
ඩී.ආර්. විජයවර්ධන කුසලාන දිනා ගත් මොහොමඩ් ජුමාඩ්ගේ නායකත්වයෙන් යුත් දැන්වීම් දෙපාර්තමේන්තු කණ්ඩායම ...
සීමාසහිත විජය පුවත්පත් සමාගමේ සේවක සුබසාධක සංගමය සංවිධානය කළ ඩී.ආර්. විජයවර්ධන අභියෝග ශූරතා සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලියේ (2021/2022) පිරිමි ශූරතාව දැන්වීම් දෙපාර්තමේන්තු කණ්ඩායම විසින්ද, කාන්තා ශූරතාව ප්‍රධාන කාර්යාල කණ්ඩායම විසින් ද දිනා ගන්නා ලදී.
දෙදිනක් පුරා මෙම අන්තර් දෙපාර්තමේන්තු සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය කණ්ඩායම් 21කගේ සහභාගිත්වයෙන් නාරාහේන්පිට ‘ශාලිකා පිටියේදී පැවැත්විණි.
පිරිමි අවසන් මහ තරගයේදී හෝකන්දර ‘බී’ කණ්ඩායම පරාජයට පත් කරමින් මෙවරත් ශූරතාව දිනා ගැනීමට දැන්වීම් දෙපාර්තමේන්තු ක්‍රීඩකයෝ සමත් වූහ.
ප්‍රධාන කාර්යාල කණ්ඩායම විසින් දැන්වීම් දෙපාර්තමේන්තු කණ්ඩායම පරාජයට පත් කරමින් කාන්තා කුසලාන දිනා ගන්නා ලදී. තරග මාලාව සඳහා ලංකා බැංකුව, කොමර්ෂල් බැංකුව, සෙලාන් බැංකුව, ජාතික සංවර්ධන (එන්.ඩී.බී.) බැංකුව හා නෙස්ලේ ලංකා (නෙස්ටමෝල්ට්) සමාගම අනුග්‍රහය දැක්වූහ.
![]() |
|
විජය පුවත්පත් සමාගමේ සභාපතිතුමන් අතින් ජයග්‍රාහී දැන්වීම් දෙපාර්තමේන්තු කණ්ඩායමේ නායක මොහොමඩ් ජුනයිඩ් වෙත ඩී.ආර්. විජයවර්ධන කුසලාන පිරිනැමූ අවස්ථාව... |
![]() |
|
පිරිමි අනුශූරතාව ලද හෝකන්දර ‘බී‘ කණ්ඩායම |
![]() |
|
කාන්තා කුසලාන දිනාගත් චතුරිකා සේනාරත්න නායකත්වය දැරූ ප්‍රධාන කාර්යාල කණ්ඩායම |
![]() |
|
දක්ෂතම පන්දු යවන්නාට හිමි සම්මානය දිනාගත් ‘අද’ කණ්ඩායමේ කවිඳු කාරියවසම් ... |
![]() |
|
අවසන් මහ තරගයේ වීරයාට හා දක්ෂතම පිතිකරුවාට හිමි ද්විත්ව සම්මාන දිනා ගත් දැන්වීම් අංශ කණ්ඩායමේ නිලක්ෂ පීරිස්ට මෙහෙයුම් නිලධාරී ජනක රත්නකුමාර මහතා අතින් ශූරතා කුසලාන ප්‍රදානය කළ අවස්ථාව.. |
![]() |
තරගාවලියේ වීරයාට හිමි ශූරතා සම්මානය හෝකන්දර බී කණ්ඩායමේ නුවන් කුමාර සාමාන්‍යාධිකාරී (ලාංඡන) සුජිත් පතිරැන්නැහැ මහතා අතින් ලබාගත් අයුරු.
(ඡායාරූප - මධුසංක රූපසිංහ සහ සුමුදු හේවාපතිරණ)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.