Last Update  :  2024-04-28 22:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දුෂ්මන්ත චමීර කොල්කටා පිලට
අයි.පී.එල් - 2024

දුෂ්මන්ත චමීර කොල්කටා පිලට

editorial - 2024 පෙබ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්ත ජාතික ගස් ඇට්කින්සන් වෙනුවට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම විසින් ශ්‍රී ලංකාවේ වේග පන්දු යවන්නා වන දුෂ්මන්ත චමීර බඳවාගනු ලැබ තිබේ. 2024 අයි.පී.එල්. වෙන්දේසියේදී කිසිවකු විසින් මිලදී නොගත් දුෂ්මන්ත චමීර, ඔහුගේ මූලික ලංසුව වන ඉන්දීය රුපියල් ලක්‍ෂ 50 කට (ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් 1,87,20,000 ක්) කොල්කටා නයිට් රයිඩර්ස් පිල හා ගිවිසුම් ගතවනු ඇත. 

32 හැවිරිදි දුෂ්මන්ත චමීර මීට පෙර අයි.පී.එල්. තරගාවලි වලදී රාජස්ථාන් රෝයල්ස්, රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් සහ ලක්නව් සුපර් ජයන්ට්ස් යන කණ්ඩායම් ද නියෝජනය කර තිබේ. ඇෆ්ඝනිස්ථානයට එරෙහිව එක්දින තරගාවලියට සහභාගි වෙමින් සිටි දුෂ්මන්ත චමීර පාදයේ කලව මස්පිඬුවේ ආබාධයක් හේතුවෙන් තරගාවලිය අතර මැදදී කණ්ඩායමෙන් ඉවත් විය. 

පසුගිය දෙසැම්බරයේදී පැවැති 2024 අයි.පී.එල් ක්‍රීඩක වෙන්දේසියේදී කොල්කටා නයිට් රයිඩර්ස් විසින් ඇමරිකානු ඩොලර් 120,000 කට ආසන්න මුදලක් ගෙවමින් ගස් ඇට්කින්සන් මිලදී ගන්නා ලදි. 26 හැවිරිදි එංගලන්ත වේගපන්දු යවන්නෙකු වන ඇට්කින්සන් පළමු වරට අයි.පී.එල්. තරඟාවලියට ක්‍රීඩා කිරීමට නියමිතව සිටි නමුත් එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය ඔහුගේ කාලසටහන කළමනාකරණය කිරීමට අවශ්‍ය යයි කීම නිසා ඇට්කින්සන් අයි.පී.එල්. තරඟාවලියෙන් ඉවත් වී තිබේ. 

ඇට්කින්සන් ඉන්දියාවේ පැවති ලෝක කුසලාන තරඟාවලියේදී එංගලන්තය වෙනුවෙන් තරඟ තුනක් ක්‍රීඩා කළේය. අනතුරුව දෙසැම්බර් මාසයේදී සීමිත ඕවර තරගාවලියක් සඳහා කැරිබියන් දූපත් වෙත ගොස් ඇති අතර මේ දිනවල එංගලන්ත ටෙස්ට් කණ්ඩායම සමගින් ඉන්දියාවේ සංචාරය කරයි. 

දුෂ්මන්ත චමීර මේ දක්වා අයි.පී.එල්. තරඟ 12 ක් ක්‍රීඩා කර තිබේ. ඕවරයකදී ලකුණු 8.73 ක් පිරිනමා ඇතත් කඩුලු 9 ක් දවාගෙන තිබේ.  චමීර හැරුණු විට කොල්කටා නයිට් රයිඩර්ස් සංචිතයේ සිටින එකම විදේශීය වේග පන්දු යවන්නා වන්නේ මිචෙල් ස්ටාර්ක් පමණි. පසුගිය අයි.පී.එල්. වෙන්දේසියේදී වාර්තාගත මිලක් (ඉන්දීය රුපියල් කෝටි 24.75 ක් හෙවත් ඇමරිකානු ඩොලර් මිලියන 2.98 ක්) ගෙවමින් කොල්කටා නයිට් රයිඩර්ස් හිමිකරුවෝ මිචෙල් ස්ටාක් මිලදී ගත්හ. 

2024 අයි.පී.එල්. තරගාවලිය මාර්තු 22 සහ මැයි මස අවසානය අතර පැවැත්වීමට ඉඩ තිබේ. එය කලින් මාර්තු 31 වැනිදා ආරම්භ කිරීමට තීරණය කර තිබුණද, ඉන්දීය මැතිවරණ කොමිෂන් සභාව විසින් මහ මැතිවරණය සඳහා ඡන්ද විමසීමේ දින නියම කිරීම අවසන් වූ පසුව අයි.පී.එල් අවසාන කාලසටහන ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.


- 213


අදහස් (0)

දුෂ්මන්ත චමීර කොල්කටා පිලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.