Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story නඩාල් පළමු වටය ජයගනී
ඕස්ටේ‍්‍රලියානු විවෘත ටෙනිස් තරගාවලිය

නඩාල් පළමු වටය ජයගනී

editorial - 2022 ජන මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඕස්ටේ‍්‍රලියානු විවෘත ටෙනිස් තරගාවලියේදී සිය 21 වැනි ග‍්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතාව හඹායන ස්පාඤයේ රෆායල් නඩාල් අද (17 වැනිදා) පැවති මූලික වටයේ තරගයකදී වට 3-0 ක් ලෙස ඇමරිකාවේ මාකස් ගිරොන් පරාජය කිරීමට සමත් විය. 

ලෝක ටෙනිස් ශ්‍රේණිගතකිරීම්හි 6 වැනි ස්ථානයේ පසුවන නඩාල්, මෙවර තරගාවලියට සහභාගි වී සිටින කී‍්‍රඩකයන් අතරින්  ඕස්ටේ‍්‍රලියානු විවෘත ශූරතාව දිනා ඇති එකම කී‍්‍රඩකයාද වේ. මේ වන විට 34 වැනි වියේ පසුවන නඩාල් මින් පෙර  ඕස්ටේ‍්‍රලියානු විවෘත ශූරතාවක් දිනා ඇත්තේ 2009 වසරේදීය. 

පාදයේ ආබාධයක් හේතුවෙන් මාස 5 ක විවේකයකින් පසුව යළිත් තරග බිමට අවතීර්ණ වූ නඩාල්, මූලික වටයේ තරගය ජයගනු ලැබුවේ ලකුණු 6/1 ක්, 6/4 ක් සහ 6/2 ක් ලෙසිනි. එහිදී මාකස්ට තමා පසුකර ඉදිරියට යෑමට කිසිදු ඉඩක් ලබා නොදුන් නඩාල් තරගය පුරා සිය අණසක පැතිරවීය. 

කොවිඞ් ප‍්‍රති එන්නත ලබා නොතිබීම හේතුවෙන් අවසන් වරට පැවැති  ඕස්ටේ‍්‍රලියානු විවෘත තරගාවලියේ ශූරයා වන සර්බියාවේ නොවැකි ජොකොවික්ගේ විසා බලපත‍්‍රය අවලංගු කිරීමට  ඕස්ටේ‍්‍රලියානු ආගමන සහ විගමන අමාත්‍යවරයා කටයුතු කිරීම නිසා ඔහුට මෙවර තරගාවලියට සහභාගි වීමේ අවස්ථාව අහිමිවිය. 

එබැවින් මෙවර තරගාවලියේ ශූරතාව දිනාගනිමින් ලොව වැඩිම ග‍්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතා සංඛ්‍යාවක් දිනාගත් කී‍්‍රඩකයා බවට පත්වීමේ තනි අයිතියට හිමිකම් කීමට නඩාල්ට වැඩි අවස්ථාවක් පවතී. මේ වන විට ග‍්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතා 20 ක් ජයගෙන සිටින නඩාල්, ලොව වැඩිම ග‍්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතා සංඛ්‍යාවකට හිමිකම් කියන කී‍්‍රඩකයකු ලෙස ජොකොවික් සහ ස්විට්සර්ලන්තයේ රොජර් ෆෙඩරර් සමග සම තත්ත්වයේ පසුවේ. 

-036 


අදහස් (0)

නඩාල් පළමු වටය ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.