Last Update  :  2025-05-04 21:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ධනංජයගේ දස්කම් යාපනයට ජය ගෙනේ
එන්.එස්.එල් - එක්දින තරගාවලිය

ධනංජයගේ දස්කම් යාපනයට ජය ගෙනේ

editorial - 2022 ජන මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ධනංජය ද සිල්වාගේ (55 සහ 27/4) තුන් ඉරියව් දස්කම් හමුවේ ගාල්ල කණ්ඩායමට එරෙහිව පී.සරා ඕවල් ක්‍රීඩාංගණයේදී අද (30 වැනිදා) පැවැති නැෂනල් සුපර් ලීග් තරගාවලියේ 8 වැනි තරගය ලකුණු 88 කින් ජය ගැනීමට යාපනය කණ්ඩායම සමත්විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 264 ක ඉලක්කයක් හඹාගිය ගාල්ල කණ්ඩායමට ඕවර 36.2 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 175 ක් පමණි.

ආරම්භක පිතිකරුවන් වූ ධනංජය ලක්ෂාන් සහ පබසර වඩුගේ එක්ව වේගවත් පිතිහරඹයක නිරත වෙමින් පන්දු 42 කදී ලකුණු 58 ක සම්බන්ධතාවක් පළමු කඩුල්ල වෙනුවෙන් පැවැත්වුවද සෙසු පිතිකරුවන්ගේ දුර්වල පිතිහරඹය හේතුවෙන් ගාල්ල පිලට පරාජය වැළඳ ගැනීමට සිදුවිය.

ධනංජය ලක්ෂාන් පන්දු 27 කදි හයේ පහර 3 ක් සහ හතරේ පහරක් සමගින් ලකුණු 34 ක් සහ පබසර වඩුගේ පන්දු 20 කදි හතරේ පහර 4 ක් සමගින් ලකුණු 24 ක් ලබාගැනීමට සමත්වුහ. පසුපෙළ පිතිකරුවකු වූ ජෙහාන් ඩැනියෙල් පන්දු 48 කදි හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 36 ක් ලබාගත් අතර හිමාෂ ලියනගේ සහ දුෂාන් විමුක්ති ලකුණු 21 බැගින් ලබාගැනීමට සමත්වූහ.

පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දැක්වූ නායක ධනංජය ද සිල්වා ඕවර 6.2 ක් යවා එක් නිලකුණු ඕවර සමගින් ලකුණු 27 කට කඩුලු 4 ක් දවාගනිමින් යාපනය පිල ජයග්‍රහනණය කරා රැගෙන යාමට සමත්විය. ඉෂාන් ජයරත්න කඩුලු 2 ක් ද, ප්‍රමෝද් මදුෂාන්, දිලුම් සුධීර, විජයකාන්ත් වියස්කාන්ත් සහ රවිඳු ප්‍රනාන්දු එක් කඩුල්ල බැගින් දවාගනිමින් යාපනය පිලේ ජයග්‍රහණයට දායක වූහ.

කාසියේ වාසිය දිනාගත් ගාල්ල කණ්ඩායම පළමුව පන්දුවට පහරදීම සඳහා යාපනය පිලට ආරාධනා කළ අතර ඕවර 49.5 කදී සියලුදෙනා දෙනා දැවී ලකුණු 263 ක් රැස්කිරීමට ඔව්හු සමත්වූහ.

සංතුෂ් ගුණතිලක පන්දු 110 කදී හතරේ පහරක් සමගින් ලකුණු 57 ක් සහ නායක ධනංජය ද සිල්වා පන්දු 57 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 7 ක් සමගින් ලකුණු 55 ක් ලබාගනිමින් යාපනය පිලේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට සමත්වූහ.

නිමන්ද මධුසංක ලකුණු 35 ක්, සදීර සමරවික්‍රම ලකුණු 33 ක්, ඉෂාන් ජයරත්න ලකුණු 31 ක් සහ රවිඳු ප්‍රනාන්දු ලකුණු 24 ක් ලබාගනිමින් යාපනය පිල ලකුණු 250 සීමාවෙන් ඔබ්බට රැගෙන යාමට දායක වූහ.

ධනංජය ලක්ෂාන් සහ මුදිත ලක්ෂාන් කඩුලු 3 බැගින්ද, හේෂාන් හෙට්ටිආරච්චි කඩුලු 2 ක් ද දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.


යාපනය කණ්ඩායම - ඕවර 49.5 කදී සියලු දෙනා දැවී 263
(සදීර සමරවික්‍රම 33, ධනංජය ද සිල්වා 55, සංතුෂ් ගුණතිලක 57, නිමන්ද මධුසංක 35, ඉෂාන් ජයරත්න 31, රවිඳු ප්‍රනාන්දු 24, ධනංජය ලක්ෂාන් 37/3, මුදිත ලක්ෂාන් 44/3, හේෂාන් හෙට්ටිආරච්චි 36/2)

ගාල්ල කණ්ඩායම - ඕවර 36.2 කදී සියලු දෙනා දැවී 175
(ධනංජය ලක්ෂාන් 34, පබසර වඩුගේ 24, හිමාෂ ලියනගේ 21, දුෂාන් විමුක්ති 21, ජෙහාන් ඩැනියල් 36, ධනංජය ද සිල්වා 27/4, ඉෂාන් ජයරත්න 27/2)

 

සංතුෂ් ගුණතිලක ...

 

ධනංජය ලක්ෂාන්...

 

මුදිත ලක්ෂාන් ...

- 2079


අදහස් (0)

ධනංජයගේ දස්කම් යාපනයට ජය ගෙනේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.