Last Update  :  2024-05-06 11:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දික්වැල්ලගේ ශතකය එන්.සී.සී. ජය ඉක්මන් කරයි
අන්තර් සමාජ පළමු පෙළ

දික්වැල්ලගේ ශතකය එන්.සී.සී. ජය ඉක්මන් කරයි

editorial - 2024 ජන මස 04 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ පළමු කොටසේ එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටය යටතේ ඒස් කැපිටල් ක්‍රීඩා සමාජයට එරෙහිව ඊයේ (3 වැනිදා) පැවැති තරගයකදී වේගවත් ශතකයක් ලබාගැනීමට එන්.සී.සී. ක්‍රීඩා සමාජය නියෝජනය කරන නිරෝෂන් දික්වැල්ල සමත් විය. 

එහිදී පන්දු 76 කට මුහුණදුන් දික්වැල්ල දැවැන්ත හයේ පහර 7 ක් සහ හතරේ පහර 12 ක් සමග නොදැවී ලකුණු 115 ක් රැස්කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කළේය. ජයග්‍රහණය සඳහා ලකුණු 205 ක ඉලක්කයක් හඹාගිය එන්.සී.සී. කණ්ඩායමට දික්වැල්ලගේ වේගවත් පිතිහරඹය හමුවේ ඕවර 25.3 ක් අවසානයේ කඩුලු 3 ක් පමණක් දැවී ඉලක්කය සපුරා ගැනීමට හැකි විය. 

පළමුවෙන් පන්දුවට පහරදුන් ඒස් කැපිටල් කණ්ඩායම ඕවර 37 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 204 ක් ලබාගත් අතර මෙවර තරගාවලියේදී සිය පළමු තරගයට ක්‍රීඩා කළ වේග පන්දු යවන ක්‍රීඩක චාමික ගුණසේකර ලකුණු 64 කට කඩුලු 5 ක් බිඳහෙළමින් ඒස් කැපිටල් ඉනිම සුනුවිසුණු කර දැමුවේය. 

සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින තරගාවලිය සඳහා නම් කර තිබූ මූලික සංචිතයට ඇතුළත්ව සිටි නමුත්, ඒ සඳහා වන අවසන් සංචිතය නම් කිරීමේදී ස්ථානයක් අහිමිවූ චාමික, මෙම තරගයේදී කැපී පෙනෙන දස්කම් දක්වමින් තේරීම් කමිටුවට පන්දුවෙන් පිළිතුරු දුන්නේය.  

ඊයේ පැවැති සෙසු තරගවලදී ජයග්‍රහණ වාර්තා කිරීමට කෝල්ට්ස්, රාගම, සී.සී.සී., කුරුණෑගල යොවුන්, මීගමුව, යුද හමුදා, එස්.එස්.සී., මහනුවර රේගු සහ බදුරලිය යන ක්‍රීඩා සමාජ සමත් වූ අතර එම තරගවලදී පිළිවෙලින් ද්‍රවිඩ සංගම්, මුවර්ස්, පොලිස්, ගුවන් හමුදා, ගාල්ල, බී.ආර්.සී., හලාවත මේරියන්ස්, නුගේගොඩ සහ බ්ලූම්ෆීල්ඞ් ක්‍රීඩා සමාජ පරාජයට පත් විය. 

එහිදී එස්.එස්.සී. පිලේ ෂෙවෝන් ඩැනියෙල් (63), ක්‍රිෂාන් සංජුල (51) සහ රනුද සෝමරත්න (නොදැවී 65), ඒස් කැපිටල් පිලේ වනුජ සහන් (51) සහ රවිඳු රණතුංග (89), රාගම පිලේ නිෂාන් මධුෂංක (නොදැවී 51), සී.සී.සී. පිලේ මිනෝද් භානුක (89), බී.ආර්.සී. පිලේ රිසිරි වීරසූරිය (75), යුද හමුදා පිලේ ෂෙහාන් ප්‍රනාන්දු (82), හලාවත මේරියන්ස් පිලේ චමෝද් සඳරු (69), නුගේගොඩ පිලේ තිලකරත්න සම්පත් (64), බදුරලිය පිලේ රනේෂ් සිල්වා (67), බ්ලූම්ෆීල්ඞ් පිලේ හසිත බෝයගොඩ (63) අර්ධ ශතක ලබාගත්හ. 

එම තරගවලදී කෝල්ට්ස් පිලේ කවිෂ්ක අංජුල ලකුණු 25 කට කඩුලු 5 ක්ද, ද්‍රවිඩ සංගම් පිලේ  ශිරාන් ප්‍රනාන්දු ලකුණු 22 කට කඩුලු 5 ක්ද, රාගම පිලේ චමත් ගෝමස් ලකුණු 21 කඩුලු 5 ක්ද බිඳහෙළමින් දක්ෂ පන්දු යැවීම්හි නිරත වූහ. 

 

කොළඹ එන්.සී.සී. ක්‍රීඩාංගණයේදී 
එන්.සී.සී. පිලට කඩුලු 7 ක ජයක් 
ඒස් කැපිටල් පිල ඕවර 37 කදී - සියලු දෙනා දැවී 204   
(තනුක දාබරේ 16, තීරක රණතුංග 25, වනුජ සහන් 51, රවිඳු රණතුංග 89, චාමික ගුණසේකර 64/5, අෂීන් ඩැනියෙල් 33/3) 
එන්.සී.සී. පිල ඕවර 27 කදී - කඩුලු 3 ක් දැවී 207 
(නිරෝෂන් දික්වැල්ල නොදැවී 115, ළහිරු උදාර 22, කමිල් මිෂාර 36, රොෂාන් ජයතිස්ස 54/2) 


කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී 
කෝල්ට්ස් පිලට කඩුලු 3 ක ජයක් 
ද්‍රවිඩ සංගම් පිල - ඕවර 26.3 කදී සියලු දෙනා දැවී 76   
(දසිස් මංචනායක 16, කවිෂ්ක අංජුල 25/5, ධනංජය ලක්ෂාන් 22/3) 
කෝල්ට්ස් පිල - ඕවර 24.1 කදී කඩුලු 7 ක් දැවී 77 
(සංගීත් කුරේ 17, ධනංජය ලක්ෂාන් 18, ශිරාන් ප්‍රනාන්දු 22/5) 


කොළඹ කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී 
රාගම පිලට කඩුලු 6 ක ජයක් 
මුවර්ස් පිල ඕවර 19.4 කදී - සියලු දෙනා දැවී 74  
(සොහාන් ද ලිවේරා 22, චමත් ගෝමස් 21/5, සන්තුෂ් ගුණතිලක 29/4) 
රාගම පිල ඕවර 14.3 කදී - කඩුලු 4 ක් දැවී 77 
(නිෂාන් මධුෂංක නොදැවී 51, ප්‍රවීන් ජයවික්‍රම 01/2) 


තිඹිරිගස්යාය පොලිස් ක්‍රීඩාංගණයේදී 
සී.සී.සී පිලට කඩුලු 5 ක ජයක් 
පොලිස් පිල ඕවර 45.1 කදී - සියලු දෙනා දැවී 163 
(හේෂාන් ධනුෂ්ක 26, චතුරංග ජයතිලක 28, ප්‍රියමාල් පෙරේරා 15, නුවන් ප්‍රදීප් 33, චතුරංග ද සිල්වා 15/3, ලක්ෂාන් සඳකැන් 34/3, වනිඳු හසරංග 37/3) 
සී.සී.සී. පිල ඕවර 32.1 කදී - කඩුලු 5 ක් දැවී 164 
(මිනෝද් භානුක 89, ධනංජය ද සිල්වා 26, වනිඳු හසරංග 19, නලින් ප්‍රියදර්ෂන 44/2) 


කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේදී 
කුරුණෑගල යොවුන් පිලට ලකුණු 24 ක ජයක් 
කුරුණෑගල යොවුන් පිල ඕවර 20 කදී - කඩුලු 9 ක් දැවී 114 
(අමේෂ් තෙන්නකෝන් 23, සනෝජ් දර්ශික 25, නවීන් ප්‍රනාන්දු 23, ලසඳ රුක්මාල් 20/3, ප්‍රවීන් ද සිල්වා 37/2) 
ගුවන් හමුදා පිල ඕවර 17.3 කදී - සියලු දෙනා දැවී 90  
(කවිඳු ජයකොඩි 15, මොවින් අබේසිංහ 25, සමීර සඳමාල් 15/3, චානුක දිල්ෂාන් 11/2, ශිවකුමාර් ටිරොන් 17/2) 


කටුනායක නිදහස් වෙළඳ කලාප ක්‍රීඩාංගණයේදී 
මීගමුව පිලට ලකුණු 19 ක ජයක් 
මීගමුව පිල ඕවර 37.4 කදී - සියලු දෙනා දැවී 135 
(උමේෂ් ලක්ෂාන් 35, මිලින්ද සිරිවර්ධන 15, මාධව වර්ණපුර 27, ජටින් සක්සේනා 22, සහස් අදීෂ 19/4, පසිඳු මධුෂාන් 27/4) 
ගාල්ල පිල ඕවර 40.5 කදී - සියලු දෙනා දැවී 116  
(විශ්ව විජේරත්න 20, ඉරෝෂ් සමරසූරිය 17, තරින්ද ගුරුගේ නොදැවී 26, ඩිල්ෂාන් මුණවීර 27/3, උපුල් ඉන්ද්‍රසිරි 16/2) 


කොළඹ බී.ආර්.සී. ක්‍රීඩාංගණයේදී 
යුද හමුදා පිලට කඩුලු 5 ක ජයක් 
බී.ආර්.සී. පිල ඕවර 50 කදී - කඩුලු 9 ක් දැවී 239 
(ලියෝ ෆ්‍රැන්සිස්කෝ 34, රිසිරි වීරසූරිය 75, භානුක රාජපක්ෂ 17, ලක්ෂාන් ගමගේ 17, මර්වින් අභිනාෂ් 16, උමේෂ්ක මොරායස් නොදැවී 32, සීක්කුගේ ප්‍රසන්න 40/3, ශේහද සොයිසා 52/2) 
යුද හමුදා පිල ඕවර 41.2 කදී - කඩුලු 5 ක් දැවී 241
(ෂෙහාන් ප්‍රනාන්දු 82, දිනේෂ් චන්දිමාල් 32, අසේල ගුණරත්න 48, පැතුම් කුමාර 27, ලක්ෂාන් එදිරිසිංහ 32, දුෂාන් හේමන්ත 50/2, උමේෂ්ක මොරායස් 71/2) 


කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී 
එස්.එස්.සී. පිලට ලකුණු 97 ක ජයක් 
එස්.එස්.සී. පිල - ඕවර 50 කදී කඩුලු 6 දැවී 285
(ධනුෂ්ක ගුණතිලක 19, ෂෙවෝන් ඩැනියෙල් 63, ක්‍රිෂාන් සංජුල 51, නිපුන් ධනංජය 36, රනුද සෝමරත්න නොදැවී 65, චමිඳු වික්‍රමසිංහ 40, පුලින තරංග 61/3) 
හලාවත මේරියන්ස් පිල - ඕවර 41.2 කදී සියලු දෙනා දැවී 188 
(රමේෂ් නිමන්ත 16, කසුන් විදුර 22, චමෝද් සඳරු 69, ඉරුෂ්ක තිමිර 17, කවිඳු නදීෂාන් 58/3, ධනුෂ්ක ගුණතිලක 22/2, ප්‍රභාත් ජයසූරිය 24/2) 


පානදුර ක්‍රීඩාංගණයේදී 
මහනුවර රේගු පිලට කඩුලු 2 ක ජයක් 
නුගේගොඩ පිල ඕවර 34.1 කදී - සියලු දෙනා දැවී 194 
(තිලකරත්න සම්පත් 64, රුමේෂ් බුද්ධික 21, පැතුම් දිල්ෂාන් 16, කෙවින් පෙරේරා 18, රාහුල් ගුණසේකර 24, රනිත ලියනාරච්චි 21, යොහාන් මැද්දගේ 42/3, මිතුන් ජයවික්‍රම 44/3, ඉමේෂ් උදයංග 33/2) 
මහනුවර රේගු පිල ඕවර 41.1 කදී - කඩුලු 8 ක් දැවී 195   
(ඉමාල් ලියනගේ 19, තෙවිඳු දික්වැල්ල 26, සහන් කෝසල 17, ඉමේෂ් උදයංග 33, හසිත නිර්මාල් 24, කසුන් මධුෂංක නොදැවී 26, යොහාන් මැද්දගේ නොදැවී 16, චලන ද සිල්වා 42/3, ළහිරු ගමගේ 17/2, තිලකරත්න සම්පත් 48/2) 


කොළඹ බ්ලූම්ෆීල්ඞ් ක්‍රීඩාංගණයේදී 
බදුරලිය පිලට ලකුණු 5 ක තියුණු ජයක් 
බදුරලිය පිල ඕවර 50 කදී - කඩුලු 8 ක් දැවී 244 
(අලංකාර අසංක 29, රනේෂ් සිල්වා 67, ගිහාන් කෝරලගේ 17, දුනිත් ජයතුංග නොදැවී 39, රොහාන් සංජය 20, සසංක නිර්මාල් නොදැවී 24, ළහිරු මධුෂංක 35/2, තරිඳු ළමාහේවගේ 45/2, චමත් වික්‍රමසිංහ 51/2) 
බ්ලූම්ෆීල්ඞ් පිල ඕවර 50 කදී - කඩුලු 9 ක් දැවී 239 
(සඳුන් වීරක්කොඩි 30, හසිත බෝයගොඩ 63, යොහාන් ද සිල්වා 36, නිපුන් කරුණානායක 29, ළහිරු මධුෂංක 20, මනෙල්කර් ද සිල්වා 27, අනුක් ප්‍රනාන්දු 17/3) 


අදහස් (1)

දික්වැල්ලගේ ශතකය එන්.සී.සී. ජය ඉක්මන් කරයි
  • sanuka dilshan Friday, 05 January 2024 09:08 AM

    කවුද දික්වැල්ලට බෝල දාපු අය...?

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.