Last Update  :  2025-09-13 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ධනංජය දෙසතියක් පිටියෙන් පිට

ධනංජය දෙසතියක් පිටියෙන් පිට

editorial - 2020 දෙසැ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

ශ්‍රී ලංකා පිලේ මැදපෙළ පිතිකරු ධනංජය ද සිල්වාට තවත් සති දෙකක් පමණ යන තුරු ක්‍රිකට් පිටියට පිවිසිය නොහැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

දකුණු අප්‍රිකාවට එරෙහිව සෙන්චූරියන්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු දිනයේදී (සෙනසුරාදා) ලකුණු 79 ක් ලබාගත් ධනංජය ද සිල්වා ලකුණක් කරා දිවයද්දී පාදයේ කළව පිටුපස මස්පිඬුවක් ඉරි ගියේය. ඒ හේතුවෙන් ධනංජය පිතිහරඹය අතරමග නවතා ආපසු ක්‍රීඩාගාරයට ගියේය. ශ්‍රී ලංකා ඉනිම නිමා වීමට පෙර ධනංජය නැවතත් පන්දුවට පහර දීමට නොපැමිණි අතර දෙවැනි ඉනිමේදීත් ඔහු පන්දුවට පහර දීම සඳහා පිටියට නොඑන බව සෙන්චූරියන් නුවරින් ලැබෙන ආරංචි මාර්ග වලින් දැනගන්නට තිබේ.

මස්පිඬුව ඉරී ගොස් ඇති ස්වභාවය අනුව ජනවාරි 3 වැනිදා ජොහැන්නස්බර්ග් නුවරදී ආරම්භ වන දෙවැනි ටෙස්ට් තරගයත් ඔහුට අහිමි වන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනයෙන් කියැවේ.

ධනංජය ද සිල්වා දෙවැනි ශ්‍රේණියේ මස්පිඬු ඉරීයාමකට මුහුණ දී සිටී.

- 213 


අදහස් (0)

ධනංජය දෙසතියක් පිටියෙන් පිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.