Last Update  :  2025-05-14 21:20:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ධනංජය - කරුණාරත්න ශ්‍රී ලංකාවට ජය ගෙනෙති

ධනංජය - කරුණාරත්න ශ්‍රී ලංකාවට ජය ගෙනෙති

editorial - 2021 ජුලි මස 28 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

(දමින්ද විජේසූරිය)

විස්සයි-20 ක්‍රිකට් යනු ඉවක් බවක් නැති පිතිහරඹය නොව, බුද්ධිමත් ක්‍රිකට් ක්‍රීඩාවේම තවත් පැතිකඩක් බව මොනවට සනාථ කළ ධනංජය ද සිල්වා සහ චාමික කරුණාරත්න ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන විස්සයි-20 තරගාවලිය 1-1 ක් ලෙසින් සමකළහ.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩංගණයේදී අද පැවැති දෙවැනි විස්සයි-20 තරගයේදී ශ්‍රී ලංකා පිලට ලකුණු 133 ක ඉලක්කයක් හඹා යාමට සිදුවිය. ශ්‍රී ලංකා පිල අමාරුවේ වැටී සිටි නමුත්, අවසන් පන්දු 14 දී ලකුණු 28 ක් එක්කළ කරුණාරත්න (නොදැවී 12) සහ ධනංජය (නොදැවී 40) දෙදෙනා පන්දු 2 ක් ඉතිරිව තිබියදී කඩුලු 4 ක ජයක් කරා ශ්‍රී ලංකා පිල කැඳවාගෙන ගියහ.  

එක්දින තරගයක් සඳහා යොදාගත් තණතීරුවක් වූ බැවින් කාසියේ වාසිය දිනාගැනීමෙන් පසුව කිසිම පැකිළීමකින් තොරව පන්දු යැවීම තෝරාගත් දසුන් ශානක සිය තීරණයෙන් සාර්ථක ප්‍රතිඵළ නෙළාගත්තේය.

ඕවර 9 ක් තුළදී පන්දු යවන්නන් 8 දෙනකු යොදාගත් ශ්‍රී ලංකා නායකයා ඉන්දීය ඉනිම ලකුණු 132 කට සීමා කරගත්තේය. ඉතා ඉක්මනින් පන්දු යවන්නන් මාරු කළ නායකයා තමන්ගේ කිසිම පන්දු යවන්නකු හමුවේ ලකුණු 30 කට වඩා ලබාගැනීමට ඉන්දීය පිතිකරුවන්ට අවසර නොදීමට වගබලා ගත්තේය.

රුතුරාජ් ගයික්වාඩ් සහ නායක ෂිකාර් ධවාන් තරමක් වේගවත් ආරම්භයක් ලබාගනිමින් ඕවර 6 කින් ලකුණු 45 ක් උදුරා ගත්හ. එහෙත් දඟ පන්දු යවන්නන් පන්දුව අතට ගැනීමත් සමගින් ලකුණු වේගය අඩාළ වූ හෙයින් 7 වැනි ඕවරයත් 15 වැනි ඕවරයත් අතර ගලා ආවේ ලකුණු 49 ක් පමණි.

අවසන් ඕවර 5 දී ග්‍රහණය තවත් දැඩිකළ ශ්‍රී ලංකා පන්දු යවන්නෝ පන්දු 30 ක් ලකුණු 38 කට සීමා කළහ. සාර්ථක වූ එකම ඉන්දිය පිතිකරුවා වූ ශිකාර් ධවාන් පන්දු 42 කදී ලකුණු 40 ක් ලබාගත්තේ හතරේ පහර 5 කින් සිය ඉනිම සරසමිනි.

කුල්දීප් යාදෙව් පන්දු යවමින්...

 


අදහස් (1)

ධනංජය - කරුණාරත්න ශ්‍රී ලංකාවට ජය ගෙනෙති
  • මෝ Thursday, 29 July 2021 03:14 AM

    අර අපතයින් 3න් දෙනා නම් එපා එපා එපාමයි. දැන් ඒ කොඩිවින කැපිලා ඉවරයි.

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.