Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පළමු ටෙස්ට් තරගයේදී ලකුණු 105 කට කඩුලු 6 ක් දවාගනිමින් ශ්‍රී ලංකා පිතිකරුවන් අසරණ කළ පිට දඟ පන්දු යවන්නා වන නයීම් හසන්ට දෙවැනි ටෙස්ට් තරගය අහිමි වීමට ඉඩ ඇති බව බංග්ලාදේශයෙන් ලැබෙන ආරංචි මාර්ග වලින් වාර්තා වේ. චිතගොන් ටෙස්ට් තරගයේ පන්දු යවමින් සිටියදී තමන් වෙත ආපසු පැමිණි පන්දුවක් රැකගැනීමට යාමේදී නයීම් හසන්ගේ මැදඟිල්ලේ අස්ථිය සියුම්ව පුපුරා ගොස් තිබේ.
එක්ස් කිරණ පරීක්‍ෂණයකින් කියැවෙන්නේ ඔහුගේ මැදඟිල්ලේ අස්ථිය බිඳී ඇති බවයි.
ශාරීරික ආබාධ හේතුවෙන් වේග පන්දු යවන ක්‍රීඩක ටස්කින් අහමඩ් සහ දඟ පන්දු යවන්නා වන මෙහෙදි හසන් දෙදෙනාම මේ වන විටත් බංග්ලාදේශ පිලට අහිමි වී තිබේ. බංග්ලාදේශයේ ප්‍රධානතම වමත් වේග පන්දු යවන්නා වන ෂොරිෆුල් ඉස්ලාම් ද මැණික් කටුවේ ආබාධයක් හේතුවෙන් දෙවැනි ටෙස්ට් තරගයෙන් ඉවත් කර තිබේ.
නවතම තත්ත්වය අනුව බංග්ලාදේශ කණ්ඩායමේ පන්දු යැවීමේ අංශය තවදුරටත් දුර්වල වෙමින් පවතී.
“මා හිතන්නේ ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය එයාට අහිමි වේවි” යයි බංග්ලාදේශ තේරීම් කමිටුවේ සාමාජිකයකු වන හබිබුල් බෂාර් මහතා පවසා තිබේ.
“එයාගේ ඇඟිල්ලේ අස්ථි පිපිරුම කොයි තරම් බරපතළද කියලා අද දවසේ (සිකුරාදා) අපට දැනගන්නට ලැබේවි. ඒත් අපි දැනට දන්නා දේ තමයි ඔහුගේ මැදඟිල්ලේ අස්ථිය පුපුරලා කියන එක.” යයි ද හබිබුල් බෂාර් මහතා පවසා ඇත.
මෙහෙදි හසන්ගේ ආබාධය හේතුවෙන් පළමු ටෙස්ට් තරගයට එක්වූ නයීම් හසන් චිතගොන්හිදී ලකුණු 105 කට කඩුලු 6 ක් දවාගත්තේය. බංග්ලාදේශ යොවුන් කණ්ඩායමේ සාමාජිකයකුව සිටි නයීම් හසන් තවමත් 22 හැවිරිදි ක්‍රීඩකයකු වන නමුත් ටෙස්ට් තරග 8 කදී කඩුලු 31 ක් දවාගත් ක්‍රීඩකයෙකි.
-213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.