Last Update  :  2024-04-29 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දඹුල්ලට ලකුණු 385 ක ඉලක්කයක්
ජාතික සුපිරි ලීගය - 2024

දඹුල්ලට ලකුණු 385 ක ඉලක්කයක්

editorial - 2024 අප්‍රේ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

දෙවැනි ඉනිමේදී ලකුණු 03 ක් ඇතුළත කඩුලු දෙකක්ම බිඳ වැටුණ නමුත් දඹුල්ල ක්‍රීඩකයෝ මහනුවර පන්දු යවන්නන් හමුවේ ලකුණු 385 ක ඉලක්කයක් කරා යමින් සිටිති. රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ජාතික සුපිරි ලීග් (සිව්දින) තරගාවලියේ තරගයක තුන්වැනි දිනය වූ අද (06 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට දඹුල්ල පිතිකරුවෝ සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 3 ක් දැවී ලකුණු 128 ක් ලබා සිටියහ. 

මෙම තරගය පිතිකරුන්ගේ මෙන්ම පන්දු යවන්නන්ගේත් සාමාන්‍ය දක්‍ෂතා දැක්වුණු තරගයක් විය. මහනුවර නායක අහන් වික්‍රමසිංහ හැරෙන්නට සාර්ථක වූ වෙනත් පිතිකරුවකු වූයේ නම් මහනුවර පිලේම රවීන් යසස් (83) පමණි. එහෙත් දෙදෙනාටම එය ශතකයක් කිරීමට නොහැකි වීම මත දඹුල්ල ක්‍රීඩකයන්ට තරගයේ වාසිය අත්කරගැනීමේ අවස්ථාව තිබේ. 


මහනුවර - පළමු ඉනිම 276 යි
(සිතාර ගිම්හාන් 17, කමිල් මිෂාර 34, රවීන් යසස් 13, අහන් වික්‍රමසිංහ 64, වනුජ සහන් 31, රොෂාන් ජයතිස්ස 50, ලසිත් ඇඹුල්දෙණිය 16, නිම්සර අතරගල්ල 23, මොහොමඞ් ශිරාස් 53/2, මුර්වින් අබිනාශ් 36/2, ලක්ෂාන් ගමගේ 19/3)

දඹුල්ල - පළමු ඉනිම 207 යි
(මිනෝද් භානුක 17, රිසිර වීරසූරිය 42, ලක්ෂාන් ගමගේ 14, පවන් රත්නායක 39, සොනාල් දිනූෂ 33, දුෂාන් හේමන්ත නොදැවී 21, සිතුම් දිසානායක 43/3, නිම්සර අතරගල්ල 53/3, රොෂාන් ජයතිස්ස 36/2)

මහනුවර - දෙවැනි ඉනිම 315 යි
(සිතාර ගිම්හාන් 58, සහන් කෝසල 22, කමිල් මිෂාර 46, රවීන් යසස් 83, අහන් වික්‍රමසිංහ 45, වනුජ සහන් 14, නිම්සර අතරගල්ල 12, ලසිත් ඇඹුල්දෙණිය 16, මොහොමඞ් ශිරාස් 50, මුර්වින් අබිනාශ් 90/2, සොනාල් දිනූෂ 50/4)

දඹුල්ල - දෙවැනි ඉනිම කඩුලු 3 ට 128 යි
(මිනෝද් භානුක 25, සනෝජ් දර්ශික 53, රිසිර වීරසූරිය 30, රොෂාන් ජයතිස්ස 28/3) 


අදහස් (0)

දඹුල්ලට ලකුණු 385 ක ඉලක්කයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.