Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රියාස් අයියර්ගේ ධෛර්යවත් පිතිහරඹයත් මැද පෙළ පිතිකරුවන්ගේ සාර්ථක සහායත් හේතුවෙන් අබුඩාබි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (25 වැනිදා) පැවැති අයි.පී.එල්. තරගයේදී රාජස්තාන් පිල පරදවා ලකුණු 33 ක පහසු ජයක් ලබාගැනීමට දිල්ලි ක්‍රීඩකයෝ සමත් වූහ. ලකුණු 155 ක ඉලක්කයක් කරා ගිය රාජස්තාන් පිතිකරුවන්ට ඕවර 20 ක් නිමාවේදී ලබාගත හැකිවූයේ කඩුලු 6 ක් දැවී ලකුණු 121 ක් පමණි.
ඉනිමේ දෙවැනි ඕවරය නිමා වීමටත් පෙරම ආරම්භක පිතිකරුවන් දෙදෙනාම ආපසු ක්‍රීඩාගාරයට ගිය බැවින් රාජස්තාන් පිතිකරුවෝ පසුපාදයට වැටුණහ. නායක සංජු සැම්සන් හුදෙකළා සටනක නිරත වෙමින් පන්දු 53 කදී ලකුණු 70 ක් ලබාගත් නමුත් ජයග්‍රහණය ආසන්නයටවත් යාමට ඉන් නොහැකි විය. ජයග්‍රහණය සඳහා අවසන් ඕවර 4 දී ලකුණු 64 ක් අවශ්‍යව තිබූ නමුත් රාජස්තාන් ක්‍රීඩකයන්ට ලබාගත හැකිවූයේ ලකුණු 30 ක් පමණි.
දිල්ලි පන්දු යවන්නන් පස්දෙනාම කඩුල්ලක් බැගින් හෝ දවාගනිමින් රාජස්තාන් ගමන අවහිර කළා පමණක් නොව ඔවුන් සියලු දෙනාම තම තමන්ගේ ඕවර 4 දී ලකුණු සංඛ්‍යාව 30 ට අඩුවෙන් තබාගත්හ.
දිල්ලි පිලේ ආරම්භක පිතිකරු යුගළය වන ෂිකාර් ධවාන් (08) සහ ප්‍රිත්වි ෂෝ (10) දෙදෙනාම ලකුණු 21 ක් තුළදී ආපසු ක්‍රීඩාගාරයට යැවූ චේතන් සකාරියා සහ කාර්තික් ත්‍යාගි දෙදෙනා පන්දු 25 ක් ඇතුළත තරගයේ වාසිය රාස්තාන් පිල වෙත ඇද දුන්හ. එහෙත් පන්දු 45 කින් ලකුණු 62 ක් එක්කළ ශ්‍රියාස් අයියර් සහ රිෂාබ් පන්ට් තරගය නැවතත් සමබර තත්ත්වයට ගෙන ආහ.
රාහුල් තෙවාටියාගේ පන්දුවක් හමුවේ ස්ටම්ප් කිරීමකින් දැවී යන විට අයියර් පන්දු 32 කදී ලකුණු 43 ක් ලබා සිටියේය. අයියර් ලකුණු 90 දී දැවී ගියද ෂිම්රන් හෙට්මියර් සහ ලලිත් යාදව් තරගයේ 16 වැනි ඕවරය වන විට ලකුණු 120 සීමාවට පැමිණියේ අවසන් ඕවර කිහිපයේදී ප්‍රහාරය වැඩි කිරිමේ අවස්ථාව ඉතිරි කරගනිමිනි. අපේක්‍ෂා කළ පරිදිම අවසන් ඕවර 3 දී ලකුණු 30 ක් ලබාගත හැකිවූ හෙයින් රාජස්තාන් පිලට ලකුණු 154 ක් ලැබිණ.
කාසියේ වාසිය දිනාගත් රාජස්තාන් රෝයල්ස් කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීම තෝරා ගත්තේය. අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම් අනුව ලෝකයේ අංක 1 හිමි තබ්රේස් ශම්සි සහ දකුණු අප්‍රිකානු ප්‍රවේගකාරී පිතිකරු ඬේවිඞ් මිලර් රාජස්තාන් රෝයල්ස් පිලට එක්වූ නමුත් දෙදෙනාගෙන්ම ප්‍රයෝජනයක් නැති විය.
දිල්ලි කැපිටල්ස් ඕවර - 20 කදී කඩුලු 6 ට 154 යි
(ප්‍රිත්වි ෂෝ 10, ශ්‍රියාස් අයියර් 43, රිෂාබ් පන්ට් 24, ෂිම්රන් හෙට්මියර් 28, ලලිත් යාදව් නොදැවී 14, අක්ෂර් පතෙල් 12, මුස්ටෆිසුර් රහමන් 22/2, චේතන් සකාරියා 33/2)
රාජස්තාන් රෝයල්ස් - ඕවර 20 කදී කඩුලු 6 ට 121
(සංජු සැම්සන් නොදැවී 70, මහීපාල් ලොම්රෝර් 19, ඇන්රික් නෝයේ 18/2)
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.