
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මේජර් ලීග් අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ 10 වැනි සතිය යටතේ සිංහල ක්‍රීඩා සමාජය (එස්.එස්.සී.) සහ මහනුවර රේගු ක්‍රිකට් සමාජය අතර එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගයේ පළමු දිනය වූ ඊයේ (24 වැනිදා) ශ්‍රී ලංකා සීමිත ඕවර ජාතික කණ්ඩායමේ හිටපු නායක දසුන් ශානක ශතක පෙනි පෙනී දැවී ගියේය.
එස්.එස්.සී. ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරන දසුන්, එහිදී පන්දු 117 කට මුහුණදෙමින් හයේ පහර 3 ක් සහ හතරේ පහර 9 ක් සමග ලකුණු 96 ක් ලබා සිටියදී දැවී ගියේ මේ වන විට 42 හැවිරිදි වියේ පසුවන වමතින් දඟ පන්දු යවන ක්‍රීඩකයකු වන ගයාන් සිරිසෝමගේ පන්දුවක් හමුවේ ඔහු අතටම උඩ පන්දුවක් ලබා දෙමිනි.
කෙසේ වුවත් එහිදී ශතකයක් ලබාගත් නුවනිඳු ප්‍රනාන්දු (105) සමග එක්ව එස්.එස්.සී. ඉනිමේ 5 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 112 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද දසුන් සමත් විය. පන්දු 141 කදී ලබාගත් නුවනිඳුගේ ශතකය හයේ පහරකින් සහ හතරේ පහර 14 කින් සමන්විත විය.
නුවනිඳුට අමතරව ඊයේ ආරම්භ වූ සෙසු තරගවල පළමු දිනයේදී ශතක ලබාගැනීමට රාගම ක්‍රීඩා සමාජයේ නිෂාන් මධුෂංක (101) සහ බී.ආර්.සී. ක්‍රීඩා සමාජයේ දුෂාන් හේමන්තද (102) සමත් වූ අතර ගාල්ල ක්‍රීඩා සමාජයේ ඕෂධ ප්‍රනාන්දු දිනය අවසානයේ ලකුණු 92 ක් ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියේය.
එම තරගවල පළමු දිනයේදී සී.සී.සී. ක්‍රීඩා සමාජ කණ්ඩායමේ නායක අෂාන් ප්‍රියංජන්, පානදුර ක්‍රීඩා සමාජයේ රජීව වීරසිංහ, බදුරලිය ක්‍රීඩා සමාජයේ පර්වීස් රසූල්, පොලිස් ක්‍රීඩා සමාජයේ මාලින්ද පුෂ්පකුමාර, බ්ලූම්ෆීල්ඞ් ක්‍රීඩා සමාජයේ සහන් නානායක්කාර සහ එන්.සී.සී. ක්‍රීඩා සමාජයේ අෂීන් ඩැනියෙල් කඩුලු 5 කට වැඩියෙන් දවාගැනීමට සමත් වූහ.
කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී
රාගම - සියලු දෙනා දැවී 194
(නිෂාන් මධුෂංක 101, ජනිත් ලියනගේ 47, අවිෂ්ක තරිඳු 26, අෂාන් ප්‍රියන්ජන් 45/5, අසිත ප්‍රනාන්දු 42/3, විෂ්ව ප්‍රනාන්දු 26/2)
සී.සී.සී. - කිසිවකු නොදැවී 04
කොළඹ බී.ආර්.සී. ක්‍රීඩාංගණයේදී
බී.ආර්.සී. - කඩුලු 9 ක් දැවී 356
(අභිෂේක් රාමන් 35, රිසිර වීරසූරිය 35, දුෂාන් හේමන්ත 102, දුලාෂ් උදයංග 51, ලක්ෂාන් ගමගේ 22, නිම්නද මධුෂංක 28, දුවිඳු තිලකරත්න නොදැවී 29, රජීව් වීරසිංහ 92/5, විෂ්ව ළහිරු 68/2)
කොළඹ කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී
මීගමුව - සියලු දෙනා දැවී 147
(ජතින් සක්සේනා 80, මාදව වර්ණපුර 19, උදිත් මධුෂාන් 24/4, අකිල ධනංජය 20/3, කවිෂ්ක අංජුල 41/2)
කොල්ට්ස් - කඩුලු 3 ක් දැවී 74
(සංගීත් කුරේ නොදැවී 40)
කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී
එස්.එස්.සී. - කඩුලු 8 ක් දැවී 394
(අවිෂ්ක ප්‍රනාන්දු 27, ෂෙවොන් ඩැනියෙල් 21, කුසල් මෙන්ඩිස් 45, නුවනිඳු ප්‍රනාන්දු 105, දසුන් ශානක 96, මනෝජ් සරත්චන්ද්‍ර 54, චමිඳු වික්‍රමසිංහ 23, ලක්ෂිත මනසිංහ නොදැවී 18, ගයාන් සිරිසෝම 104/4, 86/3)
ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී
ගාල්ල - කඩුලු 3 ක් දැවි 191
(ඕෂධ ප්‍රානාන්දු නොදැවී 92, ශාලිත ප්‍රනාන්දු නොදැවී 55, 34/2)
කටුනායක නිදහස් වෙළෙඳ කළාප ක්‍රීඩාංගණයේදී
ටැමිල් යුනියන් - සියලු දෙනා දැවී 124
(නවෝද් පරණවිතාන 25, කමේෂ් නිර්මාල් 16, ධනංජය ද සිල්වා නොදැවී 55, වනුජ සහන් 58/6, රොෂාන් ජයතිස්ස 58/4)
ඒස් කැපිටල් - කඩුලු 7 ක් දැවී 103
(තනුක දාබරේ 19, කවිඳු ආමන්ත 20, රවිඳු රත්නායක 19, සිතාර ගිම්හාන 16, හර්ෂ කුරේ නොදැවී 16)
මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදී
බ්ලූම්ෆීල්ඞ් - සියලු දෙනා දැවී 120
(හස්නේන් බොඛාරි 59, අදීෂ තිලංචන නොදැවී 17)
බදුරලිය - කඩුලු 8 ක් දැවී 120
(ප්‍රවීන් රසූල් 24, මදුරංග සොයිසා නොදැවී 44, රොහාන් සංජය නොදැවී 30, සහන් නායානයක්කාර 49/5)
මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී
සෙබස්තියනයිට්ස් - කඩුල්ලක් දැවී 68
(ලොහාන් ද සොයිසා නොදැවී 19, අදීෂ නානායක්කාර 29, වනිඳු විතානගේ නොදැවී 17)
කටුනායක ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී
ගුවන් හමුදාව - සියලු දෙනා දැවී 153
(රොස්කො තටීල් 63, මොවින් සුබසිංහ 21, මධුෂංක ප්‍රේමරත්න 23, අෂීන් ඩැනියෙල් 51/5, ලසිත් ඇඹුල්දෙණිය 72/4)
එන්.සී.සී. - කඩුලු 7 ක් දැවී 193
(ළහිරු උදාර 53, කමිල් මිෂාර නොදැවී 61, සහන් ආරච්චිගේ 29, මොවින් සුබසිංහ 52/2, රොස්කො තටීල් 22/2)
කොළඹ මුවර්ස් ක්‍රීඩාංගණයේදී
මුවර්ස් - කඩුලු 8 ක් දැවී 120
(ජනිෂ්ක පෙරේරා 52, සොහාන් ද ලිවේරා 49, මාලින්ද පුෂ්පකුමාර 58/5)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.