Last Update  :  2026-04-20 18:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ධනංජය අතිරේක ලයිස්තුවට එක්වෙයි

ධනංජය අතිරේක ලයිස්තුවට එක්වෙයි

සංජය එරමුදුගොඩ - 2017 ජුනි මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ අතිරේක ක්‍රීඩයයන්ගේ ලැයිස්තුවට එක්වීම සඳහා තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වා අද (9 වැනිදා) රාත්‍රියේදී එංගලන්ත බලා පිටත්ව යෑමට නියමිතය.

තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ අතිරේක ක්‍රීඩකයන් ලෙස ධනුෂ්ක ගුණතිලක සහ ඩිල්රුවන් පෙරේරා නම් කර තිබිණ. චාමර කපුගෙදර දණහිසේ අබාධයකට ලක්ව තරගාවලියෙන් ඉවත් වීමත් සමග ධනුෂ්ක ගුණතිලකට කණ්ඩායමට ඇතුළත් වීමේ අවස්ථාව හිමිවිය.

ඉන්දියාවට එරෙහිව ඊයේ (8 වැනිදා) පැවැති තරගය අතරතුර කලවා පසුපස මස්පිඬුව ඇදීම නිසා කුසල් ජනිත් පෙරේරාට පිටියෙන් ඉවත්වීමට සිදුවිය. ශ්‍රී ලංකා ඉනිමේ සිවුවැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි කුසල් පන්දු 44 කදී හතරේ පහර 5 ක් සමගින් ලකුණු 47 ක් ලබා සිටියදී එම අබාධ තත්ත්වයට ලක්විය.

කුසල් පෙරේරාගේ ආබාධයේ තත්ත්වය මේ වන විට පරීක්‍ෂාවට ලක්කෙරෙමින් තිබේ. එම ආබාධ තත්ත්වය නිසා යම් හෙයකින් කුසල්ටද තරගාවලියෙන් ඉවත්වීමට සිදුවුවහොත් ඔහුගේ හිදැස පිරවීමට කණ්ඩායමේ වෙනත් පිතිකරුවකු නොමැති වීම හේතුවෙන් ධනංජය ද සිල්වා අතිරේක ක්‍රීඩකයකු ලෙස කණ්ඩායමට එක් කිරීමට පියවර ගෙන ඇතැයි වාර්තාවේ.

එක්දින තරග 16 කදී ශ්‍රී ලංකාව නියොජ්නය කර ඇති ධනංජය ද සිල්වා, එහිදී ලකුණු 334 ක් රැස්කරමින්, කඩුලු 4 ක් දවාගෙන තිබේ.

 

- 036

 


අදහස් (0)

ධනංජය අතිරේක ලයිස්තුවට එක්වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.