Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ලබන ඉරිදා (16 වැනිදා) ආරම්භ වීමට නියමිත එක්දින තරගාවලිය සඳහා වන සංචිතයට නිරෝෂන් දික්වැල්ලත් කැඳවා තිබේ. පසුගිය වසර මැදදී පැවැති එංගලන්ත සංචාරයේදී ජෛව බුබුළ බිඳ දැමීම හේතුවෙන් වසරක තරග තහනමකට ලක්ව සිටියද මාස 6 කට පසුව එම තහනමින් මිදුණු නිරෝෂන් දික්වැල්ලගේ තරග තහනම ඉවත් කරන ලද්දේ පසුගිය 7 වැනිදාය.
එම තරග තහනමට ලක්ව සිටි කුසල් මෙන්ඩිස්ද මෙම සංචිතයට ඇතුළත්ව සිටී.
සිම්බාබ්වේ තරගාවලියට නම්කරනු ලැබ සිටි යොවුන් පිතිකරු කමිල් මිෂාරට කොරෝනා වයිරසය වැළඳීම නිසා 18 දෙනාගේ සංචිතයෙන් ඔහු ඉවත්කර තිබේ. පුහුණුවීම් අතරතුරදී ඇලපතේ මස්පිඬුවක් ඇදීම හේතුවෙන් කඩුලු රකින්නකු වන මිනෝද් භානුකටද තරගාවලිය අහිමි වී තිබේ.
කමිල් මිෂාරගේ ස්ථානයට අශීන් ඩැනියෙල් ආදේශ කර ඇති අතර නිරෝෂන් දික්වැල්ල කඩුලු රකින්නාගේ ස්ථානයට කැඳවා ඇත. මෙම ක්‍රීඩකයන් දෙදෙනාම පසුගියදා පැවැති ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණයට සහභාගි වී, ඒයින් සමත්ව සිටින බැවින් දෙදෙනා සෘජුවම ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් එක්වනු ඇත.
සිම්බාබ්වේ තරගාවලිය සඳහා පළමු වරට කණ්ඩායම තෝරාගත් අවස්ථාවේදී ඇතුළත්ව සිටි ක්‍රීඩකයෝ 7 දෙනෙක් මේ වන විට ඉන් ඉවත්ව සිටිති. ධනංජය ද සිල්වා පෞද්ගලික හේතු මත කණ්ඩායමෙන් ඉවත්වූ අතර අවිශ්ක ප්‍රනාන්දු, ජනිත් ලියනගේ සහ කමිල් මිෂාර තිදෙනාටම කොරෝනා වයිරසය අසාදනය වීම හේතුවෙන් කණ්ඩායමෙන් ඉවත් කරනු ලැබ ඇත.
ළහිරු කුමාර සහ කළණ පෙරේරා දෙදෙනාම ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණය අසමත් වීම හේතුවෙන් සංචිතයෙන් ඉවත් කරන ලදි. මෙම තත්ත්වය හේතුවෙන් මූලික සංචිතයට ඇතුළත් නොවූ දිනේෂ් චන්දිමාල්, කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල, කමිඳු මෙන්ඩිස්, නුවන් ප්‍රදීප්, ෂිරාන් ප්‍රනාන්දු සහ අෂීන් ඩැනියෙල් ශ්‍රී ලංකා සංචිතයට එක්ව සිටිති.
අද (13 වැනිදා) සවස් වන විට පැවැති ශ්‍රී ලංකා සංචිතය
දසුන් ශානක (නායක), කුසල් මෙන්ඩිස්, පැතුම් නිස්සංක, දිනේෂ් චන්දිමාල්, නිරෝෂන් දික්වැල්ල, චරිත් අසලංක, අෂීන් ඩැනියෙල්, චාමික කරුණාරත්න, කමිඳු මෙන්ඩිස්, මහීෂ් තීක්‍ෂණ, රමේෂ් මෙන්ඩිස්, ප්‍රවීන් ජයවික්‍රම, දුෂ්මන්ත චමීර, නුවන් ප්‍රදීප්, ජෙෆ්රි වැන්ඩසේ, නුවන් තුෂාර, චාමික ගුණසේකර සහ ෂිරාන් ප්‍රනාන්දු
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.