Last Update  :  2024-04-28 22:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දඹුල්ල පිලට මුල් ඉනිමේ ජයක්
ජාතික සුපිරි ලීගය - 2024

දඹුල්ල පිලට මුල් ඉනිමේ ජයක්

editorial - 2024 පෙබ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ජාතික සුපිරි ලීග සිවුදින ක්‍රිකට් තරගාවලියේ යාපනය කණ්ඩායම සහ දඹුල්ල කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති සිවුදින තරගය ඊයේ (19 වැනිදා) ජය පැරදුමකින් තොරව නිමාවට පත් විය. එහිදී මුල් ඉනිමේ ජයක් ලැබීමට දඹුල්ල ක්‍රීඩකයෝ සමත් වූහ. 

තරගය නිමාවට පත්වන විට දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි දඹුල්ල කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලකුණු 220 ක් ලබා සිටි අතර ඒ වන විට කඩුල්ලේ රැදී සිටි සොනාල් දිනූෂ හතරේ පහර 7 ක් සමග නොදැවී ලකුණු 51 ක් ලබා සිටියේය. රිසිර වීරසිංහ හතරේ පහර 14 ක් සමග ලකුණු 94 ක් ලබා සිටියදී දුවද්දී දැවී යෑමකට හසුවිය. 

තෙවැනි දිනය සඳහා තරගය නතර කරන විට කඩුලු 8 ක් දැවී ලකුණු 274 ක් ලබා සිටි යාපනය කණ්ඩායමට ඊයේ දිනයේදී සිය පළමු ඉනිමට එක්කරගත හැකි වූයේ තවත් ලකුණු 92 ක් පමණි. එහිදී ළහිරු මධුෂංක හයේ පහරක් සහ හතරේ පහර 8 ක් සමග ලකුණු 66 ක් රැස්කළේය. 

දඹුල්ල පළමු ඉනිම - කඩුලු 8 ක් දැවී 619 
(ලියෝ ෆ්‍රැන්සිස්කෝ 35, සනෝජ් දර්ෂික 40, මිනෝද් භානුක 47, පවන් රත්නායක 240, සොනාල් දිනූෂ 69, චමිඳු වික්‍රමසිංහ 130, මර්වින් අබිෂාන් නොදැවී 17, ජනිත් ජයනගේ 65/2, ළහිරු මධුෂංක 79/2, රවිඳු ප්‍රනාන්දු 121/2, ශෂික දුල්ෂාන් 163/2) 

යාපනය පළමු ඉනිම - සියලු දෙනා දැවී 366 
(නිෂාන් මධුෂංක 24, රොන් චන්ද්‍රගුප්ත 110, ජනිත් ලියනගේ 73, ළහිරු මධුෂංක 66, ශෂික දුල්ෂාන් 17, කවිඳු පතිරත්න නොදැවී 27, දුෂාන් හේමන්ත 113/4, මොහොමඩ් සිරාස් 45/2) 

දඹුල්ල දෙවැනි ඉනිම - කඩුලු 5 ක් දැවී 220 
(සනෝජ් දර්ෂික 16, රිසිර වීරසූරිය 94, මිනෝද් භානුක 15, පවන් රත්නායක 40, සොනාල් දිනූෂ නොදැවී 51, ශෂික දුල්ෂාන් 92/2) 

 


අදහස් (0)

දඹුල්ල පිලට මුල් ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.