Last Update  :  2024-04-27 10:51:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දඹුල්ලට කඩුලු 2 තියුණු ජයක්
ජාතික සුපිරි ලීගය - 2024

දඹුල්ලට කඩුලු 2 තියුණු ජයක්

editorial - 2024 මාර් මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ජාතික සුපිරි ලීග එක්දින තරගාවලියේ දඹුල්ල කණ්ඩායම සහ යාපනය කණ්ඩායම අතර ඊයේ (6 වැනිදා) හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් කඩුලු 2 ක ජයක් වාර්තා කිරීමට දඹුල්ල කණ්ඩායම සමත් විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 219 ක ඉලක්කයක් හඹාගිය දඹුල්ල ක්‍රීඩකයෝ ඕවර 47.1 ක් අවසානයේ කඩුලු 8 ක් දැවී ඉලක්කය පසුකර ගියහ. ඉවසිලිවන්ත පිතිහරඹයක නිරත වූ පවන් රත්නායක පන්දු 57 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමග නොදැවී ලකුණු 56 ක් රැස්කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය. 

හයවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 118 කදී ලකුණු 81 ක සම්බන්ධතාවක් ගොඩනැගූ සොනාල් දිනූෂ (44) සහ දුෂාන් හේමන්ත (38) දඹුල්ල කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා මනා දායකත්වයක් දැක්වූහ. පන්දු 66 කදී වාර්තා වූ දිනූෂගේ ඉනිම හතරේ පහරකින්ද, පන්දු 68 කදී වාර්තා වූ හේමන්තගේ ඉනිම හතරේ පහර 3 කින්ද සමන්විත විය. 

පළමුවෙන් පන්දුවට පහරදුන් යාපනය කණ්ඩායමට ඕවර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 218 ක් පමණි. මහනුවර ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ නිපුන් කරුණානායක පන්දු 104 කට මුහුණදෙමින් හයේ පහරක් සහ හතරේ පහර 9 ක් සමග ලකුණු 83 ක් රැස්කළේය. 

ලකුණු 19 කට කඩුලු 2 ක් බිඳවැටී තිබියදී නිෂාන් මධුෂ්ක (28) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 105 කදී ලකුණු 72 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද නිපුන් සමත් විය. අවසන් ඕවර කිහිපයේදී සන්තුෂ් ගුණතිලක (28) සහ රවිඳු ප්‍රනාන්දු (22) එක්ව 7 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 62 කදී ලකුණු 52 ක සම්බන්ධතාවක් ගොඩනැගූහ. 

යාපනය පිල - ඕවර 50 කදී සියලු දෙනා දැවී 218 
(නිෂාන් මදුෂ්ක 28, නිපුන් කරුණානායක 83, සන්තුෂ් ගුණතිලක 28, රවිඳු ප්‍රනාන්දු 22, මොහොමඩ් සිරාජ් 21/2, දුෂාන් හේමන්ත 41/2) 

දඹුල්ල පිල - ඕවර 47.1 කදී කඩුලු 8 ක් දැවී 219 
(ලසිත් කෲස්පුල්ලේ 30, සනෝජ් දර්ෂික 18, පවන් රත්නායක නොදැවී 56, සොනොල් දිනූෂ 44, දුෂාන් හේමන්ත 38, දිලුම් සුදීර 33/2, ඒෂාන් මාලිංග 51/2) 

 


අදහස් (0)

දඹුල්ලට කඩුලු 2 තියුණු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.