Last Update  :  2024-05-06 11:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ධනංජය - ළහිරු යාපනය පිල ගොඩගනිති
ජාතික සුපර් ලීග් තරගාවලිය

ධනංජය - ළහිරු යාපනය පිල ගොඩගනිති

editorial - 2024 ජන මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ජාතික සුපර් ලීග් (එන්.එස්.එල්.) තරගාවලියේ දෙවැනි සති අන්තයේදී පහසුවෙන්ම ශතකයක් ලබාගත් ධනංජය ද සිල්වා (130) සහ ළහිරු මධුශංක (නොදැවී 58) එක්ව හම්බන්තොටදී අද (25 වැනිදා) ආරම්භ වූ තරගයේදී මහනුවර පිලට එරෙහිව වාසිදායක ස්ථානයක් කරා යාපනය පිල කැඳවාගෙන ගියේය. තරගයේ පළමු දිනය නිමා වන විට යාපනය කණ්ඩායම සිය මුල් ඉනිම වෙනුවෙන් කඩුලු 7 ක් දැවී ලකුණු 309 ක් ලබා තිබිණ. 

සාර්ථක සම්බන්ධතා දෙකකටම දායක වූ ධනංජය, සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ජනිත් ලියනගේ සමගින් එක්ව ලකුණු 54 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ නමුත් එයින් ලකුණු 37 ක දායකයා විය. කෙසේ වෙතත් තරගයේ වාසිය යාපනය පිලට ගෙන දුන්නේ ධනංජය සහ ළහිරු මධුශංක එක්ව හත්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ ලකුණු 130 ක සම්බන්ධතාවයි. 

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දු යැවීම තෝරාගත් මහනුවර ක්‍රීඩකයෝ ඕවර 4 කින් කඩුලු 2 ක් දවාගත්හ. එහෙත් නිශාන් මධුෂ්ක (38) සහ ජනිත් ලියනගේ (63) එක්ව ලකුණු 61 ක සම්බන්ධතාක් ගෙඩනංවමින් යාපනය පිල ගොඩගත්හ. 

යළිත් වරක් ක්‍රියාත්මක වූ මහනුවර ක්‍රීඩකයෝ ලකුණු 70 ක් ඇතුළත කඩුලු 4 ක් දවාගැනීම නිසා හයවැනි කඩුල්ලත් ලකුණු 170 දී බිඳ වැටිණ. මෙම අවස්ථාවේදී එක්වූ ධනංජය සහ ළහිරු මධුශංක දෙදෙනා, මහත් ඉවසිලිවන්ත පිතිහරඹයක යෙදෙමින් හත්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 130 ක් එක්කළේ ලකුණු 300 කඩයිමෙන් තම පිල එතෙර කරමිනි. 


යාපනය පළමු ඉනිම - කඩුලු 7 ට 309 යි
(නිශාන් මධුෂ්ක 38, ජනිත් ලියනගේ 63, ධනංජය ද සිල්වා 113, රවිඳු ප්‍රනාන්දු 12, ළහිරු මධුශංක නොදැවී 58, චාමික ගුණසේකර 34/2, ලසිත් ඇඹුල්දෙණිය 94/2, අශියන් ඩැනියෙල් 64/2)


අදහස් (0)

ධනංජය - ළහිරු යාපනය පිල ගොඩගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.