක සම්බන්ධතාවක් ගොඩැනීගමට ඩැරිල් මිචෙල් (60) සමත් විය.
අක්සර් පටේල්ගේ පන්දුවක් හමුවේ මිචෙල්් දැවීයාමත් සමග එම සම්බන්ධතාව නිමාවට පත්වූ අතර පිටියෙන් ඉවත්ව යන විට ඔහුගේ ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 7 ක් ඇතුළත්ව තිබිණ. දක්ෂ පන්දු යැවීමක නිරත වූ රවිචන්ද්‍රන් අෂ්වින් ලකුණු 27 කට කඩුලූ 3 ක් දවාගනිමින් නවසීලන්ත මුල් පෙළ බිඳ දැමුවේය.
දෙවැනි දිනය වූ ඊයේ (4 වැනිදා) තරගය නතර කරන විට කිසිවකු නොදැවී ලකුණු 69 ක් ලබා සිටි ඉන්දීය කී‍්‍රඩකයෝ, අද දිනයේදී කඩුලූ 7 ක් දැවී සිය දෙවැනි ඉනිමට තවත් ලකුණු 207 ක් එක්කර ගත්හ. පළමු ඉනිමේදී ශතකයක් ලබාගත් ආරම්භක පිතිකරු මායන්ක් අගර්වාල් (62) හයේ පහරක් සහ හතරේ පහර 9 ක් සමග දෙවැනි ඉනිමේදීද අර්ධ ශතකයක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වීය.
චෙතේෂ්වර් පුජාරා හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමග ලකුණු 47 ක්ද, ශුබ්මන් ගිල් හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 47 ක්ද, නායක විරාට් කෝලි හයේ පහරක් සහ හතරේ පහරක් සමග ලකුණු 36 ක්ද රැස්කරමින් ඉන්දීය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ. එහිදී වේගවත් පිතිහරඹයක නිරත වූ අක්සර් පටේල් පන්දු 26 කදී නොදැවී ලකුණු 41 ක් රැුස්කළේ හයේ පහර 4 ක් සහ හතරේ පහර 3 ක් සමගිනි.
ඉන්දීය පළමු ඉනිම - සියලූ දෙනා දැවී 325
නවසීලන්ත පළමු ඉනිම - සියලූ දෙනා දැවී 62
ඉන්දීය දෙවැනි ඉනිම - කඩුලූ 7 ක් දැවී 276
(මායන්ක් අගර්වාල් 62, චෙතේෂ්වර් පුජාරා 47, ශුබ්මන් ගිල් 47, විරාට් කෝලි 36, අක්සර් පටේල් නොදැවී 41, අජාස් පටේල් 106/4, රචින් රවින්ද්‍ර 56/3)
නවසීලන්ත දෙවැනි ඉනිම - කඩුලූ 5 ක් දැවී 140
(විල් යංග් 20, ඩැරිල් මිචෙල් 60, හෙන්රි නිකෝල්ස් 36, රවිචන්ද්‍රන් අෂ්වින් 27/3)
ඡායාරූපය - ඒ.එෆ්.පී අනුග්‍රහයෙනි..
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.