Last Update  :  2024-05-20 19:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story නවසීලන්තය අපරාජිත බව රැකගනී
ලෝක කුසලාන ක්‍රිකට් - 2023

නවසීලන්තය අපරාජිත බව රැකගනී

editorial - 2023 ඔක් මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නවසීලන්තය සහ ඇෆ්ඝනිස්ථානය අතර චෙන්නායි නුවර එම්.ඒ. චිදම්බරම් ක්‍රීඩාංගණයේදී ඊ‍යේ (18 වැනිදා) පැවැති ‍එක්දින‍ ලෝක කුසලාන ක්‍රිකට් තරගයෙන් 149 ක දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කිරීමට නවසීලන්තය සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 289 ක ඉලක්කයක් හඹාගිය ඇෆ්ඝනිස්ථානයට ඕවර 34.4 ක් අවසන් වන විට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 139 ක් පමණි.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ වේග පන්දු යවන ක්‍රීඩක ලොකී ෆර්ගසන් නිලකුණු ඕවරයක්ද සමග ඕවර 7 ක් යවමින් ලකුණු 19 කට කඩුලු 3 ක් දවාගත් අතර ඇෆ්ඝනිස්ථාන ඉනිම සුනුවිසුණු කර දැමීම සඳහා ඔහුට අනගි සහායක් දුන් මිචෙල් සෑන්ට්නර් ලකුණු 39 කට කඩුලු 3 ක්ද, ට්‍රෙන්ට් බෝල්ට් ලකුණු 18 කට කඩුලු 2 ක්ද බිඳහෙළූහ.

ඇෆ්ඝනිස්තාන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ රාමට් ෂා පන්දු 62 කදී ලකුණු 36 ක් රැස්‍කළේ හතරේ පහරක් සමගිනි. අස්මතුල්ලා ඔමර්සායි පන්දු 32 කදී හතරේ පහර 2 ක් සමග ලකුණු 27 ක් රැස්කළ අතර ඉක්‍රම් අලිඛිල් පන්දු 21 කදී හතරේ පහර 3 ක් සමග නොදැවී ලකුණු 19 ක් ලබා ඇෆ්ඝනිස්ථාන ඉනිම නිමාවට පත්වන තෙක්ම කඩුල්ලේ රැදී සිටියේය.

කාසි‍යේ වාසිය දිනූ ඇෆ්ඝනිස්ථාන නයක හෂ්මතුල්ලා ශහිදිගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්තය, ඕවර 50 අවනසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 288 ක් ලබාගත්තේය. එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ ග්ලේන් පිලිප්ස් පන්දු 80 කින් ලකුණු 71 ක් රැස්කළේ හයේ පහර 4 ක් සහ හතරේ පහර 4 ක් සමගිනි.

නායක ටොම් ලේතම් පන්දු 68 කදී හයේ පහර 2 සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 68 ක් රැස්කළේය. පිලිප්ස් සමග එක්ව නවසීලන්ත ඉනිමේ පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 144 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද ලේතම් සමත් විය. ආරම්භක පිතිකරු විල් යංග් පන්දු 64 කදි හ‍යේ පහර 3 ක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 54 රැස්කරමින් නවසීලන්තයට සාර්ථක ආරම්භයන් ලබාදුන්නේය.

 

නවසීලන්තය - ඕවර 50 කදී කඩුලු 6 ක් දැවී 288
(ඩෙවොන් කොන්වේ 20, විල් යංග් 54, රචින් රවින්ද්‍රා 32, ටොම් ලේතම් 68, ග්ලේන් පිලිප්ස් 71, මාක් චැප්මන් නොදැවී 25, නවීඩ් උල්හක් 48/2, අස්මතුල්ලා ඔමර්සායි 56/2)

ඇෆ්ඝනිස්ථානය - ඕවර 34.4 කදී සියලු දෙනා දැවී 139
(රාමට් ෂා 36, අස්මතුල්ලා ඔමර්සායි 27, ඉක්‍රම් අලිඛිල් නොදැවී 19, ලොකී ෆර්ගසන් 19/3, මිචෙල් සෑන්ට්නර් 39/3, ට්‍රෙන්ට් බෝල්ට් 18/2)

-036


අදහස් (0)

නවසීලන්තය අපරාජිත බව රැකගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.