Last Update  :  2025-05-09 22:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දෝනි චෙන්නායි පිල දිනවයි
අයි.පී.එල්.- 2022

දෝනි චෙන්නායි පිල දිනවයි

editorial - 2022 අප්‍රේ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මහේන්ද්‍ර සිං දෝනිගේ (නොදැවී 28) විශිෂ්ඨ පිතිහරඹය හමුවේ මුම්බායි ඉන්දියන්ස් පිලට එරෙහිව මුම්බායිහිදී අද (21 වැනිදා) පැවැති ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ 33 වැනි තරගය කඩුලු 3 කින් ජය ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් පිල සමත්විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 156 ක ඉලක්කයක් හඹාගිය චෙන්නායි සුපර් කිංග්ස් පිල ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ඉලක්කය පසුකර යෑමට සමත්විය.

චෙන්නායි පිලේ ජයග්‍රහණය සඳහා අවසන් ඕවයේදී ලකුණු 17 ක් අවශ්‍යවූ අතර පළමු පන්දුවෙන්ම ඞ්වයින් ප්‍රෙටෝරියස් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගැනීමට ජයදේව් උනද්කට් සමත්විය. ඉන් පසුව පන්දුවට පහරදීම සඳහා පිටියට පිවිසි ඞ්වයින් බ්‍රාවෝ එක් ලකුණක් සඳහා පැති මාරු කර ගත්තේය. අවසන් පන්දු 4 තුලදී ජයග්‍රහණය සඳහා චෙන්නායි පිලට ලකුණු 16 ක් අවශ්‍ය වූ අතර පන්දුවට පහරදුන් හිටපු නායක මහේන්ද්‍ර සිං දෝන් (6,4,2,4) ඉලක්කය සම්පූර්ණ කිරීමට සමත්විය.

පන්දු 13 ක මුහුණදුන් දෝනී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 28 ක් ලබාගත් අතර තවත් වේගවත් පිතිහරඹයක නිරත වූ ඞ්වයින් ප්‍රෙටෝරියස් පන්දු 14 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 22 ක් ලබාගත්තේය.

ඩැනියෙල් සෑම්ස් ලකුණු 30 කට කඩුලු 4 සහ ජයදේව් උනද්කට් ලකුණු 48 කට කඩුලු 2 ක් දවාගත්තද චෙන්නායි පිතිකරුවන් හමුවේ මුම්බායි පිලට පරාජය වැළඳ ගැනීමට සිදුවිය.

කාසියේ වාසිය දිනාගත් චෙන්නායි පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් මුම්බායි ඉන්දියන්ස් පිල ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 155 ක් ලබාගැනීමට සමත්විය.

පළමු ඕවරය තුලදීම ආරම්භක පිතිකරුවන් වූ රෝහිත් ෂර්මා සහ ඉෂාන් කිෂාන් පිටියෙන් ඉවත් කළ මුකේෂ් චෞද්‍රි තෙවැනි ඕවරයේ අවසන් පන්දුවේදී තෙවැනි කඩුල්ල ලෙස ඩෙවල්ඞ් බ්‍රෙවීස් දවාගත්තේය.

තිලක් වර්මා පන්දු 43 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 51 ක් ලබාගත් අතර සූර්යකුමාර් යාදව් ලකුණු 32 ක් සහ රිතික් ශෝකීන් ලකුණු 25 ක් දවාගනිමින් මුම්බායි ලකුණු පුවරුව ඉහළ දැමීමට සමත්වූහ.

මුකේෂ් චෞද්‍රි කඩුලු 3 ක් සහ ඞ්වයින් බ්‍රාවෝ කඩුලු 2 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය. තරගයේ වීරයාට හිමි සම්මානය මුකේෂ් චෞද්‍රිට හිමිවිය.


මුම්බායි ඉන්දියන්ස් - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී 155
(සූර්යකුමාර් යාදව් 32, තිලක් වර්මා නොදැවී 51, රිතික් ශෝකීන් 25, ජයදේව් උනද්කට් නොදැවී 19, මුකේෂ් චෞද්‍රි 19/3, ඞ්වයින් බ්‍රාවෝ 36/2)

චෙන්නායි සුපර් කිංග්ස් - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී 156
(රොබින් උතප්පා 30, අම්බති රයිදු 40, මහේන්ද්‍ර සිං දෝනි නොදැවී 28, ඞ්වයින් ප්‍රෙටෝරියස් 22, ඩැනියෙල් සෑම්ස් 30/4, ජයදේව් උනද්කට් 48/2)

- 2079


අදහස් (0)

දෝනි චෙන්නායි පිල දිනවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.