Last Update  :  2025-08-03 21:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දෙවැනි තරගයේ ජයත් බංග්ලාදේශයට

දෙවැනි තරගයේ ජයත් බංග්ලාදේශයට

editorial - 2021 අගෝ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ මිර්පූර්හිදී ඕස්ට්‍රේලියාවට එරෙහිව ඊයේ (4 වැනිදා) පැවැති දෙවැනි විස්සයි20 තරගය කඩුලු 5 කින් ජය ගැනීමට බංග්ලාදේශය සමත්විය. ඒ අනුව තරග 5 කින් සමන්විත විස්සයි20 තරගාවලිය 2-0 ක් ලෙස තවදුරටත් පෙරමුණ ගැනීමට බංග්ලාදේශයට හැකිවිය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියාවට ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 121 ක් පමණි.

මිචෙල් මාර්ෂ් සහ මොයිසස් හෙන්රික්ස් තරමක සාර්ථකත්වයක් පෙන්නුම් කළද සෙසු පිතිකරුවන්ගේ දුර්වල පිතිහරඹය හේතුවෙන් පිට පිට දෙවැනි වරටත් බංග්ලාදේශය හමුවේ පරාජය වීමට ඕස්ටේ්‍රලියාවට සිදුවිය.

මිචෙල් මාර්ෂ් පන්දු 42 කදි හතරේ පහර 5 ක් සමගින් ලකුණු 45 ක් සහ මොයිසස් හෙන්රිකස් පන්දු 25 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 30 ක් ලබාගත්තේය.

දක්ෂ පන්දු යැවිමක නිරතවූ මුස්ටෆිසූර් රහ්මන් ලකුණු 23 කට කඩුලු 3 ක් සහ ශොරිෆුල් ඉස්ලාම් ලකුණු 27 කට කඩුලු 2 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 122 ක ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශය ඕවර 18.4 කදී කඩුලු 5 ක් පමණක් දැවී පහසුවෙන් ඉලක්කය පසුකර යෑමට සමත්විය.

ලකුණු 67 කට කඩුලු 5 ක් දැවී තිබියදී අෆීෆ් හුසේන් සහ නුරුල් හසන් එක්ව 6 වැනි කඩුල්ල සඳහා පන්දු 44 කදී නොබිඳුණු ලකුණු 56 ක සම්බන්ධතාවයක් ගොඩනගමින් බංග්ලාදේශ කණ්ඩායමේ ජය තහවුරු කිරීමට සමත්වූහ.

අෆීෆ් හුසේන් පන්දු 31 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමගින් නොදැවී ලකුණු 37 ක් සහ නුරුල් හසන් පන්දු 21 කදි හතරේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 22 ක් රැස්කිරිමට සමත්වූහ.


ඕස්ටේ්‍රලියාව - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී 121
(මිචෙල් මාර්ෂ් 45, මොයිසස් හෙන්රිකස් 30, මුස්ටෆිසූර් රහ්මන් 23/3, ශොරිෆුල් ඉස්ලාම් 27/2)

බංග්ලාදේශය - ඕවර 18.4 කදී කඩුලු 5 ක් දැවී 123
(සකීබ් අල් හසන් 26, මෙහෙදි හසන් 23, අෆීෆ් හුසේන් නොදැවී 37, නුරුල් හසන් නොදැවී 22)


අදහස් (0)

දෙවැනි තරගයේ ජයත් බංග්ලාදේශයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.