Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ලංකා ප‍්‍රීමියර් ලීග් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සහ දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි අවසන් පූර්ව තරගය හෙට (21 වැනිදා) රාත‍්‍රී 7.30 ට හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක‍්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.
පළමු අවසන් පූර්ව තරගයේදී ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම හමුවේ ලකුණු 64 ක පරාජයක් ලැබීම හේතුවෙන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීම සඳහා දෙවැනි අවසන් පූර්ව තරගයට සහභාගි වීමට සිදුවිය.
දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම දෙවැනි අවසන් පූර්ව තරගය සහභාගි වීමට අවස්ථාව උදා කරගත්තේ පිළිමළුන් පිටුදැකීමේ තරගයේදී කලම්බු ස්ටාර්ස් කණ්ඩායමට එරෙහිව කඩුලූ 6 ක ජයක් වාර්තා කරමිනි. ආබාධ තත්වයක් හේතුවෙන් මූලික වටයේ අවසන් තරගයට සහ පිළිමළුන් පිටුදැකීමේ තරගයට සහභාගී නොවූ දඹුල්ල කණ්ඩායමේ නායක දසුන් ශානක අද තරගයට සහභාගි වීමට වැඩි ඉඩක් ඇතැයි වාර්තා වේ.
දඹුල්ල කණ්ඩායමේ ආරම්භ පිතිකරු පිලිප් සෝල්ට් මේ වන විට තරග 9 කදී අර්ධ ශතක 2 ක් සමග ලකුණු 279 ක් ලබා තරගාවලියේ වැඩිම ලකුණු ලාභීන් අතර දෙවැනි ස්ථානයේ රැුදී සිටියි. යාපනය කණ්ඩායමේ කොලර් කැඩ්මෝ තරග 9 කදී අර්ධ ශතකයක් සමග ලකුණු 224 ක් ලබා එම ලැයිස්තුවේ සිවුවැනි ස්ථානයේ පසුවේ.
දඹුල්ල කණ්ඩායමේ පා දඟ පන්දු යවන ක‍්‍රීඩක ඉම්රාන් තාහීර් තරග 9 කදී කඩුලූ 15 ක් දවාගනිමින් තරගාවලියේ වැඩිම කඩුලූ ලාභීන් අතර පෙරමුණ ගෙන සිටියි. තරග 8 කදී කඩුලූ 13 ක් දවාගෙන සිටින යාපනය කණ්ඩායමේ පිට දඟ පන්දු යවන ක‍්‍රීඩක මහීෂ් තීක්ෂණ එම ලැයිස්තුවේ තෙවැනි ස්ථානයට පත්ව සිටියි. එහිදී තාහීර්ගේ කඩුල්ලක් දවාගැනීමේ සාමාන්‍යය 12.4 ක් ලෙසද, තීක්ෂණගේ කඩුල්ලක් දවාගැනීමේ සාමාන්‍යය 14.92 ක් ලෙසද සටහන් වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.