Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(රොෂාන් ගුණරත්න)
නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ ධනංජය ද සිල්වාගේ (101) ශතකය හමුවේ මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී ඊයේ (4 වැනිදා) පැවැති නැෂනල් සුපර් ලීග් තරගාවලියේ 11 වැනි තරගය ලකුණු 51 කින් ජයගැනීමට යාපනය පිල සමත්විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 267 ක ඉලක්කයක් හඹාගිය දඹුල්ල පිලට ඕවර 50 අවසානයේ කඩුලු 9 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 215 ක් පමණි.
සමීර සඳමාල් ලකුණු 46 ක් සහ දුවිඳු තිලකරත්න ලකුණු 42 ක් ලබාගත්තද දඹුල්ල පිල ජයග්‍රහණය කරා රැගෙන යාමට නොහැකි විය. ගයාන් මනීෂාන් ලකුණු 22 ක් සහ ලසිත් අබේරත්න ලකුණු 35 ක් ලබාගත්තේය.
නුවන් ප්‍රදීප් කඩුලු 3 ක් ද, ඉෂාන් ජයරත්න සහ දමිත සිල්වා කඩුලු 2 බැගින්ද දවාගනිමින් යාපනය පිලේ ජයග්‍රහණයට දායක වූහ.
කාසියේ වාසිය දිනූ දඹුල්ල පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් යාපනය පිල ඕවර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 266 ක් ලබාගැනීමට සමත්විය.
නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ ධනංජය ද සිල්වා පන්දු 120 කදී හයේ පහරක් සහ හතරේ පහර 10 ක් සමගින් ලකුණු 101 ක් ලබාගත්තේය. සංතුෂ් ගුණතිලක ලකුණු 39 ක් ද, රවිඳු ප්‍රනාන්දු ලකුණු 37 ක් සහ ඉෂාන් ජයරත්න ලකුණු 20 ක් ලබාගනිමින් යාපනය පිලේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට දායක වූහ.
ළහිරු සමරකෝන් කඩුලු 4 ක් සහ දුෂාන් හේමන්ත කඩුලු 2 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
යාපනය - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී 266
(ධනංජය ද සිල්වා 101, සංතුෂ් ගුණතිලක 39, ඉෂාන් ජයරත්න 20, රවිඳු ප්‍රනාන්දු 37, ළහිරු සමරකෝන් 61/4, දුෂාන් හේමන්ත 46/2)
දඹුල්ල - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 215
(ගයාන් මනීෂාන් 22, ලසිත් අබේරත්න 35, සමීර සඳමාල් 46, දුවිඳු තිලකරත්න 42, නුවන් ප්‍රදීප් 40/3, ඉෂාන් ජයරත්න 25/2, දමිත සිල්වා 29/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.