
(දමින්ද විජේසූරිය)
ඇන්ජලෝ මැතිව්ස් (146) සහ පවන් රත්නායක (130) එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ දැවැන්ත සම්බන්ධතාව මත සිටිමින් කොළඹ පන්දු යවන්නන්ට තැලූ දඹුල්ල පිතිකරුවෝ පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් තරගයේදී සිය මුල් ඉනිම වෙනුවෙන් ලකුණු 530 ක් රැස්කර ගත්හ. තරගයේ දෙවැනි දිනය වූ අද (26 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට කොළඹ ක්‍රීඩකයෝ සිය මුල් ඉනිම වෙනුවෙන් කඩුල්ලක් දැවී ලකුණු 98 ක් රැස්කරගෙන සිටියහ.
පිතිකරුවන්ට පාරාදීසයක් වූ පල්ලෙකැළේ තණතීරුවේදී ශතක තුනක් ලබාගැනීමට දඹුල්ල ක්‍රීඩකයෝ සමත් වූහ. ඔවුන් අතුරින් නායක කමිඳු මෙන්ඩිස් (115) සහ ලියෝ ෆ්‍රැන්සිස්කෝ (87) එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 194 ක සම්බන්ධතාවක් පැවැත්වූහ. මෙන්ඩිස් දැවී යාමෙන් පසුව පන්දු යවන්නන් ගල ග්‍රහයෙන් ගත් ශ්‍රී ලංකා පිලේ හිටපු නායකයා (146) සහ පවන් රත්නායක (130) සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 253 ක දැවැන්ත සම්බන්ධතාවක් ගොඩනැංවූහ.
දඹුල්ල පළමු ඉනිම - 530 යි
(ලියෝ ෆ්‍රැන්සිස්කෝ 87, කමිඳු මෙන්ඩිස් 115, ඇන්ජලෝ මැතිව්ස් 146, පවන් රත්නායක 130, චමිඳු විජේසිංහ නොදැවී 11, විශ්ව ප්‍රනාන්දු 18, දේව් විජේසුරේන්ද්‍ර 69/3, ලක්ෂිත මනසිංහ 129/3, ප්‍රභාත් ජයසූරිය 103/2)
කොළඹ පළමු ඉනිම - කඩුලු 1 ක් දැවී 98 යි
(දිමුත් කරුණාරත්න නොදැවී 42, ෂෙවොන් ඩැනියෙල් 23, කුසල් මෙන්ඩිස් නොදැවී 29)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.