Last Update  :  2024-04-28 22:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දෙවැනි දිනයට වැස්සෙන් බාධා
තුන්වැනි ටෙස්ට් තරගය

දෙවැනි දිනයට වැස්සෙන් බාධා

editorial - 2024 ජන මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඩේවිඩ් වෝනර් සහ ආරම්භක පිතිකරු උස්මන් කවාජා යන දෙදෙනාම දවාගැනීමට පාකිස්තානු පන්දු යවන්නන් සමත් වූ නමුත් සිඞ්නි නුවරදී පැවැත්වෙන තුන්වැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනයට වර්ෂාවෙන් බොහෝ බාධා ඇතිවිය. දෙවැනි දිනයේ තේ පානයටත් පෙර ක්‍රීඩාව නතර කරන විට ඕස්ට්‍රේලියානුවෝ කඩුලු 2 ක් දැවී ලකුණු 116 ක් ලබා සිටියහ. 

පළමුවෙන් පන්දුවට පහර දුන් පාකිස්තානු කණ්ඩායම මුල් දිනයේදී සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 313 ක් ලබාගත්තේය. 

සිය අවසන් ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන ඩේවිඩ් වෝනර් ලකුණු 34 කට දැවී ගියේය. අඝා සල්මාන්ගේ පන්දුවක් හමුවේ බාබර් අසාම් විසින් වෝනර්ගේ උඩපන්දුව රැකගනු ලබන විට ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරුවා පන්දු 68 කින් 4 ක් පිටියේ සීමාවෙන් ඉවතට යවා තිබිණ. 

තම 112 වැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන වෝනර්, මේ දක්වා ටෙස්ට් ලකුණු 8729 ක් ලබාගෙන තිබේ. ඊට ශතක 26 ක් ඇතුළත් වන අතර ඔහුගේ ඉනිමක සාමාන්‍යය ලකුණු 44.30 කි. 

පන්දු 143 කට මුහුණ දුන් උස්මන් කවාජාගේ පිත්තේ යාන්තමින් ගැටුණු පන්දුවක් කඩුලු රකින්නා විසින් අල්ලා ගන්නා ලද නමුත් එය උඩපන්දුවක් ලෙසින් විනිසුරුවරයාගෙන් අනුමත නොවීය. එහෙත් විතීවි ක්‍රමවේදය කරා ගිය පාකිස්තානුවෝ කවාජාගේ ඉනිම අවසන් කරගත්හ. 

තරග 3 කින් සමන්විත තරගාවලියේදී 2-0 ක් ලෙසින් ඉදිරියෙන් සිටින ඕස්ට්‍රේලියානුවෝ මේ වනවිටත් තරගාවලිය ජයගෙන සිටිති. 


පාකිස්තානය - පළමු ඉනිම 313 යි
ඕස්ට්‍රේලියාව - පළමු ඉනිම කඩුලු 2 ට 116 යි

(ඬේවිඞ් වෝනර් 34, උස්මන් කවාජා 47 යි, මානස් ලැබුෂේන් නොදැවී 23) 


අදහස් (0)

දෙවැනි දිනයට වැස්සෙන් බාධා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.